චන්ද්‍රිකා ගැන හැමෝම දන්නවනේ. දළ වශයෙන් කිමි 35,000 විතර උඩ තමා මේව තියෙන්නේ.මිනිසා විසින් හදලා උඩ යවන ගොඩක් වටින දේවල් තියෙන පෘතුවියේ ගුරුත්වයෙන් මිදිල නිදහසේ අහසේ නිශ්චිත කක්ශයක තමා මේ චන්ද්‍රිකා තියෙන්නේ… හරියටම කියනවා නම් අපේ ලන්කාවට එක එල්ලේ උඩින් තියන Express 2A 80E සැටලියිට් එකට දුර 35,859.06 කිමි වෙනවා.

01. The basic

02. Sat වලින් ගන්න පුළුවන් වැඩ .

03. වැඩි දෙනෙක්ට ඕනේ TV සහ Internetනිසා ඒක ගැන ටිකක් වැඩි පුර කතා කරනවා ..

          චන්ද්‍රික රූපවාහිනී ක්‍රියාත්මක වෙන්නේ                 කොහොමද.

          චන්ද්‍රිකා හා බැඳුනු මිත්‍යා මත .

          එන චැනල් මොනවද .

          Footprints කියන්නේ මොකක්ද ..

         අවශ්‍ය කරන උපකරණ මොනවද , තමන්ට        ගැලපෙනම දේ තෝරාගන්නේ කොහොමද ..

         නිවැරදි ආකාරයට Azimuth, elevation අනුව   චන්ද්‍රිකාවකට දිශා ගත කරන විදිහ ..

         Data Scramble කරන විදිහ …

         Unscramble කරන්න පාවිච්චි කරන ක්‍රම …

         ඒ සදහා විශේෂිතව හදපු උපකරණ මොනවද ..

         Pay TV  EMM keys පාවිච්චි කරලා ගන්න විදිහ 

         Encryption keys ගණනය කරන ක්‍රම ….

         Encrypted data stream එකක් ගන්න විදිහ .

         Getting Internet..

         Mobile Internet

චන්ද්‍රිකා තාක්ශනය….මූලික හැදින්වීම….

ප්‍රදාන වශයෙන් සැටලයිට් කොටස් දෙකකට බෙදනව.

1.Geostationary satellites

2.Non – orbital satellites

——Geostationary satellites——

මේ චන්ද්‍රිකා වලින් තමා අපි එදිනෙදා ජීවිතේපනිවිඩ හුවමාරු කරගන්න භවිතා කරන්නේ.රූපවාහිනී වැඩසටහන් , අන්තර්ජාල සේවා වගේ…

මේවට ඒ නම ලැබිලා තියෙන්නේ පෘතුවියට සාපෙක්ශව නිශ්චලව තිබෙනවා වගේ පෙනෙන නිසා.ඒත් ඇත්තටම පැ.සැ. 6,872 වේගයකින් මේවා පෘතුවිය වටේට කැරකවෙමින් තියෙන්නේ…

පෘතුවියේ ඉදලා 36,000කිමි විතර දුරකින් පැ.කි.මි 10,995 විතර වේගෙකින් දෙයක් යවන්න පුලුවන්නම් සදාකාලිකවම ඒක පෘතුවිය වටේට යවන්න පුලුවන් . ඒ කිව්වේ ඒක හැමදාම ලෝකේ වටේ කැරකි කැරකි තියෙනවා…ඔය දේවල් A ලෙවල් ‍ෆිසික්ස් කරපු අය නම් දන්නව ඇති, එත් මන් කිව්වෙ නොදන්න අයට.

—–Non- orbital satellites—–

මේ චන්ද්‍රිකා තමා කාලගුන තොරතුරු යුදමය කටයුතු වලටම යවන විශේශිත ඒව.. 

මොකද  කියනවනම් මේවට පුලුවන් අවශ්‍ය  විදිහට තමන් ඉන්න තැන වෙනස් කරගන්න.තැනින් තැනට ගිහින්  ඔත්තු  එහෙම බලල  ඉක්මනට වෙන තැනකට යන්න  පුලුවන් මෙයාලට තව සිතියම් ගත කිරීම්, කනිජ සම්පත් සෙවීමේ කටයුතු,විශේශිත පනිවිඩ සන්නිවෙදන කටයුතු එහෙමත්  කරනවා..ඒ කිව්වේ හිතන්න ඇමෙරිකාවට ඕනේ උනා කියලා ඇෆ්ගනිස්තානේ එයලගේ හමුදවට රහසිගත තොරතුරක් දෙන්න, ඒ වගෙ වෙලාවට කරන්නේ ඇෆ්ගනිස්තානේ කිට්‍ටුවට මෙයාලව යවල ඕනේ පනිවිඩේ රහසිගතව යවනව..එහෙම දෙයක් වෙද්දි වෙන කෙනෙක් දන්නේ නැ…ඔක්කොම වැඩේ උඩ වෙනව…තව කියනව අදි බලැති ලේසර් යවන්න පුලුවන් වගේ එවත් තියෙනවලු.. ඒත් මම නම් දන්නෙ නෑ  ඇ ත්ත නැත්ත..

(ඒත් කාලගුන කටයුතු වගෙ දේවල් වලට කලින් ජාතියේ චන්ද්‍රිකාත් ගන්නවා )

මේ බොහොම මුල, ඉස්සරහට අපි ටික ටික ගැබුරටම යමු….

ගොඩාක් දෙනා මට තේරෙන විදිහට ආසයි සැටලයිට් චැනල් ගන්න.

මම මුල් බේසික් දැනුමක් දීල ඒව කියන්නම්… මොකද තව දේවල් ටිකක් තියෙනවා හරියට ඔලුවට දා දාගන්න ඕනේ…නැත්නම් බැරි වෙනවා තනියම සැටලයිට් එකකට සැටලයිට් ඇන්ටෙනාවක් දිශා ගත කරගෙන සිග්නල් එකක් උපරිම ප්‍රබල තාවයෙන් ගන්න.. හිතන්න කිමි 36,000 විතර ඇතින් තීයෙන දේකට යමක් ඉලක්ක කරන කොට එක අන්ශකයක වෙනසකින් මොන තරම් වෙනසක් වෙනවද කියලා.

කලින් පැහැදිලි කලේ  සැටලියිට් එකක් අහසේ තියෙන හැටි ගැන.

(කොහොමද ඒක පොලොවට කඩා වැටෙන්නැතුව තියෙන්නෙ කියල. මුලින් මන් කිව්වේ සැටලයිට් එකක් අපේ පෘතුවිය වටේ ගමන් කරන වේගය ගැන,ඒ වේගය වැඩි උනොත් වෙන්නෙ ඒක පෘතුවියෙන් එහාට විසි වෙලා යනව,අඩු උනොත් වෙන්නේ එක පොලොවට කඩා වැටෙනවා.

කලින් තිබුනු රුසියාවට අයත් මීර් අභවකාශ මධස්ථානයපොලොවට කඩා වැට්‍ටුවේ එහෙමයි. .එහෙම වැටෙද්දි තත්පර කීපයකදිම පැ.කි.මී ලක්ශයක විතර වේගයක් ඒවට එනව ගමන පටන් ගත්තෙම 10,900 පැ.කි.මී පමන වේගයකින් නිසා.

ඒක පෘතුවි වාසීන්ට අනතුරක් හින්ද හිතු මතේ කාටවත් මේ දේවල් කරන්න දෙන්නේ නැ.මේව කරන්න අන්තර්ජාතිකව පිහි‍ටුව ගත්තු සම්ගම් හරහා තමා නියමිත ගනනයකිරීම් කරලා අවසරය දෙන්නෙ කාටහරි යමක් උඩු ගුවනට යවන්න ඕන උනොත්.

දැන් අපේ වැඩේට ඔන වෙන තැනට එමු.දැන් හැමොම දන්නවනේ මේව තියෙන්නේ ගොඩාක් දුර අහසේ කියල ඒත් වැඩගත්ම දේ තමා අර වගේ අමාරු දේවල් ටිකක් කරලා අභාවකාශයට යවපු සැටලයිට් එක අහසෙ රදවන්නේ කොතනද කියන එක.

 අනික උඩ බැලුවම

හඳ පේනවා වගේ අන්න මගේ සැටලයිට් එක කියල පේන්නෙත් නෑ කොටි ගානක් තරු අස්සේ.මොකද හඳ එක්ක බලද්දි සැටලයිට් ගොඩක් පුන්චිනේ අපි හදන.

දැන් මේක යවන්නෙත් සාමාන්‍ය  ජනතාවට සේවා ලබා දෙන්නනෙ, නැත්නම් ටිකක් සන්කීර්න ගනිත සමීකරන වලින් හොයා ගන්න පුලුවන්#1. ඉතින් ඒකට කරපු විසදුම තමා සමකයට ඉහලින් හැම සැටලයිට්එකක්ම පිහිටවමු කියන එක…ඔතොකොට නම් සමකය ලගට ගිහින් උඩ බලපු ගමන් නොපෙනුනත් දන්නව මෙතන ඉදන් උඩ බලපු ගමන් මගේ සැටලයිට් එක තියෙන බව.

දැන් අපි එමු මෙච්චර කල් හැමොම අහපු දේ ගැන, ගේම පටන් ගන්නේ කවද්ද කියලනේ හැමොම අහුවේ. ඒත් අර වගේ මුල් අවබෝදයක් නැතිව ගේම පටන් ගත්තොත් වෙන්නේ ටිකක් ඉස්සරහදි මන් කියන ඒව නොතේරී යන එක.. ඒක නිසා තමන් දැනටම දැනගෙන හිටියත් ඒව බලන්න ටිකක් අවදානෙන්, අනික මේක මුල ඉන්දලම අකුරක් නෑර ඉගෙන ගන්න ආස අයත් ඉන්නව … අනික  ඇතිවෙන ඕනම ගැටලුවක් මගෙන් පුද්ගලිකව හො මෙතනදි අහන්න… උත්තර දෙන්නම්…

දැන් අර කලින් කිව්ව විදිහට එක පෙලට අපි උඩු අහසට යවපු සැටලයිට් ටික තියනව සමකය දිගේ.

ඇමෙරිකාවෙන් යවපු සැටලයිට් එකක් තියෙනව කියන්න එයාලගෙ රටට උඩින් සමකයට හරි කෙලින් ඔතොකොට ඇමෙරිකාවේ ඉන්න කෙනෙකුට හරිටම උඩ බැලුව ගමන් ඒක හදුන ගන්න පුලුවන්.ඒකට තවත් ලේසි වෙන්න හරියටම සැටලයිට් එක තියෙන තැන අහසේ දේශාණ්ශකය සලකුනු කලා.ඔතොකොට අදාල දේශාන්ශය තියෙන තැන අහසේ ඉහලින් සැටලයිට් එක තියෙන බව හොය ගන්න පුලුවන්.මේ විදිහට දැනට උඩු ගුවනට යවලා තියෙන හැම සැටලයිට් එකේම දේශාන්ශය නියමිත විදිහට ලකුනු කරලයි තියෙන්නේ.මෙතන පේන විදිහට සැටලයිට් 900 විතර තොරතුරු අවශ්ය වෙලාවේදි ගන්න පුලුවන් මේ වෙනකොට.මම දැනට මේ දාල තියෙන්නේ උදාහරනයක් සදහා විතරයි.ඉදිරියේදි අපි මේ 900න් අඩුම තරමේ 40 කින් වත් එන සිග්නල් ගන්න මට්ටමට එමු ….

මේක හොදට බලන්න ,පේනව නේද අන්ශක වලින් ලකුනු කරල තියෙන විදිහ? සමහර ඒව අන්ශක 0.5/ 0.2 වගේ ඉතාම ලගින් තමා තියෙන්නේ. ඒකට හේතුව තමා මේ මුලු සැටලයිට් 900 යම සමකය වටේට පිහි‍ටුවා ගන්න ඕන.

වෙන හින්දා ඉඩ හදා ගන්න හැම කෙනාගෙම සැටලයිට් එකට. ඉතින් දැන් අපි නොදන්න ලොකු යුද්දෙකුත් තියෙනවා මේ ඉඩ ප්‍රස්නෙ ගැන… කෙනෙක් කියන්න පුලුවන් සමකය වටේට උනත් මහා ඉඩක් හැදෙනව නේද අහසෙදි කියල,පෘතුවියේ පරිදිය එච්චර උඩ අහසෙදි කි.මී කෝටි ගානක් වෙන හින්ද! ඔව් ඒක අත්ත තමා. ඒත් මොකක්ද අවුල, පෘතුවියේදි ඔය ඉඩ එන්නේ නිකන්ම නිකන් අන්ශක 360 ඇතුලට… ඒ කියන්නේ එක අන්ශකයකින් කි.මීටර් ලක්ශ ගානක් තීරනය වෙනවා. ඉතින් දැන් තේරෙනව නේද පොඩි වරදකින් කිලෝ මීටර ලක්ශ ගානකින් එහා මෙහා වෙන බව.( තව පැහැදිලි කිරීම් අවශ්‍ය  නම් කියන්න )

දැන් අපි දන්නවා කොහොමද සැටලයිට් එකක් ස්තානගත වෙලා තියෙන්නෙ අහසේ නියමිත පරිදි කියලා. සරලව ඒක තියෙන තැනට පහල ඉන්න කෙනෙකුට වැඩි කරදරයකින් තොරව ඒකේ සිග්නල් ගන්න පුලුවන්..හිතමු අපිට Astra 1D සැටලයිට් එකේ සිග්නල් ගන්න ඕනේ කියලා, ඒ දෙශාන්ශකය( 2E*) තියෙන තැනට ගිහින් සැටලයිට් ඇන්ටෙනාවක් කෙලින්ම උඩට හරවන්න.

තත්පර කීපකෙන් ඔයාලට අවශ්‍ය සිග්නල් ලැබෙන්න පටන් ගනීවි.අපි හිතමු ඔයා ඉන්නේ සැටලයිට් එක තියෙන දේශාන්ශකයට අන්ශක 5ක් නැගෙනහිරින් කියල කියලා, දැන් කරන්න ඕනේ තමන්ගේ ඇන්ටෙනාව ටිකාක් නැගෙනහිර පැත්තට හරවන එක. දැන් තෙරෙනව නේද යම් මට්ටමකට ඇන්ටෙනාවක් චන්ද්‍රිකාවකට ඉලක්ක කරන හැටි? ඉස්සරහට තව වැඩි විස්තර කතා කරමු..

Advertisements

01.Californium: කැලෆෝනියම්

ග්‍රෑම් එකක් ඇ:ඩො:මිලියන 27 කි

Curium නම් වු රසායනික සංඝටකයක් දිගින් දිගටම පරීක්ෂණ වලට භාජනය කිරීමෙන් කෘතිමව නිපදවු අතුරුඵලයක් වන Californium දැනට ලොව ඇති වටිනාම මූල ද්‍රව්‍ය වේ.විකිරණශීලි මූල ද්‍රව්‍යක් වනමෙහි සමස්ථානික 10 ක් පවතින අතර එයින් සමහරක් විවිධ පිළිකා සුව කිරීම සදහා යොදා ගනු ලබයි.තවද ලෝහ සහිත පස්වල රත්‍රන් හා රිදී සොයා ගැනීමට ද මෙය භාවිතා කරයි.ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේදී 1950 දී කෘතිමව නිපද වුවද සුපර්නෝවා පිපිරුම් වලින් තාරකා විනාශවීමේදි Californium බිහිවීමට හැකි බව විද්‍යාඥයෝ පවසති.

02.Diamonds :දියමන්ති

ග්‍රෑම් එකක් ඇ:ඩො:210.000කි


ලොව ඝනත්වයෙන් වැඩිම අමුද්‍රව්‍ය ලෙස සැලකෙන දියමන්ති වල වටිනාකම මනිනු ලබන්නේ Four “C” “S” මිනුම් න්‍රම වේදයනි. Clearity-පැහැදිලි බව, Colour -වර්ණය, Cut-කපන ලද හැඩය, Carats-දියමන්තියේ බර(කැරට් අගය)අනුව දියමන්ති වල වටිනාකම තීරණය වේ.දියමන්තිය යනු වසර මිලියන ගණනක් තිස්සේ භූගෝලීය උණුසුම හා පීඩනයට හසුව සකස් වු ඛණිජයක් වන බැවින් මෙය ලොව වටිනාම ඛණිජ ද්‍රව්‍ය ලෙසද සැකසේ.

03.Tritium -ට්‍රීටියම්

ග්‍රෑම් එකක් ඇ:ඩො: -30.000


ඔබගේ අත් ඔර්ලෝසුවෙහි කටු අදුරේදී දිලිසෙයි නම් ඒ ට්‍රීටියම් හි සමස්ථානික මූලද්‍රව්‍යයක් ඒවායේ ආලේප කර ඇති නිසාවෙනි.ජලකර න්‍යෂ්ටික බෝම්බ නිපදවීම සදහා යොදාගනු ලබන ට්‍රීටියම් යනු අතිශයින්ම විකිරණශීලි මූලද්‍රව්‍යකි.මෙය ආඝ්‍රාණය කිරීම හෝ ශරීර ගතවීම භයානක ප්‍රථීපල ගෙන දීමට හැකිය.

04.Plutonium -ප්ලුටෝනියම්

ග්‍රෑම් එකක් ඇ:ඩො: – 10.900


පරමාණුක බෝම්බ හා න්‍යෂ්ටික අවිවල අඩංගු කර ඇති නිසා විකිරණ ශීලි ප්ලුටෝනියම් හට ලැබී ඇත්තේ තරමක් නොමනා ප්‍රසිද්ධියකි.නමුත් මෙය න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක වලින් ඇතුලත් කර ශක්තිය උපදවා ගත හැකි වීම විද්‍යාඥයින්ට ඉමහත් ප්‍රථිපල ලබා දෙන බව කිව යුතුය.අප සෞරග්‍රහ මණ්ඩලයේ සිට වඩාත්ම ඈතට යන Voyager -1 අභ්‍යාවකාශ යානයට බලය සැපයෙන්නේ ප්ලුටෝනියම් බැටරී පද්ධතියක් මගිනි.

05.Red Beryl -රෙඩ් බෙරිල්

ග්‍රෑම් එකක් ඇ:ඩො: – 10.000


Red Beryl ලෙස හැදින්වන්නේ ඇමරිකාවෙන් හමුවුසුවිශේෂී රතු මාණික්‍ය විශේෂයකි.දඅයමන්ති වලට වඩා තරමක් අඩු ගනකමක් ඇති මේවා ආභරණ නිෂ්පාදනයට බොහෝසෙයින් භාවිතා කරනු ලබයි.


06.Helium3 -හීලියම්3

ග්‍රෑම් එකක් ඇ:ඩො: – 2.000


විකිරණ ශීලි ට්‍රිටියම් බිදවැටිමේ අතුරුඵලයක් ලෙස හීලියම් 3ඇති වන අතර එහි ඇති පිරිසිදු න්‍යෂ්ටික ශක්තිය කෙරෙහි විද්‍යාඥයින් වැඩි වැඩියෙන් නැබුරු වෙමින් පවති.කෙසේ වුවත් Helium3 පෘථීවිය මත ස්භාවිකව ඇති වන්නේ ඉතා ස්වල්ප වශයෙන් වීම ගැටළුවකි.නමුත් චන්ද්‍රයාගේ මතු පිට සුර්ය සුලි කුණාටු වලින් ලෙන එනු ලැබු Helium3 බොහෝ ප්‍රමාණයක් ඇතැයි විශ්වාස කෙරේ.



07.Gold -රත්‍රන්

ග්‍රෑම් එකක් ඇ:ඩො: – 55 කි


රත්‍රන්වල වටිනාකම හෝ එමගින් අප සංස්කෘතියට එක් වී ඇති විශ්වාස හා සංස්කෘතිකාංග ගැන අප පැවසිය යුතු නැත.මේ වන විට ලෝකය තුල රත්‍රන් ටොන් 188.800ක් පමණ ගොඩ ගෙන ඇති අතර පොළව තුළ තවත් රත්‍රන් ටොන් 56.000ක් පමණ ඇතැයි විශ්වාස කෙරේ.



08.Platinum -ප්ලැටිනම්

ග්‍රෑම් එකක් ඇ:ඩො: – 51 කි


සක්‍රීයතාවයෙන් ඉතා අඩු මෙම දුබල ලෝහමය බැදීමෙන් ,දුර්වර්ණ වීමෙන් ආරක්ෂා වීමේ ඉහළ හැකියාවකින් සමන්විත වීමත් ඉතා ඉහළ උෂ්ණත්ව වලට ඔරොත්තු දීමත් බොහෝ රසායනික ද්‍රව්‍ය සමග ගැටි නොනැසී පැවතීමේ හැකියාවන් තිබීමත් නිසා වෙද්‍ය උපකරණ නිපදවීමට බහුල සෙල යොදා ගනු ලබයි.නමුත් මෙහි විරලතාව නිසා වසරකට සොයා ගනු ලබන්නේ ටොන් සීයයකටත් අඩු ප්‍රමාණයකි.

Senior Member

sbanurada is a jewel in the roughsbanurada is a jewel in the roughsbanurada is a jewel in the roughsbanurada is a jewel in the roughsbanurada is a jewel in the roughsbanurada is a jewel in the rough



මිනිසාටත් උඩු ගුවනේ පියාසර කළ හැකි බව මුලින් ම පෙන්වා දෙන ලද්දේ රයිට් සහෝදරයන් විසිනි. එසේ වුවත් එයට හරියට ම ශත වර්ෂයකට පසුව නියමුවන් රහිත අනාගත ගුවන් යානා දෙස දැන් අපි බලා සිටින්නෙමු. තාක්‍ෂණය කෙතරම් විස්මිත ලෙසින් මිනිසා ග‍්‍රහණය කරගන්නේ ද යන්නට එය එක් උදාහරණයක් පමණි.මේ වන විට ලෝකය තුළ නියමුවන් රහිත ගුවන් යානා භාවිතය අරුමයක් නොවේ. නියමුවන් රහිත ගුවන් යානා (Uninhabited Aerial Vehicles – UAV)  යුද කටයුතු සඳහා මෙන් ම අනෙකුත් සමාජ සංවිධාන හා සම්බන්ධ කි‍්‍රයාවලීන් සඳහා ද යොදා ගනු ලැබේ. එවැනි ගුවන් යානා බොහෝ විට නියමුවන් රහිතව යවන්නේ ඇතැම් අවස්ථාවල ඇතිවිය හැකි අනතුරුදායක ස්වභාවය හේතු කරගෙනය.මෙවැනි ගුවන් යානා දැනටමත් යුදමය වශයෙන් මැදපෙරදිග රටවල භාවිත කර ඇති අතර, එහිදී සතුරු ඉලක්කයන්ට බෝම්බ හෙළීම,සැක කටයුතු ස්ථාන පොළොව මට්ටමෙන් අඩි දහස් ගණනක උසක සිට ඡායාරූප ගතකිරීම හා මාර්ගවල යනෙන රථවාහන නිරීක්‍ෂණය කිරීම වැනි කටයුතු සඳහා යොදා ගැනේ.සමහර විචාරකයන් පවසන පරිදි, මෙළොව මිනිසුන් සහිතව භාවිතව කරනු ලබන අවසන්ප‍්‍රහාරක ගුවන් යානා විශේෂය අධිතාක්‍ෂණික J – 35 ප‍්‍රහාරක යානා විය හැකිය. තවත් සමහරුන් පවසන්නේ අවම වශයෙන් මෙම නියමුවන් රහිත ගුවන් යානා, රසායනික හෝ ජෛව විද්‍යාත්මක අවි හේතුවෙන් පරිසරයට එකතු වී ඇති අහිතකර රසායනිකයන් පිළිබඳ සෙවීම වැනි අනතුරුදායක කටයුතු සඳහා යෙදවිය හැකි බවයි.

එම වාහන හෝ ගුවන් යානාවල පැවැත්ම පිළිබඳ ගැටලුවක් නොමැති වුවත් නාගරික ප‍්‍රදේශවල භාවිත කිරීමේ දී මහජන ආරක්‍ෂාව, අධික වියදම සහ ප‍්‍රහාරක ගුවන් යානාවලට වඩා වැඩියෙන් අනතුරට ලක්වීමේ ඇති හැකියාව යන කරුණු සම්බන්ධයෙන් ගැටලු පැන නැඟී තිබේ.මෙයට අමතරව මෙම උපකරණ සඳහා ඉතා විශාල දත්ත සම්ප්‍රේශණ පරාසයක් අවශ්‍යය. එනිසා නවීන තාක්‍ෂණය ආධාරයෙන් මෙයට පිළියමක් යොදනතුරු නියමුවන් රහිත වාහන සහ ගුවන් යානාවල භාවිතය යම් තරමක් දුරට සීමා කිරීමට සිදුව ඇත. වැඩිදෙනකු වෙතින් බිය පළ වී ඇත්තේ, මහාමාර්ග හා වාහන තදබද නිරීක්‍ෂණ කටයුතු සඳහා නියමුවන් රහිත ගුවන් යානා යොදා ගැනීමේදී මහජනතාවගේ ආරක්‍ෂාව තහවුරු වනවාද යන්න පිළිබඳවයි.මෙවැනි නියමුවන් රහිත ගුවන් යානා පළමුවෙන්ම භාවිත කරන ලද්දේ වියට්නාම් යුද්ධයේ දී ය.

Vietnam war used drone

එහෙත් එයට වඩා පියවර ගණනාවක් ඉදිරියට යාමට නූතන තාක්‍ෂණය සමත් වී ඇත.ජාලකරණ තාක්‍ෂණය  සහ දත්ත සම්ප්‍රෙෂණ පරාසය පුළුල්වීමත් සමඟ ම මෙම නියමු රහිත ගුවන් යානාවන්ට එකවිට ස්ථාන කිහිපයක් සමග තොරතුරු හුවමාරු කරගැනීමටත්, තමන් සිටින ස්ථානය පිළිබඳව තොරතුරු සැපයීමටත්, ඡායාරූප ලබාදීමටත් හැකියාව ලැබී ඇත. මෙම තාක්‍ෂණික දියුණුව නිසාඔ – 45 වැනි ඉතා නිරවද්‍ය බෝම්බ ප‍්‍රහාර එල්ල කළ හැකි නියමුවන් රහිත යුද ගුවන් යානා නිපදවීමටත් අද ඇතැම් රටවල් සමත්වී ඇත. මෙම යානාවලට අදාළ කාර්යය පිළිබඳ මහ පොළොව මතදී උපදෙස් ලබාදීමට හැකි අතර ගුවන්ගත කර ඇති විටදීත් අවශ්‍ය අවස්ථාවලදීත් එම උපදෙස් වෙනස් කිරීමේ හැකියාව පාලනය කරන්නා සතුව ඇත.ග්ලෝබල් හෝක් වැනි නියමුවන් රහිත ගුවන් යානාවලට වළාකුළු ගහණ අහසක් හෝ වැලි කුණාටුවක් තුළින් විනිවිද ගොස් අවශ්‍ය නිරීක්‍ෂණ කටයුතු සිදු කළ හැකි අතර, අනෙකුත් කුඩා ගුවන් යානාවලට සවිකර ඇති ප‍්‍රබල කැමරා මගින් අඩි දහස් ගණන උසක සිට පොළොව මතුපිට ඇති හෙල්මටයක් හෝ තොප්පියක් වැනි කුඩා වස්තුවක් වුවද ඡායාරූපගත කළ හැකිය. තවද මෙම ගුවන් යානාවන්ට වැඩි කාලයක් ගුවන්ගත වී සිටීමේ හැකියාව ඇත. උදාහරණයක් වශයෙන්ට්දචබ 750 නම් යානයට පැය 48 ක් අඛණ්ඩව ගුවනේ රැඳී සිටිය හැකි අතර අඩි 26,250 ක් උසක් දක්වා ඉහළට ගමන් කළ හැකිය.

High Resolution Camera accept night vision

කැලිෆෝනියා මිදි වගාවට ඉහළ අහසෙ හිම පතනය පිළිබඳ නිරීක්‍ෂණ කටයුතු සිදුකිරීම සඳහා සහ එක්සත් ජනපද වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ලැව්ගිනි පිළිබඳ නිරීක්‍ෂණය කටයුතු මෙහෙයවීම පිණිස අද වන විට මෙබඳු නියමු රහිත ගුවන් යානා යොදාගනු ලැබ ඇත. ඕස්ටේ‍්‍රලියාව වැනි රටවල් අනවසර සංක‍්‍රමණිකයන් සහ මත්ද්‍රව්‍ය ගෙන්වන්නන් සම්බන්ධ නිරීක්‍ෂණ කටයුතු සඳහා ද මේවා යොදා ගනිමින් සිටිති.කෙතරම් ප‍්‍රයෝජන ඇතත්, නියමුවන් රහිත යානා සම්බන්ධව අද වන විට තරමක ගැටලු මතුවී තිබේ. එවැනි ගැටලුවක් වන්නේ එම යානාවල ඇති අධික මිලයි.එමෙන්ම එම යානාවන් හි කඩා වැටීමේ හෝ අනතුරට ලක්වීමේ ප‍්‍රතිශතය ද අධිකය.නියමුවන් සහිත ගුවන් යානයකට වඩා එහි කඩාවැටීමේ අවදානම සියයට 50% පමණ වැඩිය.මෙම යානා සම්බන්ධව මතු වී ඇති තවත් ගැටලුවක් වන්නේ ඒවාට මගී ගුවන් යානා සමග කෙතරම් හොඳින් සන්නිවේදනය කළ හැකිද යන්නයි. පසුගිය අගෝස්තු මාසයේ දී Global Hawk යානයන්ට සාමාන්‍ය අවකාශය තුළ පියාසර කිරීමට අවසර ලබාදුන් නමුත් සාමාන්‍ය මගී ගුවන් යානා ගමන් කරන මාර්ගවලට අඩි දහස් ගණනක් උසින් පියාසර කළ යුතු බවට නීති පනවා ඇත. කෙසේ වෙතත්, යුද හා වෙනත් අවශ්‍යතා සඳහා මෙම යානා නිෂ්පාදනය දිනෙන් දිනම වර්ධනය වෙමින් පවතී. නුදුරු අනාගතයේදීම මෙම යානා ලොව ඕනෑම ගුවන් තොටුපොළකදී දක්නට ලැබෙනු ඇති බවට දැනටමත් අනාවැකි පළ වී තිබේ.

Global Hawk
J-35

රේඩාරය සොයා ගෙන තියෙන්නේ 1935 දි Sir Robert Alexander Watson-Watt විසින්. එහෙත් ඒ පිළිබදව වසර ගණනාවකම සිට විවිද අත්හදා බැලීම් සිදුකරල තියෙනබවත් කිවයුතුයි. රේඩාර් කියන වචන සෑදිල තියෙන්නේ RAdio Dectection And Ranging කියන අර්ථයෙන් RADAR යන්න බිදී ඒමෙන් තමයි. කෙසේ වෙතත් ඒ අවධියේ රේඩාරය ඍජුවම යොදාගත්තේ හමුදාමය කාර්යයන් වලට නිසා ඒ පිළිබදව කාරණාත් බොහෝම රහසිගත කරුණු විදියට තමයි තිබිල තියෙන්නේ. කෙසේ වෙතත් අද වන විට නම් හමුදාමය වැඩ වලට අමතරව වෙනත් කාර්යයන් සදහාත් රේඩාර් තාක්‍ෂනය යොදාගන්නා අතරම දැන් එම තාක්‍ෂනය පිළිබද රහසක් නොමැති අතර එය පිළිබදව කරුණු සොයා ගන්නත් ඕනෑතරම් තැන් අන්තර්ජාලයෙත් තිබෙන බව ඔබට පැවසිය යුතුයි.

මේ පිළිබදව දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කල හැකි වුවත් මේ ලිපියෙන් ඒ පිළිබදව සරලව හා අපිට වැදගත්ම වෙන කරුණු ඔබ හමුවේ තබන්න බලාපොරොත්තුවෙනවා.

ඔබට රේඩාරයේ ක්‍රියාකාරීත්වය පිළිබදව යම් අදහසක් ගන්න සරල උදාහරණයකින්ම එය ආරම්භ කරන්නම්.

ඔබ ගොඩනැගිල්ලට හෝ කන්දකට ඉදිරියෙන් සිට ශබ්ද නගා කෑ ගැසුවහොත් එහි දෝංකාරය ඇසෙන බව හොදින් දන්නවා ඇති. ඔබගේ කටින් පිටකරන ශබ්දය පැයට සැතපුම් 600 ක පමණ වේගයෙන් වාතය ඔස්සේ ගමන් කරන අතර ඉදිරියේ බාදකයක්නොතිබුනොත් ශබ්ද තරංග තවදුරටත් ඉදිරියට ගමන් කර අඩපණවී යාම සිදුවේ. එහෙත් මෙම ශබ්ද තරංග ‍ගොඩනැගිල්ලක බිත්තියක් මත හෝ ජලාශයක නම් ජලය මතුපිට හෝ වෙනයම් සැලකිය යුතු බාදකයක වැදීම සිදුවූ විට ශබ්ද තරංග වල කොටසක් නැවතත් මූලාශ්‍රය වෙත පරාවර්ථනය (echo) වේ.  ඔබගේම කන්වලට ඔබ තප්පර කිහිපයකට පෙර කතාකරන ලද වචන එවිට අසාගන්නට හැකිවේ. ඔබට යම් හෙයකින් බොහොම සංවේදී කන් හා විරාම ඝටිකාවක් (stopwatch) තිබේනම් ඔබ මුලින් කතා කල වචන පැවසූ මොහොත හා නැවත දෝංකාරයෙන් එය ඇසූ කාලය ගණනය කර ගත හැකිවේ. රේඩාරයක ක්‍රියාකාරීත්වයද මෙයට සමාන අතර වෙනසකට ඇත්තේ එය වඩාත් සංකිර්ණ ක්‍රියාදාමයක් ‍ඔස්සේ සිදුවීමයි.

Radar යන කෙටි නාමයෙන් හැදින්වෙන Radio Detection and Ranging යන්න කොටස් කර විග්‍රහ කිරීමෙන් මෙම අනගි තාක්‍ෂනය පිළිබදව වඩාත් හොද දැනුමක් ලබා ගත හැකි නිසා ඒවා වෙනවෙනම සොයා බැලිම වඩාත් සුදුසුවේ.

රේඩාර් තාක්‍ෂනයේදී යොදාගන්නා සිද්ධාන්ත දෙක නම් echo හා Doppler Effect යන සිද්ධාන්ත දෙකයි

Radio – සෑම දිනකම විවිදාකාරවූ රේඩාර් උපකරණ මගින් නිකුත් කරන සංඥාවලට අපහසුවන බව අපට නොතේරුනත් එය සිදුවන බව පැවසිය යුතුයි. ඒවා අපිට නොදැනෙන්නට හේතුව නම් ඒ සදහා යොදා ගන්නා සංඛ්‍යාතය මිනිස් කනට ග්‍රහණය කර ගත නොහැකි, එසේත් නැත්නම් ඇසෙන්නේ නැති උච්ච සංඛ්‍යාතවීමයි‍ (high-frequency). මෙම තරංග සුක්‍ෂමතරංග සම්ප්‍රේශක (microwave transmitters) මගින් නිකුත් කරනු ලබන අතර 400 Mhz සිට 40 GHz සංඛ්‍යාත පරාසයේ සුක්‍ෂමතරංග සංඥා භාවිතා කරනු ලබයි. කෙසේවූවත් රේඩාරය ක්‍රියාකරවන තැනැත්තා මෙහිදී තමන් භාවිතා කරනු ලබන නිශ්චිත සංඛ්‍යාතය අනිවාර්යයෙන් දැනගෙන සිටිය යුතුබවද සදහන් කල යුතුය. ගුවන් විදුලි සම්ප්‍රේශකයක් ආධාර කරගෙන විද්‍යුත් ස්පන්දන පෙලක් වාතයට යොමුකරන අතර රේඩාර් මධ්‍යස්ථාන වල ඉහලින් සවිකර ඇති නිරන්තරයෙන් භ්‍රමණය වන ඇන්ටනා පද්දතියක් මගින් මෙම ස්පන්දන ඉහලට ගමන් කරවීම සිදුවේ. මෙම තරංග ආලෝකයේ වේගයට සමානසේ සැලකිය හැකි වේගයකින් ගමන් කරන අතර නැවත යම් වස්තුවක වැදුනහොත් ආපසු එන ස්පන්දන ග්‍රහණය කර ගැනීමට ග්‍රාහක පද්දතියක් (receiver system) තිබේ. යම් හෙයකින් මෙම ස්පන්දන යම් වස්තුවක නොගැටුනහොත් ඒවා යම් අවස්ථාවක අඩපණවන තෙක් ඉදිරියට ගමන් කරයි.

මෙලෙස ප්‍රතිග්‍රහකයෙන් නැවත ලැබෙන සංඥා ග්‍රහණය වීමක් සිදුනොවන්නේ නම් රේඩාර් තිරයේ අදාල ආවරණ ප්‍රදේශයට අදාලව කිසිවක් දර්ශනය නොවී තිබෙන අතර යම් හෙයකින් කිසියම් වස්තුවක සංඥා ගැටීම සිදුවුව‍හොත් අදාල මධ්‍යස්ථානයේ ඇන්ටනාව වෙත ලැබෙන සංඥා ප්‍රතිග්‍රාහකය වෙත ලැබී එයට සවිකර ඇති පරිගණකමය මොඩියුලයෙන් එම සංඥාවේ ශක්තිය යනාදී තොරතුරු විශ්ලේෂනය කරනු ලබයි. මෙවිට රේඩාර් තිරය මත තිතක් ආකාරයෙන් අදාල වස්තුව පිහිටි ස්ථානය දක්වන අතර සියළු නැවත පැමිනෙන ස්පන්දන සංඥා ප්‍රතිග්‍රහණය කර ගත් පසු හා ඒවා ගණනය කල පසු මුළු රේඩාර් තිරය මත  එම සියළුම සංඥා පරාවර්ථනය වුයේ කුමන ස්ථානවලින්ද යන්න පෙන්නුම් කෙරේ. පුහුණුව ලද රේඩාර් ක්‍රියාකරවන්නෙකුට මෙම තොරතුරු ඇසුරෙන් මෙහි දැක්වුනේ කුමනාකාර වස්තුවක්ද යන්න නිගමනය කල හැක.

Detection –  රේඩාර් පද්දතියක මුලින්ම හා මූලිකව සිදුවන දේ නම් එය ආවරණය කරන පෙදෙස තුල ඇති ඝන වස්තුන් ග්‍රහණය කර ගැනීමයි. යම් වස්තුවක් ගැටී නැවත පැමිනෙන සංඥා ග්‍රහණය කරගන්නා විට එසේ ලැබෙන සංඥා හා මුලින් නිකුත් කල සංඥා අතර කාලය මනිනු ලැබුවහොත්රේඩාර් ක්‍රියාකරුට අදාල වස්තුව පිහිටි දුර ගණනය කර ගත හැක. මෙම රේඩාර් සංඥා ඉතා වේගයෙන් ගමන් ගන්නා නිසා ඒවා මනිනු ලබන්නේ මයික්‍රොතප්පර (microseconds) වලින්වේ.  යම් හෙයකින් ඝන වස්තුවට ගැටෙන සංඥා දිගින් දිගටම එකම ස්ථානයකින් පරාවර්ථනය වී පැමිනෙන්නෙනම් එම වස්තුව නිශ්චලව එකම ස්ථානයක පවතින බව ක්‍රියාකරුට නිර්ණය කල හැක.  ප්‍රහාරක ගුවන් යානා නියමුවන්ලද පුහුණුව අනුව ඔවුන්ට සතුරු ගුවන් යානයකින් නම් රේඩාර් ති‍රය මත පෙන්වන එයට විශේෂිතවූ ආදර්ශකින් එය ගුවන් යානයක්ද නැතහොත් පියාඹන පක්‍ෂියෙක්ද යන්න වටහා ගැනීමට හැකි වේ.

Ranging – මෙය රේඩාර් තාක්‍ෂනයේ වැදගත්ම කොටසක් ලෙස සැලකේ. ස්පන්දන ආකාරයෙන් ලබා දෙන ගුවන් විදුලි තරංග වලට මූලිකවම ඝන වස්තුවක් නිර්ණය කර ගැනීමට හැකියාව ඇතත් එය චලනය වෙනවාද නැද්ද යන්න තේරුම් ගැනීමට හැකියාවක් නොමැති අතර වස්තුවක් චලනය හා පරාසය  ඇස්තමේන්තු කිරීමට බැරෑරුම් පාඨාංක කියවීම අනිවාර්යය වේ. මෙවැනි පාඨාංක කියවීමේ මූලික සිද්ධාන්තය Doppler Effect ලෙස හදුන්වයි. මෙමගින් අදාල ‍රේඩාර් පරාසය තුල ඇති වස්තුවේ චලනය හා වේගය ගණනය කර ගැනීමට හැකියාව ලැබේ.

මෙම Doppler Effect පිළිබදව අපට එදිනෙදාම දකින්නට ලැබෙන උදාහරණයක් නම්,  සයිරන් නාලාව හඬවමින් දුර සිට පැමිනෙන පොලිස් රථයක් ගැන සිතන්න. එහි සයිරන් නලා හඬ දුරදී ඇසෙනවාට වඩා රථය ලංවනවිට වඩාත් වර්ධනයවී ඇසෙන්නට ගනී. මෙසේ ස්වරය වෙනස් වීමට හේතුව Doppler Effect සිද්ධාන්තයයි. සයිරන් නලාවේ සත්‍ය වශයෙන්ම හැඩවෙන නාදයේ ස්වරය හා ධාරිතාව කිසිදු අවස්ථාවක වෙනසකට බදුන් නොවේ. එහෙත් අසාසිටින්නාට තමන් ආසන්නයට එම රථයේ ආසන්න වන විට ශබ්ද තරංග වඩාත් තීවුරව හා විශාලව ඇසෙන්නට පටන්ගනි. රථය තමන් වෙතින් ඉවත්ව යනවිට ශබ්ද තරංග වල වේගය මෙන්ම ශබ්දයද අඩුවීම සිදුවන්නට පටන්ගනී.

මෙසේ රේඩාරය මගින් වස්තුවක වේගය නිර්ණය කිරීමේදී මෙම Doppler Effect ගණනය කල යුතුවේ. මුල් රේඩියෝ ස්පන්දනයන් යම් නිශ්චිත සංඛ්‍යාතයකින් නිකුත් කරන අතර එය වස්තුවක ගැටී ආපසු පැමිණීමේදී එම පරාවර්ථන සංඥාද මුල් සංඛ්‍යාතයෙන්ම පැමිනේනම් එම වස්තුව නිශ්චල එකක් ලෙස සැලකේ. එහෙත් එම වස්තුව ඉදිරියට චලනය වෙමින් පැමිනෙන්නක් නම් පරාවර්ථනය වී පැමිනෙන සංඥාවල දු‍ර කෙටි එකක් වේ. එවිට ලැබෙන සංඥාවේ සංඛ්‍යාතය වැඩි එකක් වන්නේ Doppler Effect සිද්ධාන්තය නිසාය. මෙම නැවත පරාවර්ථනයවී පැමිනෙන සංඥාවේ සංඛ්‍යාතය කෙතරම්ද යන්න ගණනය කිරීමෙන් අදාල වස්තුවේ වේගය තීරණය කල හැක.

අපගේ එදිනෙදා දිවියේදී රේඩාර් තාක්‍ෂනය යෙදූ උපකරණ දැකීමට සුලභව හමුවන අවස්ථාවක් වන්නේ පොලිස් නිළධාරීන් රථවාහන වේගය මැනීමට යොදා ගන්න උපකරණයයි (Radar Gun). හැබැයි එතනදී තරමක් වෙනස් ආකාරයෙන් රේඩාර් සිද්ධාන්ත‍යොදාගන්නා බව කිව යුතුයි. මන්ද යත් වේගය එක් වරකට මැනිය යුත්තේ එක් වාහනයක පමණි. එහෙත් රේඩාර් යන්ත්‍රවල යොදා ගන්නා පළමු සිද්ධාන්තය වන echo න්‍යාය අනුව එම තනි වාහනය පමණක් නොව Radar Gun ඉදිරියේ ඇති ගොඩනැගිල් හා අනෙකුත් වස්තු වල සංඥාද නිසා නිසි පරිදි අවශ්‍ය වාහනය පිළිබද නිර්ණය කර ගැනීමට නොහැකි වේ. එනිසා එම වේගය මනින උපකරණයට Doppler Effect සිද්ධාන්තය පමණක් යොදා ගනි.

කෙසේනමුත් පොලීස් කාර්යයන්හිදී  රථවාහන වේගය නිර්ණය දැන් යොදා ගන්න උපකරණ වල භාවිතා කරන්නේ රේඩියේ සංඥා නොව අධෝරක්ත ලේසර් කිරණයි. මෙම උපකරණ lidar gun ලෙස හදුන්වන අතර lidar යනු light detection and ranging යන්නයි.

එසේම රේඩාර් තාක්‍ෂනය යුදමය කාර්යයන්ගෙන් පරිභාහිරවද යොදා ගන්න අවස්ථාවන් ලෙස සාමාන්‍ය ගුවන් ගමන් පාලනයට ගුවන් තොටුපල පාලක මධ්‍යස්ථාන යොදගැනීම, කාලගුණය වෙනස්වීම් (සුලි සුලං, වැසි, හිම පතනයන්) ආදියේ තොරතුරු දැන ගැනීමටද,

නාවික කටයුතුවලදී හා අනතුරට ලක්වන නාවික යාත්‍රා ආදයේ පිහිටීම ආදිය නිර්ණය කරගැනීමට හා තවත් බොහෝ කාර්යයන් වෙනුවෙන් ඒ සදහාම විශේෂ ආකාරයෙන් නිපදවා ඇති වගේම නව තාක්‍ෂනික උපාංග රාශියක් සහිතව නිමවන ලද රේඩාර් උපකරණ තිබේ.

එසේම වඩාත් ප්‍රභල රේඩාර් යොදාගෙන වස්තුවල පිහිටීම සිතියම් ගත කිරීමද සිදුකල හැකි අතර NASA ආයතනය මෙම තාක්‍ෂනය සිය කාර්යයන් වලදී අවශ්‍යවන ග්‍රහලෝක, චන්‍ද්‍රිකා හා වෙනත් අභ්‍යවකාශ වස්තුන් සිතියම් ගත කිරීමටද යොදාගනි.

එසේම සබ්මැරීන හා නාවික කටයුතුවලදී  යොදා ගන්නේ රේඩියෝ සංඥා වෙනුවට ශබ්ද තරංග යොදා ගන්නා echo හා Doppler shift සිද්ධාන්තය ඇතුලත් උපකරණයි. මේවා “sound radar” නැතහොත් sonar වේ.

දැන් ඔබට ගැටළුවක් එන්න පුළුවන් අනෙකුත් රේඩාරය යොදා ගන්න කාර්යයන් වලදීත් රේඩියෝ තරංග වෙනුවට ශබ්ද තරංග යොදා ගත හැකිද යන්න. එය යොදා ගැනීමට බාදා කිහිපයක් තිබේ. එනම්, ශබ්දය බොහෝ දුරක් ගමන් නොගනී. බොහෝවිට සැතපුමක් පමණ ගමන් කල විට එය නැතිව යයි. අනෙක සතුරු පාර්ශවයට පවා එම ශබ්දය ඇසේ. අනෙක් කරුණ නම් පරාවර්ථනය වී පැමිනෙන් ශබ්දය (echo) මුල් ශබ්දයට වඩා දුර්වලව පැමිනෙන්නට ඇති හැකියාවයි.


රයිපල් තුවක්කු ගැන කථා කරන විට වැඩිම දුරක් හා නිවැරදි ඉලක්කයක් හසු කර ගත හැකි ගිනි අවියක් ලෙස නිතරම දක්වන්නේ ස්නයිපර් රයිපලයයි.නියම ස්නයිපර් රයිපලය තැන ඇත්තේ නිවැරදි එල්ලය ගැනීමට හැකිවන ආකාරයට දුරදක්නයක් ද සහිතවය.(මේ ”ස්නයිපර්” යන වදන බිද ආවේ ස්නයිප් {snipe} නමින් හැදින්වෙන කුරුල්ලා නිසා,ස්නයිපර් හැදින්වෙන්නේ පහසුවෙන් දඩයම් කළ නොහැකි.ඉලක්කයකට ලක් කර ගත නොහැකි,කුරුල්ලෙකු ලෙසයි.) මේ වදන 18 වන සියවසේ අග භාගයේදී හමුදාවේ භාවිතා වූ වදනක් වුවද නියම ස්නයිපර් රයිපලය ඊට හුගක් මැත දී නිර්මාණය වුවකි.

තාක්ෂනය දියුණු වීමත් සමග විශේෂයෙන් ම,පියවි ඇසින් දැකිය නොහැකි දුරක පිහිටි එල්ලයක් දුරදක්නයෙන් බලා,නිවැරදිව එල්ලය ගෙන වෙඩි තැබිය හැකි රයිපල් නිපදවනු ලැබිය.සාමන්‍ය හමුදා භාවිතයේ ඇති ගිනි අවියකට වඩා විශේෂ හමුදා කටයුතු හා සම්බන්ධවය.සාමාන්‍ය සම්මත රයිපලයක් වුවද දුර දක්නයක් සවිකළ විට ස්නයිපර් අවියක් බවට පත් වේ. 

දැනට ස්නයිපර් රයිපල් වර්ග තුනක් භාවිතයේ තිබේ.එයින් ප්‍රධාන වන්නේ ජර්මනියේ හෙක්ල්ර් හා කොච් සමගම විසින් නිපදවන PSG-1 නම් වූ අර්ධ ස්වයංක්‍රිය ස්නයිපර් රයිපලයයි.මෙය නිපදවන ලද්දේ 1972 මියුනිච් ඔලිම්පික් උළලේදී සිදු වූ ඝාතනයෙන් පසුවය.ඉතා ඉක්මනින්,වේගයෙන් හා හරි ඉලක්කයකින් ත්‍රස්තවාදීන්ට මුහුණ දෙන්නට ජර්මානු පොලිස් හා අපරාද මර්ධන හමුදා වලට අවශ්‍යය වීම නිසා ත්‍රස්තවාදීන්ට නොපෙනී සුපරික්සකරිව හිදිමින් විශාල සෙනගක් මද අපරාදයක් කරන්න තැත් කරන ත්‍රස්තවදීයෙකු වුවද වෙනත් කිසිවෙකුටත් අනතුරක් සිදු නොකොට,බිම හෙලන්නට මෙමගින් හැකියාව ලැබිණි.

ස්නයිපර් රයිපලයක මිල ලංකා මුදලින් ලක්ෂ 12ක් 15ක් අතර ගනනක් වෙයි.මෙම මිල අධික බවත් රජය මගින් පනවන සිමත් නිසා 2005 වර්ෂය කාලයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ වුවද මෙවැනි රයිපල් තිබුනේ 400 කටත් අඩු සංඛ්‍යාවකි.ඒවාද මිලදී ගෙන තිබුනේ විනෝදාංශයක් ලෙස ගිනි අවි එකතු කළ ඇමෙරිකාවේ ධනවතුන් පිරිසකි.

මේවා ඇමෙරිකාවේ අපරාද මර්ධන ඒකකය විසින් ලබාගෙන ඇත්තේ ද සුළු අගයකි.මේවා ජර්මානු ත්‍රස්ත මර්ධන ඒකකය වූ GSG-9 භාවිත කරන්නේද නැත.කෙසේ වෙතත් ජර්මාණු SWAT හමුදා වැඩි දෙනෙක් මේවා භාවිතා කරන බවනම් නොරහසකි.

වඩාත් නිවැරදි එල්ලයක් ගත හැකි මේ අර්ධස්වයංක්‍රිය PSG-1 අවියකින් වරකදී මිමි 7.62 ප්‍රමාණයේ උණ්ඩ 50ක්, මිමි 80ක කවයක් තුල පිහිටි ප්‍රදේශයකට මීටර් 300ක් දුරින් සිට වෙඩි තැබිය හැකිය.ඒ එල්ලය නිවැරදිවම ගත හැකි වන අතර,වෙඩි තැබිය හැකි වැඩිම දුර ලෙස සැලකෙන්නේ මීටර් 1000ය.මේ වර්ගයේ ගිනි වවියක් ඇටවූ විට දිග මිමි 1200ක් (අඟල් 47.6) කි, බර කි.ග්‍රෑ 8.10 (රා 17.81) කි.ජර්මනිය,ආජෙන්ටිනවා ,ඉන්දියාව,ඉන්දුනීසියාව,ජපානය,ලැට්වියාව,මලයාසියාව,නෙදෙර්ලන්තය,පර්කිස්ථානය,රුමේනියාව,දකුණු කොරියාව,එක්සත් රජදනිය,එක්සත් ජනපදය,වෙනිසිවුලව ඇතුළු රටවල් රැසක හමුදා හා පොලිස් සේවා සදහා යොදා ගනු ලැබේ.

දෙවෙනි ස්නයිපර් රයිපල වර්ගය ලෙස හැදින්වෙන්නේ MSG-90 යි.මෙය විශේෂයෙම හමුදාවේ බාවිතයට තනු PSG-1 අවියේ ම වෙනත් මාදිලියකි,මෙය PSG-1 වඩා සැහැල්ලුය.

තුන්වන ස්නයිපර් රයිපල වර්ගය වන්නේ රුසියාවේ නිෂ්පාදීත ”ස්න්යිපස්කයා වින්ටෝවිකා  ඩ්ර්ගනොව්”  හෙවත් SVD නම් අර්ධස්වයංක්‍රිය ගිනි අවියයි.රුසියාව සෝවියට් දේශය ලෙස පවතී සමයේ පවත්වන ලද තරගයකින් ජයගත් මුල් ආකෘතියක් අනුව මෙය නිපදවන ලැබිය.

මෙහි නිෂ්පාදන ආරම්භ වුයේ 1964 දිය.ආරම්භයේදී නිපදවන ලද්දේ මේ වර්ගයේ අවි 200ක් පමණය.වියට්නාම් යුද්දයේදී හා සෝවියට් දේශය ඇෆ්ගනිස්ථානයේ හා ඉරාකයේ කළ යුධවල දී මෙය භාවිතා කට ඇත,

මෙම ගිනි අවිය විවිධ මාදිලි ගණනාවකින් හා විවිධ ප්‍රමාණ  ගණනාවකින් නිපදවනු ලැබේ.මෙහි දිග මිමි 815(අගල් 32.1) සිට 1225 (අගල් 48.2)ක් දක්වා වෙනස් වේ.අවියේ බර ද කි.ග්‍රෑ 4.30(රා 9.48) සිට කි.ග්‍රෑ 5.02 (රා 11.07)ක් දක්වා වෙනස් වෙයි.මෙම ගිනි අවියෙන් මිමි 7.62 ප්‍රමාණයේ උණ්ඩ 10ක් වරකට යැවිය හැකිය .මෙහි උණ්ඩ විදින්නේ ගෑස් බලයෙනි.සාමාන්‍යන් මම රයිපලයෙන් ද මීටර් 100 සිට 1200 දක්වා දුරක එල්ලයක් ගත හැකිය.

අද ලෝකයේ බොහෝ රටවල් ගණනාවක හමුදාවන් විසින් භාවිතා කරන ස්නයිපර් රයිපලය,රුසියාව,චීනය,බල්ගේරියාව,තුර්කිය,පින්ලන්තය,වෙනිසිවෙලව,පෝලන්තය ඇතුළු වෝර්සෝ ගිවිසුමට අයත් රටවල් මෙම ස්නයිපර් රයිපල වෙශේෂයෙන් භාවිතා කරන බැවින්.


http://www.aluth.com/2014/10/TSU-is-True-or-scam.html

TSU ගැන දැන් නොදන්න කෙනෙක් නැති තරම්.හැබැයි මේක ඇත්තක්ද ? බොරුවක්ද ? කියන ගැටළුව කාටත් තියෙන ප‍්‍රශ්නයක්.මේ ඒ ගැන වටිනා ලිපියයි.

මේ පිළිබදව නෙත්FM වෙබ් අඩවිය මගින් සවිස්තරාත්මක වාර්තාවක් හෙළිකලා. එම වටිනා කරුණුද මෙහි අන්තර්ගතයි.

Like වලට හා කමෙන්ට්ස් වලට මුදල් ගෙවන TSU නම් සමාජ ජාලයක් පිලිබඳ අප විසින් මෙයට පෙර හෙළිකරන ලදී. මේ වනවිට TSU ලංකාවේ බොහෝ ෆෙස්බුක් පරිශීලකයන් අතර ජනප‍්‍රියවී ඇති අතර බොහෝ දෙනෙකු තවමත් TSU සම්බන්ධව ගැටලූ‍කාරී තත්වයකින් පසුවන බව පෙනී ගිය කරුණකි. TSU සමාජ ජාලය ආරම්භ කොට තවමත් වැඩි කලක් ගත නොවුන හෙයින් එහි මුදල් ලබාදීමේ විශ්වාසවන්ත භාවය සම්බන්ධව ලිපි පලවී නොමැත. ඔීඹ ව්‍යාජ වෙබ් අඩවියක් බවට මුල්වරට ලිපියක් ලියමින් හෙළිකොට ඇත්තේ අමන්දා නමැති පළමු වරට කාන්තාවන්ට පමණක් වෙන්වූ සමාජශාලා වෙබ් අඩවියක් වන

http://www.girlfriendsocial.com තැනූ කාන්තාවක විසිනි. ඇය විසින් මතුකළ ප‍්‍රධාන කරුණු තර්ක විතර්ක පහත වේ.

01.Advertising Model
මුදල් ලබා ගැනීමට අවම ඩොලර් 100 ක මුදලක් ගිණුමේ තිබිය යුතුය. මුදල් එකතුවන්නේ TSU බැංකු ගිණුමටය. බොහෝ පරීශිලකයන් පවසන්නේ ඔවුන්ට දැනට දිනකට ලැබී ඇත්තේ ඩොලර් සතයක් වැනි මුදලක් බවයි. එසේනම් ඩොලර් 100 ක මුදලක් ගැනීමට ඔවුන්ට අවරුදු ගණනාවක් බලාසිටීමට සිදුවනු ඇත. එම ඉපයීම කිරීමටද අන් අයගේ දේ සොරා ගනිමින් දැඩි වෙහෙසක් ගැනීමට සිදුවේ.

02.නීති විරෝධී පිරමීඩ ජාවාරම් ක‍්‍රමයකි.

TSU යනු MLM ආකාරයේ පිරමීඩ වලට සමාන වූ උපක‍්‍රමයකි. මෙය සමාජ ජාලයේ සාමාජිකයන් වැඩි කරගැනීමට යෙදු උපක‍්‍රමයකි.

03.10%ආදායමෙන් වෙබ් අඩවියක් පවත්වාගෙන යා හැකිද?

servers”bandwith” කාර්යමණ්ඩලයේ වැටුප් මේ සියල්ල 10 % ආදායමෙන් ඉටු කරගත හැකිද? මේ හේතුව නිසාවෙන් වෙබ් අඩවිය මන්දගාමී වීමටත් හැකර්වරුන්ගේ ප‍්‍රහාර එල්ලවීමටත් වැඩි ඉඩකඩක් ලැබේ. මුදල් සම්බන්ධව කටයුතු කිරීමේදී ආරක්ෂාව සම්බන්ධයෙන් භාවිතා කලයුතු https පහසුකමද තවම TSU සතු නොවේ. මෙය ඉතා ප‍්‍රාථමික තත්වයක් ලෙස දැක්විය හැක.

04.කෙටි කලකින් සමාජ ජාලයක් පිළිබඳව තීරණය කල හැකිද?

අප සාමන්‍යයෙන් සමාජ ජාල වෙත පැමිණෙන්නේ අපගේ හිත මිතුරන් හා මිතුරියන් සමග සම්බන්ධතා ගොඩනැගීම සඳහාය. නමුත් මුදල් ඉපයීමේ පරමාර්ථය වෙනුවෙන් පැමිණෙන පිරිස් ඔබට කෙසේ විශ්වාස කළහැකිද?

05.තාක්ෂණික දුර්වලතා

ඔබ වෙනත් කෙනෙකුගේ වීඩියෝවක් නැවත යුටියුබ් වෙත එක්කිරීම වැලැක්වීම සඳහා යුටියුබ් විසින් content id නමැති ඉහල තාක්ෂණයක් පවත්වාගෙන යනු ලබයි. නමුත් TSU සතුව එවන් තාක්ෂණ කිසිවක් නොමැත. ඔවුන් නිර්මාණ සැබෑ හිමිකරුගේද යන්න තහවුරු කරගන්නේ කෙසේද?

පිළිතුරු ලබාදීම

අමන්දා ලියූ මෙම ලිපියට linkedin වෙබ් අඩවිය ඔස්සේ ප‍්‍රතිචාර දක්වා ඇති tsu වෙබ් අඩවියේ හිමිකරුවෙකු වන Oliver Gassner එම චෝදනා සියල්ල ප‍්‍රතික්ෂේපකොට තිබේ. මෙමගින් ඩොලර් 100 ක් ඉපයූ ඕනෑම පරිශීලකයෙකුට ඔහුගේ බැංකු ගිණුම වෙත චෙක් පතක් ලබාදීමේ පහසුකම් TSU සතුව ඇති බවද ඔහු පෙන්වා දී තිබේ. චෝදනා වලට එකින් එකට පිළිතුරු දී නොමැති අතර ඔහු පවසා ඇත්තේ අනුන්ගේ නිර්මාණ වලින් වෙනත් සමාගම් පෝසත් කිරීමේ යුගය අවසන් කිරීමේ කාලය දැන් එළඹී ඇති බවයි. TSU පිලිබඳ සැකසංකා ඇත්නම් තමන්ගේ නිර්මාණ සමාජ ජාලා වල පලනොකොට බ්ලොග් අඩවි වල පළකොට ඒවා සමාජ ජාලා වෙත එක්කරන මෙන්ද ඔහු ඉල්ලීමක් සිදුකොට තිබේ.


TSU හා ශ‍්‍රී ලංකාව ඇතැම් උදවිය ඉතා ඉක්මනින් මුදල් සෙවිය උපක‍්‍රමයක් ලෙස එිම වරදවා වටහාගෙන තිබේ. එිම මගින් මුදල් ඉපයීම පහසු නොවේ. එය යම් කිසි කාලයක් ගතවන ක‍්‍රියාවලියකි. TSU මගින් ඇඞ්සෙන්ස් හෝ ඇඞ් ක්ලික් කොට සොයනවා මෙන් දැනට වැඩි ආදායමක් ලැබිය නොහැක. විදෙස් මාධ්‍යය ඔස්සේ බොහෝ දෙනා අමන්දාගේ ලිපියට ප‍්‍රතිචාර දක්වා තිබුනේ ”‍මුදල් ගෙවීමේ කාර්ය පිලිබඳ නොසලකා හරියත් සමාජ ජාලා වෙබ් අඩවියක් ලෙස tsu හොඳ වෙබ් අඩවියක් බවත් ෆෙස්බුක් වැනි සමාජ ජාලා භාවිතා කොට කිසිදු මුදලක් නොලැබී සිටිනවාට වඩා ලැබෙන සත ගණන හෝ වැදගත් බවය”‍

මේ පිළිබදව දැන් ලෝකයම දන්නවා. බලන්න ජනප‍්‍රිය ෆොක්ස් නිවිස් සජීවී සංවාදයක් TSU නිර්මාතෘ සමග පැවැත් වූ ආකාරය.

දැන් ඔයාලට නිසි අවබෝධයක් මේ ගැන ලැබෙන්න ඇති. මේ තියෙන්නේ නිව්යෝර්ක් නගරයේ පවත්වාගෙන යන TSU ඔෆිස් එකයි.

මේ ගැන වැඩි දුර තොරතුර අපේ TSU ගිණුම ෆලෝ කර ලබාගත හැක.https://www.tsu.co/Poojitha