නව iPhone 6 හා Apple Watch ගැන ඔබ දැනගත යුතුම දේ !

Posted: September 19, 2014 in ෴''විදැස''විශ්වය සගවාගත් තතු෴

විශාල iPhone දුරකථනයක්, ජංගම දුරකථනය හරහා ගනුදෙනු කිරීම සහ ස්මාර්ට් අත් ඔරලෝසුව. මේ තම්යි Apple සමාගම සිය පාරිභෝගිකයින්ට වැඩිම කාලයක් තිස්සේ වූ පොරොන්දු. ඒ පොරොන්දු ඉෂ්ඨ කරන්නට පසුගියදා පැවැති නව iPhone එළිදැක්වීමේ උළෙලේදී ඇපල් සමාගමට හැකිවුනා. එක් iPhone දුරකථනයක් වෙනුවට iPhone 6  හා iPhone 6 Plus නමින් ජංගම දුරකථන 2ක් හඳුන්වා දුන්නා.

1100

අඟල් 4.7ක තිරයක් සහිත iPhone 6 හා අඟල් 5.5ක තිරයක් සහිත iPhone 6 Plus ජංගම දුරකථන ද්විත්වයම NFC පහසුකම් ඇතිව නිකුත්වන නිසා Apple Pay හරහා මුදල් ගණුදෙනු සඳහා iPhone භාවිත කරන්නට පුළුවන්. ඒ වගේම අලුතින් හඳුන්වා දුන් iWatch ස්මාර්ට් අත් ඔරලෝසුවත් මේ උත්සවයේ කැපී පෙනෙන නිෂ්පාදනයක් වුනා.

SEE ALSO: Apple සමාගම ගැන මෙතෙක් නොඇසුනු අපූරු කතා 10ක් !

Google හා අනෙකුත් සමාගම් විසින් මාස හෝ අවුරුදු ගණනකට පෙර හඳුන්වා දුන් සමහර අංග දැන් දැන් කෙමෙන් iPhone සඳහා හඳුන්වා දෙමින් සිටිනවා. ඒත් ඒ උපාය ඇපල් සඳහා සාර්ථක වූ උපායක් වගේම ඒ හරහා උසස් තාක්ෂණයකින් පරිපූර්ණ විසඳුමක් සපයන්නට ඇපල් සමාගමට හැකිවුනා.

නව පෙනුම

iPhone6

ඇපල් සමාගමේ නිෂ්පාදන කාලයත් සමඟ විවිධ වෙනස්කම් වලට ලක්වූනා. මුල්ම iPhone ජංගම දුරකථනයේ වක්‍රවූ පෙනුම කෙමෙන් iPhone 5S වන විට පැතලි පෙනුමක් බවට පත් වුනා. මෙවර නිකුත් වූ අලුත් iPhone 6 සඳහාද වක්‍ර පෙනුම ලබාදී ඇති අතර මීට පෙර නිකුත් වූ iPhone ට වඩා ප්‍රමාණයෙන්ද විශාලයි.  ඊට අමතරව තවත් වෙනස්කම් කිහිපයක්ම මේ නව iPhone හි ඇතුලත්. ඒත් බැලූ බැල්මට iPhone එකක් කියලා අඳුනගන්න පුළුවන් ආකාරයේ උසස් නිමාවක් හා පෙනුමක් තවමත් iPhone සතුයි.

SEE ALSO: Apple සමාගම ගැන මෙතෙක් නොඇසුනු අපූරු කතා 10ක් !

ඉදිරිපස තිරය ලෝහමය රාමුව හා හොඳින් සම්බන්ධව ඇති අතර මීට පෙර නිකුත් වූ iPhone 5S ට වඩා iPhone 6 සිහින්. පසුපස කැමරාව තරමක් ඉදිරියට නෙරා ඇති අතර ඉදිරිපස Retina තිරය පෙර පැවසූ අයුරින් Sapphire තිරයක් නොවුනත් පෙරට වඩා ශක්තිමත් බවයි පැවසෙන්නේ. කුඩා iPhone 6 හි බැටරි ආයු කාලය පැය 10ක කතා කාලයක් වන අතර පැය 11ක WiFi Web Browsing සඳහා ප්‍රමාණවත් බැටරි ආයුකාලයක්. නමුත් iPhone 6 Plus හි බැටරි ආයුකාලය පෙර iPhone 5S මෙන් දෙගුණයක් පමණ වනවා. ඒ අනුව පැය 40ක කතා කාලයක් හා පැය 44ක WiFi Web Browsing සඳහාද බැටරිය ප්‍රමාණයක්. හැබැයි අංක වලින් කියන දේ ඇත්තටම වෙනවද කියන එකනම් තරමක් ගැටළුවක්.

iPhone 6 Plus

if-you-care-about-battery-life-you-will-want-the-iphone-6-plus

ඇපල් සමාගම Phablet වෙළඳපට වෙතට නිකුත් කල පළමු නිෂ්පාදනයයි iPhone 6 Plus. එහි තිරය අඟල් 5.5ක් වන 1920×1080 pixel Retina HD තිරයක්. iPhone 5S වඩා සිහින් මේ නව ජංගම දුරකථනයේ ඝනකම මිලිමීටර් 7.1 පමණයි. ඒ වගේම විශාල තිරය නිසා Home Screen එක හරවා landscape ආකාරයට භාවිත කරන්නට නව iPhone සහාය දක්වනවා. ඒ වගේම සමහර apps සඳහා තවත් pane එකකට ඉඩ වෙන්වන අතර keyboard එකේ අමතර key කිහිපයකුත් තිබෙනවා. ඒ අතර Cut, Copy හා Paste කරන්නටම වෙන්වූ keys ද තිබෙනවා.

විශාල තිරවල ඇති අපහසුව තමයි ඉහළින් ඇති button click කිරීමට වැඩි වෙහෙසක් දැරීමට සිදුවීම. මේ නිසා home button එක දෙවරක් එබීමෙන් ඉහළ කොටස පහලට එන නිසා අපහසුවකින් තොරව ඉහළ කොටසද access කරන්නට පුළුවන්. මීට පෙර සංස්කරණයට වඩා 13%ක් පමණ කුඩා නමුත් ප්‍රබල 64 bit A8 ප්‍රොසෙසරයෙන් බල ගැන්වෙන නිසා games හා heavy apps පහසුවෙන් භාවිත කරන්න පුළුවන්.

The iPhone 6

IPhone 6 Updated Main Image

පෙර පැවති අඟල් 4ක iPhone 5S සමඟ සසඳන විට කුඩා iPhone 6 දුරකථනය වුනත් “විශාල ජංගම දුරකථනයක්.“ අඟල් 4.7ක Retina HD තිරය නිසා මේ දුරකථනය iPhone 6 දැනට වෙළඳපලේ ඇති බොහෝමයක් Android දුරකථන ගොන්නටම වැටෙනවා. නව තිරය 1334 x 750 pixel සහිත දෘඩ තාවයෙන් වැඩි ශක්තිමත් තිරයක්.  iPhon 5S හි මිලිමීටර් 7.6ක ඝණකම iPhone 6 හි මිලිමීටර් 6.9 දක්වා අඩු වෙලා. ඒ වගේම නව A8 ප්‍රොෙසසරය හා iOS 8 නිසා බැටරි ආයුකාලයේ සුළු වැඩි වීමකුත් දකින්නට පුළුවන්.

Apple Watch (iWatch)

1af07270-3867-11e4-bcfe-11cc3dc25664_Apple-Watch1

ඇපල් සමාගම 2010න් පසුව අලුතෙන්ම හඳුන්වා දුන් නව නිෂ්පාදනය යි iWatch. සන්නිවේදන උපකරණයක් මෙන්ම, ව්‍යායාම් සහායකයෙක්, මිල මුදල් ගණුදෙනු කිරීමේ උපකරණයක් ලෙසයි iWatch හැඳින්වෙන්නේ. ප්‍රමාණ 2කින් නිකුත් වන මේ ස්මාර්ට් අත් ඔරලෝසුවේ සඳහා ගැලපෙන බඳපටි 6ක් ද ඇතුලත්. ඒ අතර ක්‍රීඩා සඳහා ගැලපෙන බඳ පටි මෙන්ම උසස් නිමාවකින් යුත් ලෙදර් බඳ පටිත් ඇතුලත්.

ඇපල් iWatch ලෙස බොහෝ දෙනෙක් හැඳින්වුවත් ඇපල් සමාගම එය හඳුන්වන්නේ Apple Watch ලෙසයි. ඒ වගේම ඇපල් නිෂ්පාදන අතරින් පුද්ගල සහායක නිෂ්පාදනයක් ලෙස නිපදවූ උපකරණයක් ලෙසයි Apple Watch ගැන Tim Cook පැවසූයේ. Steve Jobs ගෙන් පසුව ඇපල් සමාගමේ ප්‍රධානීයා වන්නේ ඔහුයි. ඇපල් ජංගම දුරකථනය සමඟ සම්බන්ධව ක්‍රියා කරන් Apple Watch හි තිරය ස්පර්ශ සංවේදී තිරයක්. ඒ වගේම එම තිරය මත ස්පර්ශ කිරීම ආකාර 2කකට කළ හැකියි. එනම් යන්තම් ස්පර්ශ කිරීම හා තදින් ස්පර්ශ කිරීම. එනම් ඔබේ ස්පර්ශ විදිය අනුව වෙනස් වෙනස් ආකාරයට ක්‍රියාකරන්නට Apple Watch සමත්.

SEE ALSO: Apple සමාගම ගැන මෙතෙක් නොඇසුනු අපූරු කතා 10ක් !

ඔබේ සෞඛය තත්වය පිළිබඳව තොරතුරු දැනගැනීමටත්, ව්‍යායාම් විස්තර ලබාගැනීමටත් මේ නව උපරකණය Fitness Band එකක් ලෙස ක්‍රියා කරන අතරම, නව A8 ප්‍රොසෙසරය නිසා ඔබ සිටින උස පිළිබඳව තොරතුර ලබාගන්නටත් හැකියාව තියෙනවා. මීට අමතරව Apple TV සඳහා දුරස්ථ පාලකයක් ලෙසත්, iPhone කැමරාවට කුඩා View Finder එකක් ලෙසත් walkie-talkie එකක් ලෙසත් භාවිත කරන්නට හැකියාව තිබෙනවා. ඒත් Apple Watch හි බැටරි ආයුකාලය පිළිබඳව නම් Tim Cook සඳහනක් කලේ නැහැ.

 

http://techguru.lk/

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s