ග්‍රහක, උල්කාපාත හා උල්කාෂ්ම

Posted: September 15, 2014 in ෴''විදැස''විශ්වය සගවාගත් තතු෴

අභ්‍යවකාශය ඉතා විශාල ලෙස දූවිලි හා පාෂාණ කැබැලිවලින් පිරී පවතී. මේ පාෂාණ කැබැලි අභ්‍යවකාශයේ පවතින විට ඒවා ග්‍රහක (Asteroids) ලෙස අපි හඳුන්වමු. මෙලෙස තනිකර ම ග්‍රහකවලින් සමන්විත කලාප පවතී. අඟහරුත් බ්‍රහස්‌පතිත් අතර ඇති ග්‍රහක පටිය මේ සඳහා උදාහරණයකි. එපමණ නො වුණත් අප පෘථිවිය අවට ඇති අභ්‍යවකාශයේ ද විශාල ලෙස ග්‍රහක පවතී. පෘථිවිය සූර්යයා වටා ගමන් කිරීමේ දී මේ ග්‍රහක හරහා ගමන් කිරීමට සිදු වෙයි. එවිට මේවා පෘථිවි ගුරුත්වාකර්ෂණයට හසු වී වේගයෙන් පෘථිවිය කරා පැමිණේ. මේ ගමනේ දී මේවා පෘථිවියේ වායුගෝලය හා ගැටීමෙන් ඉතා අධික ලෙස රත් වෙයි. මේ ග්‍රහක සෙල්සියස්‌ අංශක 3000ක පමණ අධික උෂ්ණත්වයට පවා රත් වෙයි. පහළ වායුගෝලයට පැමිණීමේ දී මේවා වායුගෝලයේ ඇති ඔක්‌සිජන් සමග මුසු වී විවිධ වර්ණයන් ගෙන් යුතු ආලෝකයන් පිට කරමින් දැවී යයි. මේ වස්‌තූන් වායුගෝලය තුළ දී දැවීමට භාජන වන විට අපට පියවි ඇසින් දැකිය හැකි ය. “කඩා හැළෙන තාරකා” ලෙස දිස්‌ වන මේවා (වායුගෝලය තුළ දී) උල්කාපාත ලෙස හඳුන්වනු ලැබේ. (උල්කාෂ්ම ලෙස හඳුන්වන්නේ පොළොවට පතිත වූ පසු ය).

රෑ අහස නිරීක්‌ෂණය කරන අයකු හට නම් මේවා අරුමයක්‌ වීමට නුපුළුවන. එනම් ඔබ අහස දෙස එක එල්ලේ පැයක්‌ නිරීක්‌ෂණයේ යෙදුණ හොත් උල්කාපාත 5ක්‌ පමණ ප්‍රමාණයක්‌ දැකගත හැකි ය. තරමක්‌ විශාල පාෂාණ කැබැල්ලක්‌ පැමිණිය හොත් එය මුළුමනින් ම දහනය කිරීමට අප ගේ වායුගෝලය සමත් නො වේ. ඉතිරි වන කොටස වේගයෙන් පෘථිවිය මතට පතිත වේ. මේවායේ වේගය තත්පරයට කිලෝමීටර 10ත් 70ත් අතර අගයක්‌ ගනී. එබැවින් පෘථිවිය මතට කුඩා කැබැල්ලක්‌ පතිත වුව ද එම කුඩා කැබැල්ල සතු ව පවතින ශක්‌තිය අති විශාල ය. ගම්‍යතාව වැඩි ය. (ගම්‍යතාව යනු ස්‌කන්ධයේත් ප්‍රවේගයේත් ගුණිතයයි.) එබැවින් පෘථිවිය මතට කිලෝමීටර 10ක පමණ විශාලත්වයකින් යුතු ග්‍රහක කැබැල්ලක්‌ පතිත වුව හොත් මිහි මත ජීවයෙන් සියයට 95ක්‌ පමණ ව`ද වී යනු ඇතැයි ඇතැම් ගණනයකින් කියෑවේ.

සෙන්ටිමීටර 10ක්‌ හෝ ඊට වඩා විශාල ග්‍රහකයක්‌ අභ්‍යවකාශයේ සිට පෘථිවියට පැමිණිය හොත් එය නිසැක ව ම පෘථිවිය මත පතිත වනු ඇත. මෙසේ පෘථිවියට පතිත වූ පසු එහි කොටස්‌ අපට දැකිය හැකි නම් එම පාෂාණය උල්කාෂ්මයක්‌ ලෙස හඳුන්වනු ලබයි. (අභ්‍යවකාශයේ තිබෙන විට ගල් කැබැල්ලක්‌, ග්‍රහකයක්‌ ලෙස නම් කරන අතර පෘථිවි වායුගෝලය තුළ දහනය වන විට උල්කාපාතයක්‌ ලෙසින් ද, පෘථිවිය මත පතිත වූ විට එය උල්කාෂ්මයක්‌ ලෙසින් ද හැඳින්වෙයි.)

ලෝක ඉතිහාසයේ මෙවැනි උල්කාපාත පතිත වූ අවස්‌ථා ඕනෑ තරම් දැකිය හැකි ය. මෑතකාලීනව ප්‍රබලතම සිද්ධිය ලෙස වාර්තා වන්නේ නැෙ`ගනහිර සයිබීරියාවේ තුන්ගුස්‌කා (Tungusk) ගඟට ආසන්නව ඇති අති විශාල වනය අසල සිදු වූ උල්කාපාත කඩා වැටීමයි. මෙය සිදු වූයේ 1908 ජූනි මස 30 දින පෙ.ව 11.30ට ය. එම ග්‍රහකය ද පෘථිවියට පතිත වීමට ප්‍රථම ඉහළ අහසේ දී පුපුරා ගොස්‌ ඇත. එම පිපිරීම හේතු කොටගෙන නිකුත් වූ කම්පන තරංග හේතු කොටගෙන පහළ වූ වනාන්තරයට දැඩි ලෙස හානි සිදු වී ඇත. එම වනාන්තරයේ සැතපුම් 5ක වට ප්‍රමාණයක වූ ගස්‌ සියල්ල ම විනාශ වූ අතර වර්ග සැතපුම් 1200ක වට ප්‍රමාණයක වූ ශාකවලට ද මේ පිපිරුම නිසා දැඩි හානි සිදු ව ඇත. මේ ග්‍රහකය අඩි 200ක්‌ පමණ වූ බව ගණනය කර ඇත. තුන්ගුස්‌කාවට වැටුණු එම උල්කාපාතය TNT නම් අධික පිපිරුම් බලයක්‌ සහිත රසායනික ද්‍රව්‍ය ටොන් මිලියන 15ක්‌ එක්‌ කොට සෑදූ බෝම්බයක්‌ පුපුරා ගිය විට ඇති වන හානියට සමාන හානියක්‌ සිදු කර ඇත. තව ද එය ජපානයේ හිරෝෂිමාවට පතිත වූ බෝම්බය මෙන් දහස්‌ ගුණයක බලයක්‌ ගැබ් ව තිබූ බව පර්යේෂකයන් සනාථ කර ඇත. මෙය සමාන කළ හැක්‌කේ අද අප නිපදවා ඇති හයිඩ්‍රජන් බෝම්බයකට ය. තුන්ගුස්‌කාවට කඩා වැටුණාට වඩා විශාල ග්‍රහක පෘථිවිය මත පතිත වී එදා පෘථිවිය මත රජ කළ ඩයිනොසෝරයන් සියල්ල ම තුරන් කර දමන ලද බව එක්‌ ප්‍රකට විද්‍යාඥ මතයකින් කියෑවේ. අද පෘථිවිය මත රජ කරන මිනිසාට ද එවැනි දැවැන්ත ග්‍රහක ගැටුමකින් බලවත් හානි සිදු වීමට ඇති ඉඩකඩ සුළු කොට නො තැකිය යුතු ය.

පසුගිය දශක 3ක කාල සීමාව තුළ දී මිනිසුන් රහිත ඇන්ටාක්‌ටිකා ප්‍රදේශවලින් මෙලෙස පතිත වූ උල්කාෂ්ම විශාල වශයෙන් සොයාගන්නා ලදි. ඊට අමතරව මේ වන විට පෘථිවියේ නන් දෙසින් උල්කාෂ්ම සොයාගෙන ඇත. මේවා සොයාගැනීම මඟින් විද්‍යාඥයන්ට සෞරග්‍රහමණ්‌ඩලය ආරම්භ වූ අයුරු මෙන්ම අද දක්‌වා විකාශනය වූ අයුරු ද අනාවරණය කරගත හැකි ය. තව ද වෙනත් ග්‍රහයන් සතු ව පවතින වායුමය හා පාෂාණමය සංයුති පිළිබඳව ද විද්‍යාඥයන්ට මෙයින් අධ්‍යනය කිරීමට හැකියාව ලැබී තිබේ.

මෙලෙස පෘථිවියට වැටුණු උල්කාෂ්ම සියල්ලක්‌ ම ප්‍රධාන වශයෙන් කොටස්‌ 3කට බෙදනු ලැබේ. ඒවා නම් ලෝහමය උල්කාෂ්ම, පාෂාණමය උල්කාෂ්ම හා ලෝහ හා පාෂාණ මිශ්‍රිත උල්කාෂ්ම ය.

පාෂාණමය උල්කාෂ්ම තවත් අනු කොටස්‌ දෙකකට වර්ග කරනු ලබයි. ඒවා නම් ඇකොන්ඩ්‍රයිට්‌ (Achondrites) හා කොන්ඩ්‍රයිට්‌ ය (Chondrite)

* කොන්ඩ්‍රයිට්‌ උල්කාෂ්ම

කොන්ඩ්‍රයිට්‌ වර්ගයේ උල්කාෂ්ම ඉතා බහුල ය. පෘථිවියෙන් හමු වන උල්කාෂ්මවලින් සියයට 86ක්‌ ම මේ වර්ගයේ උල්කාපාෂ්මයන් ය. මේ උල්කාෂ්ම සෑදී ඇත්තේ සෞරග්‍රහමණ්‌ඩලය ආරම්භ වීමට මුල් වූ වායු වලාවෙන් ම ය.

* ඇකොන්ඩ්‍රයිට්‌ උල්කාෂ්ම

මේ වර්ගයේ උල්කාෂ්ම පොළොවට වැටීමේ දී ඇති වන උෂ්ණත්වයේ දී යම් ප්‍රමාණයක්‌ දිය වී ඉන්පසුව සිසිල් වීමේ දී ඝන බවට පත් ව තිබෙන ඒවා ය. මේවා තුළ දිය වී ඝන බවට පත් වූ සිලිකේට්‌ අන්තර්ගත ය. එම නිසා මේවා ස්‌ඵටිකමය ස්‌වරූපයක්‌ ගනී. පෘථිවිය මත ඇති ලාවා ඝන වූ පසුව දැකිය හැකි ස්‌වරූපයක්‌ මේ වර්ගයේ උල්කාපාතවල දක්‌නට ලැබේ. මේවා බොහෝ විට සෑදී ඇත්තේ සිලිකන්, ඔක්‌සිජන් හා අනෙකුත් මූලද්‍රව්‍ය සම්මිශ්‍රණයකිනි. පෘථිවිය මත පතිත වන උල්කාෂ්මයන් ගෙන් සියයට 8ක ප්‍රමාණයක්‌ මේ වර්ගයේ උල්කාෂ්මයන් ය.

ලෝහමය උල්කාෂ්ම

පෘථිවිය මතට පතිත වන උල්කාෂ්මයන් ගෙන් දුර්ලභ ගණයේ උල්කාෂ්ම ලෙස මේ වර්ගය හැඳින්විය හැකි ය. මේවායේ බොහෝ විට අන්තර්ගත වන්නේ නිකල් හා යකඩ ය.

ලෝහ හා පාෂාණ මිශ්‍රිත උල්කාෂ්ම

මේවා බොහෝ විට සෑදී ඇත්තේ උණු වී දිය වුණු ලෝහ හා සිලිකේට්‌ ඝන වීමෙනි. මේවා මැණික්‌ මෙන් විවිධ වර්ණයන් ගෙන් යුතු දිළිසෙන පාෂාණමය ස්‌වරූපයක්‌ ගනී. පෘථිවිය මත පතිත වන උල්කාෂ්මයන් ගෙන් සියයට 1ක ප්‍රමාණයක්‌ මේ වර්ගයේ ඒවා වේ. එබැවින් මේවා අතිශයින් ම දුලබ ය.

උල්කාෂ්මයක්‌ සරල ලෙස හඳුනා ගැනීමට එහි ඇති අසාමාන්‍ය හැඩය හා බර ඉවහල් වේ. මේවා ප්‍රමාණයට වඩා විශාල බරකින් යුක්‌ත ය. ලෝහමය උල්කාපාෂ්මවල මේ ලක්‌ෂණය ඉතා හොඳින් දැකිය හැකි ය.

උල්කාෂ්ම ලොව ඇති මිල අධික ම වස්‌තූන් ගෙන් එකකි. එයට හේතුව මෙහි ඇති දුලභ බවයි. සැබෑ උල්කාෂ්මයක්‌ රුපියල් මිලියන ගණනක වටිනාකමකින් යුක්‌ත ය. ලෝහමය උල්කාෂ්ම මිල අධික ම උල්කාෂ්ම ලෙස වර්ග කර ඇත. ග්‍රෑම් 850ක පමණ ලෝහමය උල්කාෂ්මයක්‌ ඩොලර් 500කට පමණ මිලකට අලෙවි වෙයි.

අද ලෝකයේ මෙවැනි උල්කාෂ්ම එකතු කිරීම විනෝදාංශයක්‌ ලෙස කරන පුද්ගලයෝ ද සිටිති. එබැවින් මේවා මිල දී ගන්නා මෙන්ම විකුණන වෙළෝද සල් ලොව පුරා පිහිටා ඇත. පහත සඳහන් වෙබ් අඩවිය වෙත පිවිස වැඩි විස්‌තර දැනගත හැකි ය. http://aerolite.org/stonemeteorites.htm

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s