කොසොල් රජු දුටු සිහින 16 ය

Posted: September 7, 2014 in සරණක් සොයා ෴

කොසොල් රජතුමා:

”භාග්‍යවතුන් වහන්ස ,මා දුටු පළමු සිහිනය මෙසේය.කළුපාට ගොන්නු සතර දෙනෙක් සතර දිසාවෙන් මහපොළව දෙවනත් කරගෙන,දුවිලි අවුස්සාගෙන ගොන් පොරයට එනවා ! උන් එන විට නරඹන්නෝ මහා උද්යෝගයෙන් ජය ඝෝසා පවත්වමින් වට පිට බලාගෙනඉන්නවා.ගොන්නු සතර දෙනා ලංවුනාම මොන පොර බදිල්ලක් ද? උන් සතර දෙනා මුහුණට මුහුණ තියා ආපසු හැරිලා ගියා.ඔල්වරසන් දුන්  නරඹන්නෝ ගොන් පොරය බලන්ට බැරිවී හොදට ම දුක්වුණා.

භාග්‍යවතුන් වහන්ස:

”රජතුමණි,මෙය ඔබට හෝ රටට වත් අද හෙට සිදුවන දෙයක් වත් නොවේ.අනාගතයේ අධාර්මික පාලකයන් නිසා රටේ දේශගුණය ත් කාලගුණය ත් සම්පුරණයෙන් වෙනස් වෙනවා.නිසි කලට වැසි වසින්නේ නැහැ.වැහි බලාපොරොත්තුවෙන් අහස දෙස ගොවියෝ බලාගෙන ඉන්නවා.ඔය අතර ඝණ වැහි වලාකුළු ඇවිත් අහස වසා ගන්නවා.ගොවිතැන් කරන්නෝ උදලු කැති සුදානම් කරගෙන ඇල අමුණු නියර බදින්න සුදානම් වෙනවා.අව්වේ වේලෙන්න දැමු දෑ ලහි ලහියේ ගෙට ගන්නවා.ඔන්න වහින්න කියා සිටියත් අර වලාකුළු වෙනත් දිසාවකට ගහගෙන යනවා.වැස්ස පිළිබද බලාපොරොත්තු වූ ජනතාව දුකෙන් දුකට පත් වෙනවා.ඒකයි මේ සිහිනයේ ප්‍රතිඵලය.

 

1

 

බුද්ධ වර්ෂ 2560 තරම් පැරණි සද්ධර්මය ලෝවැසි සියලු සතුනට අමාමහ බුදුපියා වූ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලදී.මෙම සිහින පෙලෙන්  බුදුරදුන් අනාගත (එවක උපතනොලද)  ලෝවැසියනට අනාවැකියක් කියා පෑසේක.මෙම සිහින පෙළ නිවැරදිව වැටහුණිනම් මෙවැනි සිදුවීම් සමස්ථ ලංකාව තුලම අප දැක ඇත.මෙවන් ඛේදජනක සිදුවීම් අප අත් දකින්නේ නම්,එයින් අපට වැටහෙනු ඇත්තේ අප පාලකයන් යහපත් නොවන බවයි.තවද එම පාලකයන් සමස්ථ සමාජයටම යහපතක් සිදු නොකරයි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s