උල්කාෂ්මයක්‌ නො වන බවට සාධක මොනවා ද?

Posted: September 15, 2014 in ෴''විදැස''විශ්වය සගවාගත් තතු෴

පේරාදෙනිය සරසවියේ උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා අරලගංවිල උල්කාෂ්ම සිද්ධිය පරීක්‌ෂා කළ භූවිද්‍යාඥයන් කණ්‌ඩායම නියෝජනය කළ භූ විද්‍යාඥයෙකි. පහත පළ වන්නේ ලේකා ප්‍රියන්ති මැණිකේ නවරත්න ඒ මහතා සමග මේ සම්බන්ධයෙන් කළ සාකච්ඡාවකි.

මහාචාර්ය වික්‍රමසිංහ ගේ කණ්‌ඩායම සඳහන් කරන ආකාරයට ඔවුන් ඩයටම සොයාගෙන තිබෙන්නේ එහි සෙන්ටිමීටර 2-3ක්‌ පමණ අභ්‍යන්තරයෙන්. පෘථිවියේ තිබූ ඩයටම එකතු වූවා නම් එතරම් ඇතුළට යනන්ට බැරි බව ඔවුන් පවසා තිබුණා.

මෙය උල්කාෂ්මයක්‌ නො ව යම්කිසි අධික උෂ්ණත්වයකට ලක්‌ වීමෙන් පසුව උණු වී හැදුණු පාෂාණයක්‌ බව පවසන්නේ එහි පාෂාණීභූත වූ වී ඇට, පිදුරු කෑලි සහ ඒවා තිබූ තැන්වලින් වාෂ්ප වී ගිය පසු ඉතිරි ව තිබූ අවකාශ පවා තිබුණු බව අප නිරීක්‌ෂණය කළ නිසයි. ඒවා අප ඡායාරූපගත කොට තිබෙනවා.

එයින් පැහැ ලි වන්නේ පොළොවේ තිබූ පස්‌ උණු වීමකට ලක්‌ වී පාෂාණයක්‌ හැදුණු බවයි. එම පාෂාණය තුළ වී ඇට සහ වෙනත් ජීවී ද්‍රව්‍ය තිබී දැවී වාෂ්ප වී ගිය බවට සාක්‌ෂි තිබුණා. එම පාෂාණ කොටස සෙ.මී. 4ක්‌ 5ක්‌ යටට කැපූ පසුව එහි විවර දැකගත හැකි වීමෙන් ඒ බව පැහැ ලි වනවා.

උදාහරණයක්‌ විධියට පාෂාණය තුළ වී ඇට දැවී ගිය ගිය පසු එම වී ඇට තිබූ තැන් වී ඇටයේ හැඩයට දාර සහිතව සලකුණු වී තිබුණා. එසේ ම එම පාෂාණය අභ්‍යන්තරයේ විනාශ නො වී සංරක්‌ෂණය වුණු වී ඇට පිදුරු වගේ ම ඩයටමත් තිබෙනවා. ඒ වටා තිබූ ඛනිජ වඩාත් ඉහළ උෂ්ණත්වයකට ඔරොත්තු දෙ ඒවා විය හැකියි. එනිසා අදාළ ජීවී ද්‍රව්‍ය ඒ තුළ සංරක්‌ෂණය වන්නට ඇති. සාමාන්‍යයෙන් කුඹුරුවල පසෙහි ඩයටම මිලියන ගණනින් තිබෙනවා. වී ඇට පිදුරු කැබැලි වගේ ම මේ ඩයටමත් පාෂාණගත වී තිබෙනවා. එම නිසා එය පාෂාණයක්‌ ම පමණක්‌ බව සියයට සියයක්‌ ම විශ්වාසයි.

මහාචාර්ය වික්‍රමසිංහ ගේ කණ්‌ඩායම එහි තිබුණු වී ඇට පිදුරු කැබැලි නො දුටුවේ ඇයි?

පරිලෝකන ඉලෙක්‌ට්‍රෝන අණ්‌වීක්‌ෂයකින් (Scanning Electron Microscope) බලන විට පෙනෙන්නේ වී ඇට නො ව ඊට වඩා දස දහස්‌ ගුණයකින් කුඩා ක්‌ෂුද්‍ර ජීවීනුයි. එක්‌වර ම අණුක තාක්‌ෂණය යොදාගෙන මේ දෙස බැලූ නිසයි එතුමා ඩයටම පමණක්‌ දුටුවේ. ඊට කලින් සාමාන්‍ය අණ්‌වීක්‌ෂයක්‌ භාවිත කළා නම් වී ඇට, පිදුරු වැනි දේ පෙනෙනවා. මේ පාෂාණය ඇතුළත තිබෙන වී ඇට පිදුරු වැනි එම අවට පසින් එකතු වූ දෑවල පැහැ ලි ඡායාරූප අප සතුයි. එතුමා ඒවා දැක්‌කා නම් ඔය මතයට එළඹෙන්නෙ නැති වෙයි. මේ මතයට කලින් ම එළඹුණු නිසා දැන් ආපසු එන්න නොහැකි තත්ත්වයක්‌ වගෙයිs එතුමාට තිබෙන්නේ.

ඇත්තට ම අපි මේ පාෂාණය පරීක්‌ෂා කළේ ප්‍රකාශ (ආලෝක) අණ්‌වීක්‌ෂවලින් පමණයි. අනෙක ඩයටම තිබෙන බව අපි දන්නවා. කුඹුරේ පස්‌වල අනිවාර්යයෙන් ම ඩයටම තිබෙනවා. අපිට එය ස්‌ථිරයි. පරීක්‌ෂා කරන්න දෙයක්‌ නැහැ. මූලික අධ්‍යයන ආයතනයේ උද්භිද විද්‍යා මහාචාර්ය කුලසූරියටත් ඔය ඩයටමවල ඡායාරූප පෙන්වා අප විමසීමක්‌ කළ විට එතුමා ද පැවසුවේ අපේ කුඹුරුවලත් තිබෙන්නේ ඔය ඩයටම ම බවයි. එපමණක්‌ නො ව මම අන්තර්ජාලයට ද පිවිස මහාචාර්ය වික්‍රමසිංහයන් ගේ ඩයටම ඡායාරූප සංසන්දනය කොට බලන විට ද දැකිය හැකි වූයේ ඒවා පෘථිවියේ ඇති අනෙක්‌ ඩයටමවලට සමාන බවයි.

ඔබේ මතය තහවුරු කරන අනෙකුත් සාධක මොනවා ද?

මෙය හැදී තිබෙන්නේ පොළොවේ පස්‌ ක්‌ෂණික උණු වීමකට ලක්‌ වීමෙනුයි. එය අනිවාර්යයෙන් ම විදුලි කෙටීමක දී ඇති වන ක්‌ෂණික උණු වීමක්‌. අපේ මතය තහවුරු වන්නේ එහි පාෂාණිභූත වූ වී ඇට සහ පිදුරු කෑලි පමණින් ම නො වෙයි. පසෙහි ඇති සිලිකා නමැති ඛනිජ ද්‍රව්‍ය ඉතා ඉක්‌මන් උණු වීමකට ලක්‌ වී ඒ සැණින් ම සිසිල් වී තිබෙනවා. සාමාන්‍යයෙන් පොළොවේ තිබෙන සිලිකා ස්‌ඵටිකරූපීයි. මේ සිලිකා උණු වීමකට ලක්‌ වී සිසිල් වූ පසු වීදුරු හැදෙනවා. ඒ වි යට උණුසුමකට ලක්‌ වී සිසිල් වීමෙන් හැදුණු වීදුරුමය කොටස්‌ ද එම පාෂාණයේ තිබෙනවා. ඒ වගේ ම පෘථිවියේ ඇති තවත් ඛනිජ ද්‍රව්‍ය මෙහි දැකිය හැකියි. මෙවැනි සාධක බොහොමයක්‌ නිසා අපිට මේ ගැන කිසි ම සැකයක්‌ නැහැ. මෙය මිහි මත ම ඇති වූ පාෂාණයක්‌ ම බව පැවසීමට අපේ මූලික ම තර්කය වූයේ පාෂාණගත වූ ඇට සහ පිදුරු කැබැලියි. ඒවාත් අප දුටුවේ මහාචාර්ය වික්‍රමසිංහයන් පවසන ඔය ඩයටම තිබෙනවා කියන සෙන්ටිමීටර ගණන ඇතුළෙ ම තමයි.

අකුණු සැරයකට ලක්‌ වුණු පස්‌ කොටසක්‌ පාෂාණයක්‌ වන ආකාරය පිළිබඳව සැකෙවින් පැහැ ලි කරනවා නම්?

පස්‌ අහුරක්‌ ගෙන බැලුව හොත් එහි මූලික වශයෙන් තිබෙන්නේ මැටි සහ වැලි. ඊට අමතරව කාබනික ද්‍රව්‍ය, පහසුවෙන් රාපත් නො වන ඛනිජ ද්‍රව්‍ය මෙන්ම අනෙකුත් ඛනිජ ද්‍රව්‍ය තිබෙනවා. මේවාට එක්‌වර ම අධික විදුලි සැරයක්‌ පතිත වූ විට එහි ඇති උණු විය හැකි ඒවා සියල්ල උණු වී ඝනීභවනය වෙනවා.

ඒ ආකාරයට විදුලිය ව න තැන තෙතමනය ඇති පසක්‌ නම් එම පස්‌ ගේ විදුලිය තිරස්‌ව ගමන් කරනවා. කුඹුරක නම් පස තෙතයි නේ. ඉතින් විදුලිය ගමන් කරන මාර්ගය ගේ පස්‌ උණු වී යනවා. එසේ ක්‌ෂණයකින් ඇති වන උෂ්ණත්වය පොළොව ගේ ගමන් කළ විට යම් යම් ව්‍යුහාත්මක වෙනස්‌කම් පසේ ඇති වනවා. මේ ලක්‌ෂණ එහෙම පිටින් ම මේ පාෂාණ තුළ තිබුණා. අපේ මතය සනාථ වන තවත් එක්‌ සාධකයක්‌ එය. මෙය විදුලි කෙටීමකට ලක්‌ වීම නිසා ඇති වූ පාෂාණයක්‌ (Fulgurite) බව නිගමනය කිරීමට අපට තිබූ භෞතික සාධකය වුයේත් එයයි. පිටරටවලින් හමු වී ඇති මෙවැනි පාෂාණවලත් මේ ආකාරයේ ලක්‌ෂණ දැකිය හැකියි.

මේ පාෂාණයෙහිත් සවිවරතාව තිබෙනවා. මේ සවිවරතාව ඇති වන්නේ අකුණ වැදී පස පස උණු වීමට ලක්‌ වන අවස්‌ථාවේ එහි ඇති සමහර මැටි වැනි අධික උෂ්ණත්වයකට ඔරොත්තු දෙන ඛනිජ උණු නො වීම නිසයි. එහෙත් එම ඛනිජවලින් වට වූ ජීවී ද්‍රව්‍ය උණු වී විනාශ වනවා. එවිට ඒ ජීවීන් සිටි තැන් සවිවර ලෙස ස්‌ වනවා. ඒ වගේ ම වියළුණු, දැවුණු, ගල් වූ මැටිත් මේ තුළ තිබෙනවා. ඒ වගේ ම සිලිකා උණු වී ඇති වුණ යරය නැවත සිසිල් වූ පසු හැදුණු වීදුරු බෝලත් මේ පාෂාණය තුළ දැකිය හැකියි. මේ සියලු ම සාධක ගත් විට මෙය පාෂාණයක්‌ විනා උල්කාෂ්මයක්‌ නො වන බව පැහැ ලියි.

ඔබ කණ්‌ඩායම මින් පෙර උල්කාපාත සම්බන්ධයෙන් පරීක්‌ෂණ සිදු කොට තිබෙනවා ද?

අපි කලින් මෙවැනි උල්කාෂ්මයක්‌ සොයාගත්තා. එය උල්කාෂ්මයක්‌ බවට අපේ පරීක්‌ෂණවලින් අපි ස්‌ථිර කර ගත්තා. ඒ ගැන අවශ්‍ය සියලු ම පරීක්‌ෂණ කළා. ඉන් පසු අපි ඒ ගැන Meteoritics and Planetary Science Association ජර්නලයට අයත් Meteoritical බුලටිනයේ (2004, Vol 39, No 8) පළ කළා. ඊට අමතරව ජාත්‍යන්තරව ලබා දුන් හඳුනාගන්නා අංකයක්‌ සමඟින් මේ උල්කාෂ්මය ලියාප ංචි කොට තිබෙනවා. (මෙය ඇමෙරිකාවේ Meteoritical Society මගින් කළුගලතැන්න උල්කාෂ්මය කියා නම් කර ඇත). එම උල්කාෂ්මය තමයි අපේ විද්‍යාගාරයේ තිබෙන අපට හමු වූ සැබෑ එක ම උල්කාපාතය. මේ අරලගංවිලෙන් හමු වූ පාෂාණයත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ භූවිද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාගාරය තුළ තැන්පත් කොට තිබෙනවා.

අනෙකුත් ඔය වැටුණා කියන උල්කාපාතත් ගෙන්වා ගැනීමට අපි උත්සාහ කරනවා. නමුත් යම් යම් හේතු නිසා ඒවා අපට ලැබෙන්නේ නැහැ. සාම්පල ලැබෙනවා නම් ඒ පිළිබඳ පර්යේෂණ සිදු කොට නිගමනවලට එන්න පුළුවන්.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ තිබෙන පර්යේෂණාගාර පහසුකම් මේ සඳහා ප්‍රමාණවත් බවට ඔබ සෑහීමකට පත් වනවා ද?

පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යා පීඨයේ ඇති අපේ භූ විද්‍යා රසයානාගාරයේ පහසුකම් ඒ සඳහා හොඳින් ම ප්‍රමාණවත් වෙනවා.

මහාචාර්ය වික්‍රමසිංහ ගේ පෑන්ස්‌පර්මියාවාදයට ඔබ ගේ ප්‍රතිරෝධයක්‌ තිබෙනවා ද?

පෑන්ස්‌පර්මියාවාදයට විරුද්ධව මගේ තර්කයක්‌ නැහැ. හේතුව පෑන්ස්‌පර්මියාවාදය කියා කියන්නේ එක්‌ දහස්‌ නව සිය හැට ගණන්වල විද්‍යාඥයන් කිහිප දෙනකු එකතු ව ගොඩනැ`ගූ මතයක්‌. එම විද්‍යාඥ කණ්‌ඩායමේ මුල් තැනක්‌ හිමි වන්නේ මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහටයි. එම මතය ගැන මගේ කිසි ම විවෙචනයක්‌ නැහැ. එම මතය හරි වෙන්නත් පුළුවන්. නො වෙන්නත් පුළුවන්. නමුත් මගේ තර්කය වන්නේ මහාචාර්ය වික්‍රමසිංහ පෑන්ස්‌පර්මියාවාදය සනාථ කිරීමට තෝරාගෙන තිබෙන්නේ සැබෑ උල්කාපාතයක්‌ නො වීමයි. 1995 වසරේ වැටුණු උල්කාපාතයෙත් මේ වගේ ම ෆොසිලගත ජීවීන් සිටි බව එතුමා ප්‍රකාශ කොට තිබුණා. එම නිගමනයටත් ඒ කාලේ බොහෝ ජාත්‍යන්තර විවේචන එල්ල වී තිබුණා. මේ වි යට ක්‌ෂුද්‍ර ජීවීන් සිටින බව එතුමා පවසන දෙවැනි අවස්‌ථාව මෙයයි. එපමණක්‌ නො ව මහාචාර්ය වික්‍රමසිංහ මෙවර පවසන්නේ අවුරුදු 500 ඇතුළත කෙරුණු විශාලතම සොයාගැනීම මෙය බවයි. මෙය උල්කාපාතයක්‌ වී නම් මං එතුමාට එම සොයාගැනීමට සුබපතනවා. නමුත් මෙය උල්කාෂ්මයක්‌ නො වෙයි.

විෂය පථයන් දෙකක මහාචාර්යවරුන් වන ඔබ දෙපළ රටවල් දෙකක සිට වෙනස්‌ වෙනස්‌ නිගමනයන් අපට පවසනවා. මෙය අහස පොළොව පිළිබඳ විද්‍යාත්මක සංවාදයකට පමණක්‌ සීමා නො කොට ඔබ දෙපාර්ශවය ම එකට හමු වී තම තමන් ගේ මත හා ඒවා දැරීමට රුකුල් දෙන මේ කරුණු සාකච්ඡා කොට සමාජය දැනුවත් කරනවා නම් වඩාත් හොඳයි නේ ද?

මේ පාෂාණය පිළිබඳ වැඩමුළුවක්‌ පවත්වන්නට පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ අපි යෝජනා කොට තිබෙනවා. එයට මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ වගේ ම ආචාර්ය චන්දන ජයරත්න, ඇමෙරිකා එක්‌සත් ජනපදයේ මහාචාර්ය රිචඩ් හූවර් සහ ලංකාවේ අනෙකුත් බොහෝ විද්‍යාඥයන් සහභාගි කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. අපේ මතය ඉ රිපත් කිරීමට බලපෑ සියලු ම සාධක ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමට මං කැමැතියි. මහාචාර්ය වික්‍රමසිංහ ද විද්‍යාඥයෙක්‌. එම නිසා මේ සාධක ගැන බලා මේ වන විටත් තීරණයකට පැමිණ ඇතැයි මා හිතනවා.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s