අපේ ගුවන් හමුදාව ජාත්‍යන්තර සේවයට

Posted: September 14, 2014 in ෴ගගන දැණුම෴

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වෘත්තීමය සාර්ථකත්වය ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වේ. තිස් අවුරුදු ත්‍රස්තවාදය පරාජය කිරීමේ දී පෙන්වූ දක්ෂතාවය හා කැපවීම නිසා ජාත්‍යන්තර ගෞරවය දිනා සිටින අපේ ගුවන් හමුදාවට විවිධ රටවලින් සේවාවන් සඳහා ඉල්ලීම් ඉදිරිපත්වී තිබේ. ප්‍රථම හෙලිකොප්ටර් බලපන්තිය මධ්‍යම අප්‍රිකානු ජන රජයට ඊයේ පිටත්ව ගියේ ඒ අනුවය.

දශක තුනකට අධික කාලයක් තිස්සේ මෙරට ත්‍රස්තවාදය පරාජය කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාව කැපවීම හා දැක්වූ දක්ෂතා ජාත්‍යන්තරයේද ඉහළම පිළිගැනීමකට ලක්වෙමින් ගුවන් හමුදා හෙලිකොප්ටර් බලපන්තියක් මධ්‍යම අප්‍රිකානු ජනරජයේ රාජකාරි සඳහා යෙදවේ. මෙවැනි අවස්ථාවක් මෙරට ගුවන් හමුදාවට හිමිවූ ප්‍රථම අවස්ථාව මෙය වෙයි.

ලෝකයේ ඉහළම ගණයේ සුපිරි ගුවන් හමුදාවන් ඇති රටවල් ගණනාවක් අතරින් මෙරට ගුවන් හමුදාවට හිමිවූ මේ අවස්ථාව සුවිශේෂී එකක් වෙයි. මේ යට‍ෙත් ගුවන් හමුදාව මගින් එක්සත් ජාතීන්ගේ රාජකාරීන් සඳහා M I 17 වර්ගයේ ගුවන් යානා 6ක් සමගින් නියමුවන්, ගුවන් යානා ඉංජිනේරුවන් සහ ගුවන් හමුදා නිලධාරීන් දෙසියකට වැඩි පිරිසක් ප්‍රථම සහ දෙවන අදියර සඳහා යැවේ.

මින් ප්‍රථම කණ්ඩායම මධ්‍යම අප්‍රිකානු ජනරජය වෙත ඊයේ උදේ යවනු ලැබිණි. ඊට M I 17 වර්ගයේ හෙලිකොප්ටර් යනා 3ක් සමඟ නිලධාරීන් 122 ඇතුළත් විය.  මේ පිරිස අංක 6 හෙලිකොප්ටර් බළගණයේ දිගුවක් ලෙස අංක 62 හෙලිකොප්ටර් බලපන්තිය ලෙසින් මොවුන් රාජකාරියෙහි නිරතව වීමට නියමිතය. මේ අතරින් නිලධාරින් දෙදෙනකු මීනුස්සා මූලස්ථානයේ සම්බන්ධීකරණ රාජකාරියේ යෙදෙනු ඇත.

මීට අමතරව දෙවන කණ්ඩායම දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට සම්බන්ධ වීමටද ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අවස්ථාව උදා වී ඇත. එම කණ්ඩායම ළඟදීම තවත් MI 17 ගුවන් යානා තුනක් සමඟ මෙහෙයුම්වල යෙදෙනු ඇත.එක්සත් ජාතීන්ගේ රාජකාරීන් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සුවිශේෂී වූ ක්‍රියාවලියකට අනුව සිදුකරන ලදි. එහිදී නියමුවන්ගේ පරිණතභාවය, තාක්ෂණික දැනුම, යුද්ධයේදී දැක්වූ දක්ෂතා, සම්පුර්ණ කළ ගුවන් පැය ගණන, විනය, තරුණ බව සහ වෘත්තීමය නිපුණත්වය මෙහිදී සැලකිල්ලට ගෙන තිබේ.

ගුවන් හමුදාවේ මේ වෘත්තීමය සාර්ථකත්වය සහ ජාත්‍යන්තර ඉල්ලුම ගුවන් හමුදාවට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවට ජයග්‍රහණය බව ගුවන් හමුදාපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක මහතා පැවසීය‍. මේ කණ්ඩායම් දෙක ගුවන් හමුදාවේ දක්ෂතම නිලධාරීන් වන වින්ග් කමාන්ඩර් විශ්ව සමන්ත සහ වින්ග් ක්මාන්ඩර් නිපුණ තනිප්පුලිආරච්චි යටතේ ක්‍රියාත්මක වෙයි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s