නොමියෙන කථා 5

Posted: October 5, 2014 in ෴''විදැස''විශ්වය සගවාගත් තතු෴

වෙනසක මහත

ක්‍රිස්තු පූර්ව 31 දී රෝමයේ අධිරාජ්‍යයා බවට පත්වූ ඔගස්ටස් සීසර් රෝමය ලෝකයේ බලවත්ම අධිරාජ්‍යය බවට පත් කිරීම සඳහා හැකි සෑම දෙයක්ම කළේය.

එහෙත්, ඔහු වැඩිම අවධානයක් යොමු කළේ රාජධානියට අලුතෙන් රටවල් ඈඳා ගැනීම කෙරෙහි නොව රාජධානිය ප්‍රශස්ත ආකාරයෙන් පවත්වාගෙන යාම ගැනය.

එනිසා ඔහු රාජධානිය දියුණු කිරීමටත් සෙනෙට් සභාවේ බලතල අබිබව කටයුතු කරමින් නිසි පාලන ක්‍රමවේදයක් බිහි කිරීමටත් කටයුතු කළේය.

යුද්ධය ජීවිතය කරගත් ජුලියස් සීසර්ට වඩා රෝමයේ ප්‍රථම අධිරාජ්‍යයා බවට පත් වූ ඔගස්ටස් සීසර් හට ඉතිහාසයේ වැදගත් තැනක් හිමිවන්නේ එනිසාය.

මහජන සුබ සාධනය ද ඔගස්ටස් ගේ න්‍යාය පත්‍රයේ ඉහළින්ම තිබිණි. ජනතාවගේ සුව පහසුව කෙරෙහි ඔහු විශාල අවධානයක් යොමු කළේය.

මංමාවත්, පාලම්, ක්‍රීඩා උයන් ආදිය ඉදි කරමින් ඔහු ඇති කළ ජනතා ප්‍රබෝධය හොරෙස්, වර්ජිල්, ලිවි වැනි ලේඛකයන් විසින් මහත් සේ වර්ණනා කර තිබේ.

ක්‍රිස්තුවර්ෂ 14 දී ඔගස්ටස් අධිරාජ්‍යයා දෑස් පියා ගත්තේ රෝම ජනතාවට මෙසේ පවසමින් බව වාර්තා වේ.

“මා උපන්නේ ගඩොලින් තැනුණු නුවරකයි. එහෙත්,

මා හැරයන්නේ කිරිගරුඬින් තැනූ නුවරක් !”


“දැක්කත් අඳුනන්න බෑ”

පොත් 24 කින් යුත් ‘ටාසන්’ කතා පෙළ නිර්මාණය කළේ අමෙරිකානු ලේඛක එඩ්ගා රයිස් බරෝස් විසිනි. ලොව පුරා අතිමහත් ජනප්‍රියත්වයට පත්වූ එසේම චිත්‍රපට රාශියකට ද නැගුණු ටාසන් කතා පෙළට වස්තු බීජ වූයේ අප්‍රිකානු වැසි වනාන්තරයක ජීවත් වන සුදු හම ඇත්තා වන ටාසන් සහ ඔහුගේ මිතුරන්ගේ වනගත වික්‍රමයන් ය.

එඩ්ගා රයිස් බරෝස් පුවත්පත් හා සඟරාවලට කතාන්දර ලියා අමතර ආදායමක් උපයා ගැනීමට කල්පනා කළේ ඔහු මුහුණ දී සිටි දැඩි ආර්ථික දුෂ්කරතා නිසාම ය. ඔහු කතා ලියන බව මුලින් බිරිය හෝ දැන සිටියේ නැත.

‘අන්ඩර් ද මූන් ඔෆ් මාර්ස්’ ආදි කතාන්දර ලියූ ඔහු ටාසන් පොත් පෙළ ලිවීම අරඹා තිබෙන්නේ හැකි නම් වනගත කතාවක් ලියන්නැයි මිතුරෙක් කළ අභියෝගයක් නිසාය. ඒ අනුව අමෙරිකාවේ චිකාගෝ පුස්තකාලයේදී රඩ්යාඩ් කිප්ලිං ගේ ‘ද ජංගල් බුක්’ සහ ‘ද ඩාකස්ට් ඇෆ‍්‍රිකා’ වැනි පොත් කියවීය.

මේ සියලු දේ එක් කළ ඔහු වානරයන් අතර ටාසන් යන සංකල්පය බිහි කර ගත්තේය. කතා ගෙතීමේ ස්වයං සහජ දක්ෂතාවක් ඔහුට විය. ඕනෑම නවකතාවක් සති හයක් පමණ ඇතුළත ලියා අවසන් කිරීමටද ඔහුට හැකියාව තිබිණ.

ටාසන් සහ ඔහු ජීවත් වූ අඳුරු මහද්වීපයේ වනාන්තරය මනසින් මවාගෙන ලේඛනකරණයේ යෙදුණු එඩ්ගා රයිස් බරෝස් කිසි විටෙක අප්‍රිකාව වෙත ගියේ නැත. එයට හේතුව කුමක්දැයි වරක් මිතුරෙක් ඇසූ විට ඔහු කීවේ මෙයයි.

‘මම අප්‍රිකාව දැක්කේ පුහුණු වූ නිරීක්ෂකයන් ලියූ සටහන් වලින්. අප්‍රිකාවට ගියත් මට ඒ දේවල් හඳුනගන්න බැරි වෙයි. මොකද මම පුහුණු නිරීක්ෂකයෙක් නොවෙයි’

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s