ඇල්බටි අයින්ස්ටින්ට්

Posted: July 4, 2014 in ෴''විදැස''විශ්වය සගවාගත් තතු෴

විසිවෙනි සියවසෙ පහල වු ශ්‍රේෂ්ඨතම විද්‍යාඥ්යන් අතුරෙන් ඇල්බටි අයින්ස්ටින්ට් ඉතා වැදගත් ස්ථනයක් හිමිවෙයි.ඔහුගේ ජීවිත කතව ඉතා රසවත් එකකි.1879 දී ජර්මනියෙ උපත ලද අයින්ස්ටින්ට් කථා කිරිමට පටන් ගත්තේ සාමාන්‍ය ළමයෙකු කථා කිරීමට ගන්නා කාලයට වඩා වැඩි කාලයක් ගතවිමෙන් පසුවයි.මෙම හෙතුව නිසා ඔහුගේ දෙමව්පියො ඔහු පිලිබඳව බියෙන් පසුවුහ.පාසලේදි ඔහු කිසිදු දෙයකට දක්ෂ නොවිය.වරෙක ඔහුගේ ගුරුවරයෙක් මෙසේ පැවසුවෙලු”අයින්ස්ටින්ට් ඔබ අනාගතයෙදි කිසිම වැඩකට නැති මිනිහෙක් වෙවි”

පාසල් අධ්‍යාපනයෙන් පසුව ඔහු අවුරුදු ගනනාවක් ඉබාගාතේ ජිවත් විය.පසුව<Swiss Pederal Polytechnic School>නම් ආයතනයට ඇතුළත් විමට අවශ්‍ය ප්‍රවේශ විභාගයෙන් පළමු වර ඔහු අසමත් වීය.පසුව ඉතා අපහසුවෙන් එම ආයතනයට ඇතුළත් වී යාළුවන්ගේද ආධර ඇතිව ඉතා අපහසුවෙන් එහි අවසාන විභාගය සමත් විය.අවු 22 දී පමණ ස්විස් පේටන්ටිනිකුත් කරන කර්ය්‍යලයක පේටන්ටි නිකුත් කරන්නෙකු ලෙස ඔහුට රැකියවක් ලබිණි.

albet

මෙහිදි ඉඩක් ලැබුණු සෑම අවස්ථාවකම ඔහු කියවිමට පුරුදු වු අතර භෞතික විද්‍යාවේ ප්‍රහේලිකා වී තිබු ප්‍රශ්න දෙසට ද සිය වධානය යොමු කරන්නට විය.ඔහුගේ එම උනන්දුව අවසනි වුයේ 1921 දී භෞතික විද්‍යාව පිලිබඳ නොබෙල් ත්‍යාගයද හිමි කරගනිමිනි.එ ප්‍රකශවිද්‍යුත් ආචරණය පැහැදිලි කිරීම ස්ම්බන්ධයෙනි.ඊට අමතරව සාපේකෂතාවාදය ඔහුගේ අපුරු සොයගනිමකි.ඇත්තෙම්ම අයින්ස්ටයින්ගේ නම සඳන් නොකර අපට භෞතික විද්‍යාව ගැන කථා කළ නොහැක.

ඇත්තෙම්ම ඇල්බ්ට් අයින්ස්ටයින් යනු සුයිශේෂී පුද්ගලයෙකි.ඔහු අනෙක් විද්‍යාඥ්යින් මෙන් පාසලෙදී විශ්වවිද්‍යාලයේදී ආදි වශයෙන් සෑම අවස්ථාවකම දීප්තිමත්ව තම අධ්‍යපන කටයුතු කළ අයෙකු නොවේ.නමුත් අතීතය ගැන සිතා දුක් නොවී උනන්දුවෙන් තම අධ්‍යපන කටයුතු හැදෑරුවේය.එයින් බොහෝ ඵල ප්‍රයෝජන ලබා ගත්තෙය.අතීතයේ සිදුවු වැරදි ගැන සිතමින් කම්මැලිව හා ඇල් මරුණ ස්වරුපයකින් කළය අපතෙ යවන බොහෝ දෙනෙකුට අයින්ස්ටයින් සපයන්නේ කෙතරම් වටිනා ආදර්ශයක්ද???

 

http---signatures.mylivesignature.com-54492-239-14B8838703AC9BC64A05CFAF7FBD566D

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s