බොහෝ පාසල් ගුරුවරුන්ට උසස්‌ පෙළ විද්‍යා විෂයයන් හදාරන ළමයින් මෙහෙයවීම පිළිබඳ නිවැරැදි අවබෝධයක්‌ නෑ

Posted: September 12, 2014 in ෴''විදැස''විශ්වය සගවාගත් තතු෴

මේ සතියේ විදුසර පිළිසඳරට එක්‌ වන්නේ කොළඹ විශ්වවිද්‍යාලයයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශය සංවර්ධනයෙහි ලා කැපී පෙනෙන මෙහෙයක්‌ ඉටු කරමින් අභ්‍යන්තර හා බාහිර විශ්ව විද්‍යාල විද්‍යාර්ථීන්ට පුළුල් සේවයක්‌ කළ ආචාර්යවරයෙකි. ඔහු පරිපාලකයකු ලෙස ද තම සේවය අවංකව ඉටු කළ දෙස්‌ විදෙස්‌ පැසසුමට ලක්‌ වූ විද්වතෙකි. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ටී. ආර්. ආරියරත්න යන නම මෙරට භෞතික විද්‍යා ක්‌ෂේත්‍රයට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නාමයක්‌ නො වේ.

1948 රත්නපුර කරඳන ග්‍රාමයෙහි උපත ලද පස්‌ දෙනකු ගෙන් යුත් පවුලේ තෙවැනියා ඔහු වෙයි. වැඩිමහල් සොයුරියන් දෙදෙනකු හා බාල සොයුරන් දෙදෙනකුට අතරමැධියා වෙමින් ළමා කාලය කෙළිලොල් ව ගත කිරීමට ඔහු වාසනාවන්ත විය. ආයුර්වේද වෛද්‍යවරයකු වූ පියා තුළ දරුවන් ගේ අධ්‍යාපනය පිළිබ`ද වූ ඉධිරි දැක්‌ම ඔවුන් ගේ ධිවි මෙ`ගහි පදනම සවිමත් කිරීමට මූලික විය.

“ඒ කාලෙ වැස්‌සට වත් ගෙදර ඉන්න බෑ. ඉස්‌කෝලෙ යන්න ම ඕන. ඒ වගේ දවස්‌වලට ඉස්‌කෝලෙ ඇවිත් ඉන්නෙත් දෙන්නයි තුන්දෙනයි. ඉතිං කලින් ඉස්‌කෝලෙ අරිනවා. අනික හැම දා ම හවස හයට අපි හැමෝ ම එකට බුදුන් වඳින්න ඕන. තුන් සූත්‍රය කියල වැඳල ඉවර වුණා ම කෙළින් ම යන්නෙ පාඩම් කරන්න. සවස 6.30 ඉඳන් රෑ 8.00 වෙනකල් පාඩම් කරන්න ඕන. පාඩම් කරල ඉවර වුණා ම තමයි හැමෝ ම එකට වාඩි වෙලා කෑම කන්නෙ. වෙන කිසි ම වැඩක්‌ කරන්න බෑ. තාත්ත ටිකක්‌ සැර හින්ද අපි බයට ම පාඩම් කරනවා. අම්මට තමයි ඔක්‌කො ම ප්‍රශ්න කියන්නෙ. එක්‌ අතකින් තාත්ත දැරූ ඒ ස්‌ථාවරය තමයි අද මට ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු දක්‌වා පැමිණෙන්න පදනම වුණේ.

තාත්ත ආයුර්වේද වෛද්‍යවරයෙක්‌ නිසා ගමේ තාත්තට ලොකු පිළිගැනීමක්‌ තිබුණ. තාත්ත කිව්වම ගොයම් කයියට ගමේ හැමෝ ම එනව.”

“ඔබතුමා ගෙ පාසල් ජීවිතයේ මතකය අවධි කළොත්” ඔහු ගේ පාසල් දිවියේ සොඳුරු ඉසව් සිසාරා යැමේ අරමුණෙන් මම විමසුවෙමි.

“මම මුලින් ම ගියෙ කරඳන මහා විද්‍යායලයට. ගෙදර ඉඳන් කිලෝ මිටරයක දුරක්‌ තමයි ඉස්‌කෝලෙට තිබ්බෙ. ඒ දුර අපි ගියෙ පයින් ඇවිදගෙන. ඊට පස්‌සෙ 7 වසර විද්‍යා ශිෂ්‍යත්වය පාස්‌ වෙලා විද්‍යාව ඉගෙනගන්න සීවලී මධ්‍ය මහා විද්‍යාලයට ගියා. විශ්ව විද්‍යාලයට එනකල් ඉගෙන ගත්තෙ සීවලී මධ්‍ය මහා විද්‍යාලයෙ තමයි.”

තම සොඳුරු පාසල් කාලය සෙනෙහෙබර ව සිහිපත් කරමින් ඔහු පවසයි.

“ඉස්‌කෝලෙ කාලෙ මොනව ද කළ විෂය බහිර වැඩ?” ඒ මතකය තවදුරටත් අවදි කිරීමේ අටියෙන් මම විමසුවෙමි.

“ගමේ ඉස්‌කෝලෙ සෞඛ්‍ය සතියට ක්‍රීඩා තරග සංවිධානය කළා. එහි කෙටි දුර ධාවන ශූරතාව හැම දා ම ගත්තෙ මම තමයි. සීවලී මධ්‍ය මහා විද්‍යාලයට ආවට පස්‌සෙ මිටර් 100 කෙටි දුර ධාවන තරගවලින් වරක්‌ ධිස්‌ත්‍රික්‌ ශූරතාව දක්‌වා ඉධිරිපත් වීමට පුළුවන් වණා.”

“විශ්වවිද්‍යාලයට ආවෙ කොයි කාලෙ ද?” ඔහු ගේ ජීවිතයේ තීරණාත්මක සන්ධිස්‌ථානයක්‌ වෙත පිවිසෙමින් මම ඇසුවෙමි.

“1968 තමයි මම මුලින් ම කොළඹ විශ්වවිද්‍යාලයට එන්නෙ. ආපු ගමන් ම හරි ප්‍රශ්නෙකට තමයි අපි මුහුණ දුන්නෙ” ඔහු ම`දක්‌ සිනාසෙයි.

“ඒ කිව්වෙ?” මම කුතුහලයෙන් විමසුවෙමි.

“1968 වෙනකල් ම ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය කොළඹ මණ්‌ඩපය, පේරාදෙණි මණ්‌ඩපය කියල තමයි නම් කරල තිබ්බෙ. 1968න් පස්‌සෙ කොළඹ මණ්‌ඩපය වෙනස්‌ කරල කොළඹ විශ්ව විද්‍යාලය කරනවා. මේකට විරුද්ධව විශාල ශිෂ්‍ය අරගලයක්‌ සංවිධානය වෙනවා. ගුරුවරුත් විරෝධය පෙන්වනවා. ඉතිං අපිටත් සිද්ධ වුණා ඒකට සම්බන්ධ වෙන්න”

“සිද්ධවුනා කිව්වෙ…”

“අපි පළමු වසරෙ නිසා ඉතිං ජ්‍යෙෂ්ඨයො කියන එක අහන්න ඕන නෙ” එසේ පවසා ඔහු ම`දක්‌ සිනාසෙයි.

“ඒත් අපි හරි කැමැත්තෙන් තමයි ඒකට සම්බන්ධ වුණේ. මට මතකයි එක දවසක්‌ කැන්ටිම ගාව ලොකු තොවිලයක්‌ කළා. ඒක කළේ ආණ්‌ඩුවට විරුද්ධව. ආතුරයා වුණේ අපේ ඒ කාලෙ උප කුලපති. තොවිලෙ කියන කතාවලින් අපේ ප්‍රශ්න ගැන තමා කතා කළේ. එළිවෙනකල් තොවිලෙ තිබ්බ. තොවිලෙ නරඹන්න විශාල සෙනගක්‌ ආවා.”

කිසිවෙකුටත් බාධාවක්‌ නො වී විරෝධය දැක්‌විය හැකි නිර්මාණශීලී ක්‍රමවේදත් පවතිනවා නො වේ ද? මම මොහොතකට කල්පනා කළෙමි.

“කොහොම හරි මූලික GSQ විභාගයෙන් වැඩි ම ලකුණු ගත්ත නිසා භෞතික විද්‍යා විශේෂ උපාධිය සඳහා මාත් ඇතුළුව සිසුන් 04 දෙනෙක්‌ සුදුසුකම් ලැබුවා. මුළු batch එකේ ම හිටියෙත් 100ක්‌ විතරයි. අපේ දේශන ශාලාවල ආසන ශිෂ්‍ය අංක පිළිවෙළට සකස්‌ කරල තිබුණෙ. කවුරුත් තමන් ගෙ නො වන අංකයක්‌ ස`දහන් ආසනයක වාඩි වුණේ නෑ. ඒකෙන් නො පැමිණෙන ශිෂ්‍යයන් හඳුනාගැනීම පහසු වුණා. මුල් කාලෙ ගුරුවරු දේශනවලට සහභාගි වුණෙත් උපාධි ලෝගුවත් එක්‌ක. දේශනවල දි විනය අනිවාර්ය දෙයක්‌ වුණා.”

“ඔබතුමා කථිකාචාර්යවරයෙක්‌ ලෙස සේවයට එන්නෙ කොයි කාලෙ ද?”

“1972 වර්ෂයේ විශේෂවේදී උපාධිය හැදෑරූ හතර දෙනා ම සහාය කථිකාචාර්යවරු විදියට භෞතික විද්‍යා අංශයට බඳවාගත්තා. ඒ කාලෙ හැටියට රු. 720ක පඩියක්‌ මට ලැබුණා. අපිට ඇත්තට ම ඒ පඩිය වැඩියි. ලොකු වියදම් අපිට ඒ කාලෙ තිබුණෙ නෑ. හිතාගන්න ටිකක්‌ අමාරුයි නේ ද?” විස්‌මයෙන් ඔහු දෙස බලා සිටි මා හා සිනසෙමින් ඔහු අසයි.

“ඒ කාලෙ ච්රන park view එකෙන් ඉස්‌තරම් දිවා භොජනයක්‌ ගත්තම වියදම් වෙන්නෙ රුපියල් පහයි. රුපියල් පහක්‌ කියන්නෙ ලොකු මුදලක්‌ ඒ කාලෙ හැටියට”

රුපියලේ අව ප්‍රමාණය අද වන විට කෙතරම් විපර්යාසයකට හේතු වී ඇත් දැයි මම සිතුවෙමි. සංවෘත ආර්ථිකයක්‌ තුළ ජීවත් වූ එදා ලාංකිකයන් ගේ ජීවිත අසීමිත වුවමනාවන් ගෙන් පිරී ඇති වර්තමාන ලාංකිකයන් ගේ ජීවිත හා මම සිතින් සැස`දුවෙමි. තෘප්තිමත් කළ නොහැකි ආශාවන් ගෙන් මිරිකී අප අද කෙතරම් පීඩාවන්ට මුහුණ දෙන්නේ ද?

1975 දී ලද commonwealth ශිෂ්‍යවයෙන් එංගලන්තයේ ඩර්හැම් සරසවියට තම ආචාර්ය උපාධිය උදෙසා ආරියරත්න මහතා පිටත් වෙයි. ඔහු ගේ ආචාර්ය උපාධි පර්යේෂණය න්‍යෂ්ටික උපකරණකරණය (Instrumentation) පිළිබඳව ය. පසුව ඩර්හැම් විශ්වවිද්‍යාලය විසින් මොහුට ඒ සඳහා මැක්‌ ග්‍රෝ හිල් සම්මානය පිරිනමන ලදි.

“ඔබේ පවුලේ තොරතුරු ගැනත් අපි ටිකක්‌ කතා කරමු”

“මම ආචාර්ය උපාධියට ගියේ විවාහ වෙලා. ඇයත් අපේ සරසවියෙ ම සිසුවියක්‌. වසරක පමණ සබඳතාව අවසානයේ විවාහ වුණා. අද ඇය ජීවවිද්‍යා ගුරුවරියක්‌. මගේ සියලු කටයුතු පිටුපස මට ශක්‌තියක්‌ වුණේ ඇයයි.” සාර්ථක පවුල් ජීවිතයක්‌ ගත කරන මහාචාර්යවරයා පුතුන් දෙදෙනකු ගේ දයාබර පියෙකි. මාපියන් ගෙන් ලද ආභාෂය දරු දෙදෙනා ද තම ජීවිත හැඩගස්‌වාගැනීමට ඉවහල් කරගෙන තිෙබි.

“ඔබතුමා ආචාර්යවරයෙක්‌ විදියට කොළඹ විශ්වවිද්‍යාලය තුළ විවිධ වූ සේවාවන්

රැසක්‌ ඉටු කර තිබෙනවා. ඒ පිළිබඳව තොරතුරු ටිකක්‌ පැවසුවොත්?

“1982 ස්‌වීඩනයේ උප්සලා විශ්වවිද්‍යාලය හා ඒකාබද්ධ ව ස්‌කන්ධ වර්ණාවලීමාන (Mass Spectrometry) පර්යේෂණ සඳහා මම දායක වුණා. මගේ ආචාර්ය උපාධිය නිසා තමයි ඔවුන් මාව මීට සහභාගි කරගත්තෙ. එහි දී ඔවුන් ගේ පර්යේෂණවලට අවශ්‍ය උපකරණ නිර්මාණ කිරිමට මම දායක වුණා. එම සම්බන්ධතාව කොළඹ විශ්වවිද්‍යාලයයේ භෞතික විද්‍යාගාර පර්යේෂණවලට මහත් රුකුලක්‌ වුණා. අපිට මේ තුළින් හැකි වුණා අපේ හා වෙනත් විශ්ව විද්‍යාලවල විද්‍යාර්ථීන්ට ආචාර්ය උපාධි ලබා දීම දක්‌වා මේ සබඳතාව පුළුල් කරන්න. 2001 වන විට රුපියල් මිලියන 100කට වැඩි මුදලක්‌ වැය කරමින් ආචාර්ය උපාධි 7ක්‌ සඳහා පහසුකම් සැලසීමට අපට මින් අපට හැකි වුණා.”

“ඒ ආකාරයට සිදු කළ පර්යේෂණ කීපයක්‌ ගැන සඳහන් කළොත්”

“ඵ් Mass Spectrometry පාදක කරගත් පර්යේෂණ තමයි සිදු කළේ. මේ පර්යේෂණ ලංකාවේ විශ්වවිද්‍යාල ක්‍ෂෙත්‍ර ගණනාවක ව්‍යාප්ත වුණා. වරක්‌ එක සරසවි සිසුවෙක්‌ පිළිකාවල දි ලේවල ඇති වන ප්‍රොටින පිළිබඳ පශ්චාත් උපාධි පර්යේෂණයක්‌ කළා. එහි දී පිළිකාවල දි පමණක්‌ ඇති වන සාමාන්‍ය ශරීරය තුළ දැකගත නොහැකි ප්‍රොටින වර්ගයක්‌ හඳුනාගත හැකි වුණා.

ඒ වගේ ම ඖෂධවල පැවතිය යුතු සංඝටක පිළිබ`දව, මොළයේ පවතින ප්‍රොටීනවල පින්තූර ලබාගැනීම පිළිබඳව කළ පර්යේෂණ විශේෂයි. මෙවැනි පර්යේෂණ ගණනාවක්‌ මේ ක්‌ෂේත්‍රය යටතේ දැනටත් සිදු වෙමින් පවතිනවා.”

“ලංකාවේ මෙවැනි පර්යේෂණ සිදු කරන්න අසීරු ඇයි?”

“එක හේතුවක්‌ තමයි මේ පර්යේෂණ සඳහා අවශ්‍ය උපකරණවලට විශාල මුදලක්‌ වැය වනවා. එක උපකරණයක්‌ විතරක්‌ රුපියල් මිලියනයකට වඩා මිල අධිකයි. ඉතිං සැලකිය යුතු විද්‍යාගාර පහසුකම් හා මූල්‍ය පහසුකම් නොමැති ව අපිට අපහසුයි මේ පර්යේෂණ තනි ව සිදු කරන්න.

කොහොම නමුත් අපි CID (Centre for Instrument Development) කියන ආයතනය පටන්ගතතා ඊට විස`දුමක්‌ වශයෙන්. CID හරහා අපිට හැකි වුණා ලංකාවේ අපිට අවශ්‍ය වන පර්යේෂණ කරන්න. ආරම්භයේ උප්සලා සරසවිය මීට ආධාර ලබා දුන්නා. වසර 23ක්‌ පුරා උප්සලා සරසවිය සමඟ පැවැති අත්දැකීම් CIDහි කළ පර්යේෂණයන්ට ආධාර වුණා. 2007 වසරේ සිට මේ හරහා ආචාර්ය උපාධි ලබා දීමට අපිට හැකි ව තිබෙනවා”.

භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපතිවරයා ලෙස 1988 වර්ෂයේ වැඩ භාරගන්නා ආචාර්ය ආරියරත්න එතෙක්‌ භෞතික විද්‍යා විශේෂවේදී උපාධියට සීමා ව තිබූ අධ්‍යයන අංශය භෞතික ඉංජිනේරු විද්‍යාව වැනි නව විෂයයන් ඔස්‌සේ ව්‍යාප්ත කිරීමට කටයුතු කළේ ය.

“මේ තනතුර දරන අතර ඔබ මුහුණ දුන් ගැටලු මොනවා ද?”

“කොළඹ විශ්වවිද්‍යාලයයේ පරිගණක අධ්‍යයන අංශය වෙන ම ආයතනයක්‌ ලෙස වෙන් වෙන්න තීරණය කිරිම අප මුහුණ දුන් ගැටලුවක්‌. එහි දී මහාචාර්ය සමරනායක හා ඇති වූ එක`ගතාව අනුව පරිගණක විද්‍යාව සහ භෞතික විද්‍යාව සම්බන්ධ වූ පාඨමාලා පහක්‌ ඇරඹීමට අපිට හැකි වුණා.”

ගැටලු විසඳීමේ දී අප භාවිත කරන ජය-ජය ආකෘතිය (win-win) මට මෙනෙහි විය.

“1988 හා 1996 වර්ෂවලවල අංශාධිපතිවරයකු ලෙස වසර 12ක සේවයේ නිරත වන ආචාර්ය ආරියරත්න 2008 වර්ෂයේ දී විද්‍යා පීඨයේ පීඨාධිපති බවට පත් විය. බොහෝ විට ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙමින් තීරණ ගන්නා පීඨාධිපතිවරයකු වශයෙන් ඔහු සිසුන් අතර ජනප්‍රිය ව සිටියේ ය.

රැකියා විරහිත උපාධිධාරීන් වෙනුවෙන් රැකියා සඳහා වෙළෙඳපොළ ඉලක්‌ක කරගනිමින් පරිගණක විද්‍යාව, ඉලෙක්‌ට්‍රොනික විද්‍යාව, පරිසර විද්‍යාව හා ගුරු වෘත්තිය පිළිබඳ පාඨමාලාව යන නව උපාධි පාඨමාලා ඇතුළත් කිරීම ඔහු ගේ තීරණයක ප්‍රතිඵලයකි. මේ වැඩසටහන නුදුරු අනාගතයේ දී ක්‍රියාත්ම වීමට නියමිත ය. මීට අමතරව එම විෂයයන්ට අදාළව මාස 6ක රැකියා පුහුණුව ලබා දීමේ වැඩපිළිවෙළක්‌ ආරම්භ කිරීමත්, එය අනිවාර්ය කිරීමත් ප්‍රධාන වේ. Service Learning වැඩසටහන එම ව්‍යාපෘතීන් අතර ප්‍රමුඛ වන්නේ ය. එහි දී වෙනත් පෞද්ගලික ආයතන හා ඒකාබද්ධ ව ග්‍රාමීය වශයෙන් ජනතාවට පවතින ගැටලු විසඳීම සිදු වේ. මේ තුළින් තමන් ලබන විද්‍යා දැනුම ප්‍රායෝගිකව අත්හදාබැලීමට සිසුනට පහසුකම් සැලසීම අපේක්‌ෂාව විය.

“වරක්‌ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය හා සම්බන්ධ ව එහි සේවකයකුට නිවසක්‌ ලබා දීමේ වැඩපිළිවෙළක්‌ ළමයින් සංවිධානය කළා. ලක්‍ෂ අටක වැනි මුදලකට සියලු පහසුකම් සහිතව, පරිසර හිතකාමීව ස්‌වාභාවික හිරු එළිය ලැබෙන ආකාරයට මේ නිවස නිර්මාණය කිරිමට ඔවුන්ට හැකි වුණා. එපමණක්‌ නො වෙයි, ලංකාවේ දුෂ්කර ගමක මඩ මිශ්‍රිත ජලය පිරිසිදු කිරිමේ ක්‍රමවේදයක්‌ අපේ සිසුන් සොයාගත්තා. මෙය සිදු කළේ ස්‌වාභාවික ගෙඩි වර්ග භාවිතයෙනුයි. මේ සියලු ව්‍යාපෘතිය සිදු වන්නේ ආචාර්ය මණ්‌ඩලයේ සෘජු දායකත්වයෙන්. මෙය හරි ම ඵලදායි ක්‍රමයක්‌. සිසුන් තම දැනුම ප්‍රායෝගිකව අත්හදාබැලීමෙන් නව නිර්මාණ බිහි කරනවා පමණක්‌ නො ව තම හැකියාවත් පිළිබඳව ඔවුන්ට අවබෝධයක්‌ ලැබෙනවා.”

මිට අමතරව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතියට යටත් ව Electronics and Automation Technologies සත Financial Engineering වැනි උපාධි පාඨමාලා රැකියාවන්හි නියුතු උසස්‌ පෙළ සමත් පුද්ගලයන් සඳහා ඇරඹීමට ද ඔහු මුල් විය. මෙහි දේශන සදහා අන්තර්ජාලය හරහා සම්බන්ධ විය හැකි අතර ප්‍රායෝගික ප්‍රශ්න හා සාකචිඡාවන් සඳහා රැකියාවෙන් පසු කාලය හා සති අන්ත දින භාවිත කළ හැකි ය. මින් ලබන ආදායම පීඨයේ අභිවෘද්ධිය ස`දහා යොදාගනු ඇත.

මහාචාර්ය ටී. ආර්. ආරියරත්න ඔහු ගේ පරිපාලන ජීවිතයේ සුවිශේෂී සංධිස්‌ථානයක්‌ සනිටුහන් කරමින් 2013 වර්ෂයේ කොළඹ සරසවියේ වැඩබලන උප කුලපතිවරයා ලෙස පත් වේ. ක්‍ෂණිකා හිරිඹුරේගම මහත්මිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිනිය වීමත් සමග නිල උප කුලපතිවරයා පත් වන තෙක්‌ ගෙවුණු මාස 04ක කාලයක විශ්ව විද්‍යාලයීය පරිපාලන ක්‍රියාවලිය මහාචාර්ය ආරියරත්න යටතට පත් විය. z අගය සම්බන්ධව ඇති වූ අර්බුදයක්‌ හේතු කොට උසස්‌ පෙළ සමත් විශාල පිරිසක්‌ එකවර සරසවියට ඇතුළු වීම සිදු වනුයේ ද ඔහු ගේ ධුර කාලය තුළ ය. ඒ පිළිබ`දව මම විමසුවෙමි.

“මෙහි දී ශිෂ්‍යාවන් 600කට නේවාසිකාගාර පහසුකම් සැලසිමේ අපහසුතාවට අපි මුහුණ දුන්නා. තෙලවල පිරිමි නේවාසිකාගාරය මේ වන විට වසා දමලයි තිබුණෙ. අපි ඒක ප්‍රතිසංස්‌කරණය කරල ඔවුන්ට ලබා දුන්නා. ඒ අතර මාස තුනක කාලය ඔවුන්ට මාසික වියදම සඳහා රුපියල් 4000ක මුදලක්‌ දුන්නා.”

“පරිපාලකයෙක්‌ ලෙස විශ්ව විද්‍යාලයට අදාළ තීරණ ගැනීමේ දී විවිධ අපහසුතා ඔබටත් ඇති වෙලා ඇති”

ඔහු ම`ද සිනාවක්‌ පෑවේ ය.

“ඔව් අපි කවුරුත් ඒවට මුහුණ දෙනවා. ගොඩක්‌ වෙලාවට විශ්වවිද්‍යාලයෙ ළමයින් සම්බන්ධ තීරණ ගන්න කොට ඔවුන් සමඟත් සාකච්ඡා කිරිම අවශ්‍යයි. හිතුමතේට තීරණ ගැනීමට අපිට අයිතියක්‌ නෑ. ඔවුන් වැරැදි නම් ද`ඩුවම් ලබා දෙන්න ඕන. හැබැයි එහි විනිවිද බවක්‌ තිබිය යුතුයි. එවිට කිසිවකුට විරුද්ධ වෙන්නෙ බෑ. ළමයින් උද්ඝෝෂණ කරන්නෙ, වර්ජන කරන්නෙ ඔවුන් ගෙ අවශ්‍යතාවන්ට නිසි විස`දුම් නොමැති වුණා ම. ඔවුන් හුදකලා වෙලා කියල දැනෙන නිසා.”

“අද උසස්‌ පෙළ හදාරන බහුතරයක්‌ ළමයින්ට භෞතික විද්‍යා විෂයය අමාරුයි කියා මතයක්‌ තියෙනවා. එහි සත්‍යයක්‌ ඇතැයි ඔබතුමා සිතනව ද?” මම වෙනත් මාතෘකාවකට යොමු වුණෙමි.

“ඔව් එහෙම මතයක්‌ තියෙනවා. ඒත් ඒක හැම විට ම ඇත්තක්‌ නො වෙයි.

භෞතික විද්‍යාව බොහෝ විට තාර්කිකත්වය හා ගණිතය සම්බන්ධ වූ විෂයයක්‌. ජීවවිද්‍යාව කියන්නෙ කටපාඩම ප්‍රමුඛ වූ විෂයයක්‌. රසායන විද්‍යාව මේ විෂයයන් ද්විත්වයට අතරමැදි විෂයයක්‌. ඒක නිසා ජීව විද්‍යාව කරන ළමයින්ට රසායන විද්‍යාව ගැටලුවක්‌ නො වෙයි. නමුත් ගණිතය ඇතුළත් තර්කනය පවතින භෞතික විද්‍යාව මදක්‌ අපහසුයි. එහි කටපාඩම් කිරිමට ඇත්තෙ අවම ඉඩක්‌. නමුත් සංයුක්‌ත ගණිතය සිසුවාට මේ විෂයය ගැටලුව නෑ. මොකද භෞතික විද්‍යාවට වැඩි ගණිතමය ගැටලු විසඳීමට ඔවුන්ට සිදු වෙනවා. අනික එම විෂයය ද්විත්වය අතර බොහෝ සමානතා පවතිනවා.

“මෙයට විස`දුම මොකක්‌ ද?” මම විමසුවෙමි.

“ඒක ඒ තරම් ලොකු ගැටලුවක්‌ නො වේ. ජීවවිද්‍යාව ළමයින්ට භෞතික විද්‍යාව අපහසු වන්නේ ඔවුන් එම විෂය ගැටලු විසඳීමට වැඩි අවධානයක්‌ නො දෙන නිසා. එක ම පිළීයම පුළුවන් තරම් එම ගැටලුවලට විස`දුම් සෙවීම තමයි. එවිට එම විෂයට පුහුණුවක්‌ ඇති වෙනවා. එය එහි ඉහළ ලකුණු ලබාගැනීමට හේතු වෙනවා. අනික භෞතික විද්‍යාවට ඉහළ ලකුණු ලබාගන්න සිසුන් අතරින් බහුතරය ජීවවිද්‍යාව විෂය හැදෑරු ළමයින්. අධ්‍යාපනය කෙරෙහි මනා කැප වීමක්‌ සහිත ශිෂ්‍යාට මේ ගැටලුව ඇති වෙන්නෙ නෑ කියන එක එතනින් පැහැදිලි වෙනවා. සාමාන්‍ය සිසුන්ට තමයි ඔය ගැටලුව පවතින්නෙ.
අනික ගොඩක්‌ පාසල් ගුරුවරුන්ට උසස්‌ පෙළ විද්‍යා විෂයයන් හදාරන ළමයින් මෙහෙයවීම පිළිබඳව නිවැරැදි අවබෝධයක්‌ නෑ. ඔවුන් පුහුණු කිරීම වැදගත්. මොකද ගොඩක්‌ ශිෂ්‍යයන් වැරැදි දේවල් මේ නිසා ඉගෙනගන්නවා. අනික පංති කාමරය දැනට අපේ පරිසර ක්‍රියාකාරිත්වයන් හා සම්බන්ධ කරල උගන්නන ක්‍රමවේදත් අවශ්‍යයි. ගොඩක්‌ පාසල්වල ඒක වෙන්නෙ නෑ ඉතිං ළමයි යාන්ත්‍රිකව තමයි විෂය ඉගෙන ගන්නෙ.
“අවසන් වශයෙන් අධ්‍යාපන කටයුතුවල නිරත වන සිසු දරුවන් වෙනුවෙන් ඔබ දෙන උපදේශය කුමක්‌ ද?”

කුඩා අවධියේ සිට ම ළමයින් ප්‍රායෝගික පරිසරය ඇසුරු කර ගත් අධ්‍යාපනයකට යොමු කළ යුතුයි. එදිනෙදා පරිසරයේ දකින වස්‌තූන් දෙස විමර්ශනශීලීව දැකීමට ඔවුන් හුරු කළ යුතුයි. එතකොට කටපාඩම් ක්‍රමයෙන් බැහැර ව තාර්කිකව ලෝකය නරඹන්න ඔවුන් ඉගෙනගන්නවා. අපි ළමා විය පදනම් වූ මෙවැනි අධ්‍යාපන ක්‍රියාවලියකට සැලසුම් සකස්‌ කරමින් සිටිනවා. ඉදිරියේ දී ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න හැකි වේ වි.”

මනුරි පබසරී

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s