බණ දහම දැනුම වඩා උතුම් ය

Posted: September 12, 2014 in සරණක් සොයා ෴

යමෙක් මේ ලෝකයේ ස්වභාවය පිළිබඳව පිළිසිඳ දැනුමක් ලබන්නේද, යමෙක් නරකය පිළිබඳව පිළිසිද දැනුමක් ලබන්නේද ඒ සියලු දැනුමට වඩා තමා පිළිබඳව නොඑසේ නම් බණ දහම පිළිබඳව ලබන අවබෝධය වඩාත් ශ්‍රෙෂ්ඨ වේ.

මෙහිදී බුදුරජාණන් වහන්සේ පුද්ගලයා ලබාගන්නා වූ ඤාණය පිළිබඳව කරනු ලබන කිසියම් තක්සේරුවක් පිළිබඳව හෙළිවේ. උන්වහන්සේ පැහැදිලි කරන්නේ ඇතැම් අය ලෝක විෂය පිළිබඳව ඤාණය ලබාගැනීමට උනන්දු වන බවයි. ලෝකය යනු කුමක්ද? විශ්වයේ ස්වභාවය කෙබඳුද එය ආරම්භ වූයේ කවදාද? කෙලෙසින්ද? තමන් ජීවත්වන පෘථිවියට වඩා වෙනස් ග්‍රහලෝක තිබේද? යනාදිය පිළිබඳව ඇතිකර ගන්නා දැනුමයි. යම් යම් විෂයයන් සඳහා මෙම දැනුම සාමාජික වශයෙන් ලබාගත යුතු ඒවාය. එදා මෙදා තුර මිනිස් ප්‍රජාව ලෝක විෂය පිළිබඳ හැදෑරීමට උනන්දුවක් දක්වනු ලබයි. ඇසට නොපෙනෙන නරකය පිළිබඳ දැනුම ලබා ගැනීමට විවිධ අය උනන්දුවෙති. නරකය යැයි කී විට එහිද විවිධ කොටස් තිබේ. බණ පොතේ අපාය යන වචනයෙන් දක්වා ඇති අතර අපාය හතරක් පිළිබඳව කරුණු කාරණා සඳහන් වේ. එහි පළමුවැන්න නරකයයි. එයද කොටස් 130කින් සමන්විතය. තිරිසන් අපාය දෙවැන්නය. තිරිසන් අපායෙහි ඇතැම් අංග අපට දැකිය හැකි අතර ඇතැම් ඒවා ඇසට නොපෙනේ. අනෙක් අපාය පේ‍්‍රත අපායයි. සාමාන්‍යයෙන් මිනිස් ඇසට පේ‍්‍රත අපාය දර්ශනය නොවේ. විවිධ පේත්‍රයන් පිළිබඳ පේත්‍ර වස්තුවෙහිද කරුණු සඳහන්වේ. එසේම

ඛුජපිපාසිකා පාංශු පිශාචක
භිජ ඣාම තණ්හික

කාලකංජ අසුර ආදී නම්වලින්ද පේ‍්‍රත ලෝක ඇති බව සඳහන්ය. හතරවන අපාය හැටියට දක්වන්නේ අසුර ලෝකයයි. එම ලෝකයද අපායක් හැටියට දක්වා තිබේ. මෙම සතර අපායන් පිළිබඳ දැනුම ඇතිකර ගැනීමට සහ ඒවා නිවැරැදිව නිශ්චිතව දැනුම ලබාගැනීම සඳහා ඇතැම්හු කැමැතිය.

මෙහිදී දක්වන්නේ පෙර සඳහන් කළ අංශයන්හි පුද්ගල දැනුමක් අතවශ්‍යය යන්න නොවේ. නමුත් ඒවා පිළිබඳ කොපමණ දැනුම ලැබුවද එම දැනුම පුද්ගල ජීවිතයක් සාර්ථක කරගැනීම සඳහා එය ප්‍රමාණවත් නොවන බවය. එම සියල්ල අභිබවා පුද්ගල ජීවිතයක් සංසාරික ජීවිතයක් සාර්ථක කරගැනීම සඳහා හේතු වන්නේ ධර්මය පිළිබඳ නිවැරැදි අවබෝධය ලැබීමයි.

ධර්මය යනු කුමක්ද? බුදු දහමෙහි ධර්මය හැටියට පෙන්වා දෙන්නේ ස්වභාව දහමට අනුකූ®ලව කටයුතු කිරීමට හුරු පුරුදු වීමයි. නගර සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දක්වන්නේ විශ්වය තුළ පවතින නමුත් මිනිසා නොදන්නා නොඇසූ විරූ දහමක් තමන් වහන්සේ සමාජය තුළ ජීවත්වෙමින් සොයා ගනු ලැබූ බවයි. ඒ දහම ලෝකයට දේශනා කරනු ලබන බවයි. එය අනෙක් දහමක් නොව බුදු දහමයි. එම සූත්‍රයේදී මෙකී කාරණය පැහැදිලි කරදෙනු ලබන්නේ කතන්දර ස්වරූපයෙනි.

එක්තරා පුද්ගලයෙක් වනාන්තරයකට යයි. සාමාන්‍ය මිනිසුන් එම වනාන්තරයේ ගමන් කරන දුර ප්‍රමාණයට වඩා ඈතට මොහු ගමන් කරයි. එහිදී මොහුට දක්නට ලැබෙන්නේ පැරැණි නගරයක් මෙම කැලෑව තුළ පවතින බවයි. එම නගරය කල්ගත වීම නිසා කැලෑවෙන් වැසී පවතී. මෙම පුද්ගලයා මේ සිද්ධිය හොඳින් පරික්‍ෂා කර බලා නැවතත් ගමට එයි. ඇවිත් මේ බව ගමේ මිනිසුන්ට කියයි. නමුත් මිනිසුන්ගේ අදහස වන්නේ මෙය මහ කැලෑවක් බවය. ඒ කැලෑවට කිසිවකු විසින්වත් නො ආ යුතු බවය.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍යෙය කල්ප ලක්‍ෂයක් පාරමි දම් පුරා සොයාගත් නව ඤාණයද (බුද්ධත්වය) එබඳුය. සාමාන්‍ය මිනිසුන් කැලයක් හැටියට හඳුන්වනු ලැබූ වනාන්තරය තුළ පවතින නටබුන් නගරය සොයා ගත් මිනිසා බුදුරජාණන් වහන්සේ ආරෝපණය කරන්නේ තමන් වහන්සේමය. මේ අනුව බුදුරජාණන් වහන්සේ සොයාගනු ලැබුවේ සමාජයේ පැවැතුණ නමුත් සමාජයේ ජීවත්වන මිනිසුන් නොදැක තිබූ අසා නොතිබූ අලුත් ධර්මයන්ය.

එම දහම දම්සක් පැවතුම් සූත්‍රයේදී දක්වන්නේ පුබ්බේ අනනුස්සු තේසු ධම්මේසු යනුවෙනි. ඉන් අදහස් කරන්නේ පෙර මිනිසා අසා දැක නොතිබූ දහමක් බවයි.ඒ දහම පිළිබඳ දහම් ඇස ඤාණය, ප්‍රඥාව , විද්‍යාව, ග්‍රහලෝකය තමන් වහන්සේට ලැබුණු බවයි.

බුදුරජාණන් වහන්සේ එම ලැබූ ඤාණය ලෝවැසියන්ට කරුණු කාරණා සහිතව පැහැදිලි කර දුන්හ. යම් කෙනෙකුට එම දැනුම ලබා ගැනීමට අවශ්‍ය නම් යා යුතු නිවැරැදි ගමන් මඟද කියා දුන්හ. සාමාන්‍ය සමාජයට ඒ ගමන් මඟ තරමක් අපහසු ලෙස දැනුනද යා යුත්තේ ඒ මඟේය. එසේ යාම ලෝකය පිළිබඳ ලබන දැණුමටත් වඩා සතර අපාය පිළිබඳ ලබන දැනුමටත් වඩා උතුම් බව මෙහිලා දක්වයි.

යමෙකු යා හැකි නම් එම පුද්ගලයා කෙබඳු කෙනෙක්ද යන්න මෙහි දක්වා ඇත්තේ උපාමාවක් මගින්ය. එනම් දක්‍ෂ ලෙස මල් මාලා ගොතන මාලාකාරයකු වගේය යන්නයි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s