නොමියෙන කථා 4

Posted: October 5, 2014 in ෴මුල් පිටුව෴

වැසිකිළියට ගියත් හොඳම දේ

වර්තමානයේ එතරම් කතා බහට ලක් නොවූවත් බෙන් ඇෆ්ලික් යනු අනූව දසකයේ අග භාගයේත් දෙදහස් ගණන්වල මුල් භාගයේත් ලෝකයට අමතක කළ නොහැකිම වූ නළුවෙකි. පර්ල් හාබර් (2001) බොයිලර් රූම් (2000) ශේක්ස්පියර් ඉන් ලව් (1998) වැනි චිත්‍රපටවලින් ඔහු දක්ෂ රංගන ශිල්පියෙකු ලෙස මෙන්ම සරාගී පෙම්වතෙකු ලෙස ද ප්‍රේක්ෂක අවධානය දිනා ගත්තේය. එවකට සිනමා සඟරා සහ වෙබ් අඩවි නැවත නැවතත් කියා සිටි ආකාරයට හොලිවුඩයේ සරාගීම නළුවා වූයේ ද බෙන් ඇෆ්ලික් ය.

මේ සිද්ධිය වාර්තා වුණු 2003 වර්ෂයේ බෙන් ඇෆ්ලික් වඩාත් ප්‍රසිද්ධ වී සිටියේ නම් මුලින් කී එකදු කාරණයක් නිසාවත් නොවේ. “ජේලෝ” ලෙසින් ගීත ලොවේ කිරුළපළන් අදටත් එදා මෙන්ම එකසේ ජනප්‍රිය ජෙනිෆර් ලෝපේස් එකල ඔහුගේ සහකාරිය වූ නිසාය. දෙදෙනාගේම ජනප්‍රියත්වය මෙන්ම මායාකාරී ආකර්ෂණය ද නිසා බෙන් සහ ජේලෝ හොඳටම කැපෙන ජෝඩුවකැයි කියූ අය අනන්තවත් සිටියහ. එසේම බෙන් ඇෆ්ලික් ද ජේලොට සිය ආදරය පෙන්වීම සඳහා උපරිමයෙන්ම කැපවූ කෙනෙකි.

එනිසා මෙවර ඔහු ජේලෝ වෙනුවෙන් තෝරාගෙන තිබුණේ අමෙරිකානු ඩොලර් එක්ලක්ෂ පන්දහසක ත්‍යාගයකි. ඔබ සිතන්නේ ත්‍යාගය කුමක් කියාද ? ටයිම් සඟරාව එවකට වගකීමෙන් යුතුව හෙළිකළ ආකාරයට එය වනාහි කොමඩ් වැසිකිළි පියනකි. නිකම්ම එකක් නොවේ. රූබි නිල් මැණික් මුතු හා දියමන්ති එබ්බවූ එකකි !.

“ජෙනිෆර් කියන්නෙ මගේ කුමරියයි. ඇයට මම ලෝකෙ හොඳම දේ දෙනවා. වැසිකිළියට ගියත් ඒකෙ වෙනසක් නැහැ” ත්‍යාගය ජේලෝට ප්‍රදානය කිරීමට පෙර බෙන් සිය මිතුරෙකු සමඟ ද කීවේය. මේ ත්‍යාගය පිළිබඳ ජේලෝගේ ප්‍රතිචාරය කුමක් වීද ? “මට ඒකෙ වාඩි වුණාම ශරීර කෘත්‍යය පහසුවෙන් කරගන්න බෑ” යැයි ඇය කියා තිබිණ.

හොඳම දෙය එයත් නොවේ. මෙතරම් වටිනා ත්‍යාගයක දී වුවද ජේලෝ තමා ළඟ රඳවා ගැනීමට බෙන් ඇෆ්ලික් හට හැකිවූයේ නොවේ. වසර කිහිපයක් ඇතුළත ජේලෝ සුපිරි ගායක මාක් ඇන්තනී ගේ පියඹ බවට පත්වූවාය. අද ඔවුන් දරු සුරතල් ද බලන ආදරණීයම යුවළකි.


හෝ චි මිංගේ සොහොන

උතුරු වියට්නාම් ජනපති හා වියට්නාමයේ නිර්මාතෘ ලෙස සැලකෙන හෝ චි මිං 1969 වර්ෂයේදී මිය ගියේ ඔහුගේ හමුදා සයිගොන් අගනුවරට කඩා වැදී විජයග්‍රහණය ලබා ගැනීමට වර්ෂයකට පෙරය.

මොස්කව් නුවර ලෙනින්ගේ සොහොන අනුකරණය කරමින් සෑදූ සංවෘත කළු ගලෙන් තැනූ මෘත ස්මාරකයක ඔහුගේ දේහය තැන්පත් කර තිබේ.

එහෙත්, මෙය ඔහුගේ අන්තිම කැමැත්ත දැඩි ලෙස උල්ලංඝනය කිරීමකි.

“අංකල් හෝ” හෙවත් “හෝ මාමා” ලෙස ජනප්‍රිය වී සිටි හෝ චි මිංගේ අවසන් ඉල්ලීමට අනුව ඔහුගේ අළු බඳුන් ගත කර එම අළු බඳුන් වියට්නාමයේ උස කඳු මුදුන් තුªනක භූමදාන කළ යුතුයි.

“මේ වගේ ආදාහනයක් සනීපාරක්ෂාව පැත්තෙන් විතරක් නොවෙයි වගා බිම් වලටත් හොඳයි” යනුවෙන් ඔහු පවසා තිබේ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s