Archive for the ‘෴ගගන දැණුම෴’ Category


 

නෑ බෑ කියන්නට නුපුරුදු අලුත් විදිහට සිතන, මනුස්‌සයාට ලෝකය හරිම ලස්‌සනය. දිවි මඟ ඇහිරීමට කප්පරක්‌ බාධක පැමිණියද එවැනි මිනිසුන්ගේ ජීවන රිද්මය වෙනස්‌ කිරීමට ද නොහැකිය. එමෙන්ම එවැනි මිනිසුන් කෙටි කාලයක්‌ තුළ ජීවිතයේ හිනි පෙත්තටම ගමන් කරනවාද නොඅනුමානය. මෙවැනි පුද්ගලයෝ අප සමාජයේ ද දුලබව හමු වෙති. අප මේ කියන්නට යන්නේද එවැනි මිනිසෙක්‌ ගැන කතාවකි.

ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරිය මගින් පාසල් දරුවන් මූලික කරගෙන දිවයින පුරා පවත්වනු ලබන ගුවන් සේවා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේදී දුරස්‌ථ පාලක ආදර්ශ ගුවන් යානා සංදර්ශන ඉදිරිපත් කර සුවිශේෂී නාමයක්‌ දිනා සිටින්නේ මීගමුවේ ඒරෝමෝඩ්ලර්ස්‌ කණ්‌ඩායමයි. 1993 වර්ෂයේදී පිය පුතු දෙදෙනෙක්‌ ගුවන් නියමු විභාගයට පෙනී සිට ගුවන් නියමු බලපත්‍ර ලබාගනිමින් ඉතිහාසයට එකතුව සිටින්නේද මේ කණ්‌ඩායමේ පියා සහ වැඩිමහල් පුතාය. එය ශ්‍රී ලංකා ගුවන් සේවා ඉතිහාසයට එකතු වූ අමරණීය මතකයකි. අද මීගමුව නගරයේ ප්ලාස්‌ටික්‌ කම්හලක්‌ පවත්වාගෙන යන මේ ආදර්ශවත් කුටුම්භයේ පෙර ගමන්කරු නොහොත්, ප්‍රධානියා එඩ්වඩ් පෙරේරාය. අපේ කතාවේ නායකයා ද ඔහුය.

තමාගේ සැඟවුණු කුසලතාවයන් හා හැකියාවන් කවරේද? ඒ කුසලතාවයන් ඔප්නැංවීමට කළ යුතු කැපකිරීම් කොතෙක්‌ද? මේ මිනිසාගේ ජීවිත කතාව ඒ ගැටලුවලට සාර්ථකව පිළිතුර සපයන්නකි.

ලංකාවේ ප්‍රථම වතාවට පාසල් දරුවකු ලෙස දුරස්‌ථ පාලකයකින් පුංචි ගුවන් යානයක්‌ ගුවන්ගත කළේ එඩ්වඩ් පෙරේරාය. ඒ 1960 වර්ෂයේදීය. එදා සිට අද දක්‌වා විවිධ සැහැල්ලු ගුවන් යානා නිෂ්පාදනය කරන එඩ්වඩ් පෙරේරා සාර්ථක ව්‍යාපාරිකයෙකි. දරු තිදෙනකුගේ ආදරණීය පියෙකි. මෙතැන් සිට කතා කරන්නේ අප නොව, මේ ආදර්ශවත් මිනිසාය.

“මම ඉපදුණේ කිඹුලාපිටියේ. ඒ කාලේ අපේ ගමට ලයිට්‌, ටෙලිෆෝන් නැහැ. හද්ද පිටිසරයි. ඒත් මිනිස්‌සුන්ට අවශ්‍ය හැම දේම ගමේ තිබුණා. අපි මීගමුවට එන්නෙත් මාසයකට සැරයක්‌ වගෙයි.

අපේ තාත්තට රතිඤaCදා වැඩපළක්‌ තිබුණා. මිනිස්‌සු කිහිප දෙනෙක්‌ම ඒ වැඩපළේ වැඩ කළා. අපේ අම්මත් රතඤ්ඤා වැඩපළ දියුණු කරන්න ගොඩක්‌ මහන්සි වුණා. ඒ කාලේ මොන දිපංකරයේ ගිනි කෙළි සංදර්ශනයක්‌ තිබුණත් අපේ තාත්තා ඒකට සහභාගි වෙනවා. 1969 අවුරුද්දේ යාපනේ තිබුණු ගිනිකෙළි සංදර්ශනයකින් තාත්තා පළමු තැන ගත්තා මට මතකයි.

මම මුලින්ම ඉගෙනගත්තේ ගමේ පාසලේ. අධ්‍යාපනයට වඩා මගේ හිත ගියේ යන්ත්‍ර සුත්‍රවලට. අලුත් දේවල් කරන්න. මම පුංචි කාලේ මොකක්‌ හරි මැෂිමක්‌ දැක්‌කොත් ඒක අත ගගා දවසේම වුණත් ඉන්නවා. එහෙම යන්ත්‍ර සුත්‍රවලට ඇලුම් කරපු මට අවුරුදු දහය වෙනකොට කාර් එකක ඇන්ජිමක්‌ ගලවලා පිට්‌ කරනවා කියන්නේ මහ ලොකු දෙයක්‌ නෙමෙයි.

ඔය කාලේ මීගමුව එයාර්පොට්‌ එකට එන ප්ලේන් යන්නේ එන්නේ අපේ ගෙවල් උඩින්. ඉතිං ප්ලේන් එනකොට කොහේ හිටියත් මම මිදුලට දුවගෙන එනවා. ඒ තරම් ප්ලේන්වලට ආසයි. රතිඤ්ඤා ඔතන්න ගේන පොත්, සඟරාවල ගුවන් යානා ගැන විස්‌තර තිබුණොත් මම ඒවා එකතු කරනවා. ඉංග්‍රීසියෙන් ලියවෙලා තියෙන ඒ සටහන් මට කියවන්න බැහැ. ඒත් මම ඒ පොත්වල තියෙන පින්තූර එකතු කළා. ඒ පොත්වල සැහැල්ලු ගුවන් යානාවල පින්තූර තිබුණා. ඉතිං මම ඒවා බලලා තාත්තාට කරදර කරනවා මට පුංචි ගුවන් යානයක්‌ අරන් දෙන්න කියලා. ගෙදරට කවුරුහරි කලිසම් ඇඳපු කෙනෙක්‌ ආවොත් මම දුවලා ගිහින් අර සඟරා පෙන්නලා ඒ සටහන්වල තියෙන දේවල් අහනවා. ඔහොම යනකොට කොළඹ චාන්ස්‌ ලිමිටඩ් එකේ පුංචි ගුවන් යානයක්‌ විකුණන්න තියෙනවා කියලා මට දැනගන්න ලැබුණා. ඒ ගැන තාත්තට කියලා කොහොමහරි ප්ලේන් එක ගන්න කැමති කරව ගත්තා. ප්ලේන් එක රුපියල් 18 යි ශත 50 යි. එන්ජිම රුපියල් 50 යි. ඒ කාලේ රුපියල් පනහක්‌ කියන්නේ රජයේ සේවකයෙක්‌ගේ මාසේ පඩියටත් වැඩියි. ලොකු වියදමක්‌ ගියත් තාත්තා මට ඒ ප්ලේන් එක අරන් දුන්නා.

ප්ලේන් එක අඩි හතරක්‌ විතර දිගයි. හරිම හුරුබුහුටියි. ප්ලේන් එක ගත්තට මොකුත් කරන්න මට තෙරෙන්නේ නැහැ. මම ඉතිං ප්ලේන් එක ගලවනවා. හයි කරනවා. එක ජරමරයයි. ඔහොම ඉන්නකොට අපේ ඉස්‌කෝලේ මගේ යාළුවෙක්‌ ඒ වගේ ප්ලේන් එකක්‌ අරගෙන තිබුණා. ඊට පස්‌සේ යාළුවගේ ප්ලේන් එකේ එන්ජින් එක මගේ ප්ලේන් එකට සෙට්‌ කරලා බැලුවා. පොඩි වෙනසක්‌ දැනුනා. ඊට පස්‌සේ පිස්‌සු බල්ලෝ වගේ ප්ලේන් එක බිම දිගේ ඇඳගෙන දුවනවා. කැඩෙනවා… හදනවා… එහෙම කරලා මම පේල්න් එකේ වල්ග කොටසට නූලක්‌ දාලා ප්ලේන් එක යන්න ඇරලා නූලෙන් පාලනය කරන්න පටන් ගත්තා. ටික දවසක්‌ එහෙම කරලා බට කොටුවකට ලණුවක්‌ බැඳලා ප්ලේන් එකේ වල්ගේ ගැට ගහලා ප්ලේන් එක පාලනය කරන්න පටන් ගත්තා. එහෙම කරගෙන යනකොට එක පාරටම ප්ල්න් එක මිදුලේ එසවුණා. ඒ එක්‌කම ප්ලේන් එකත් අරගෙන පිස්‌සු බල්ලෙක්‌ වගේ මම පාරට දිව්වා. දුවන්න… දුවන්න… ප්ලේන් එක උඩ ගියා. ඒ එක්‌කම සෙනඟ ගොඩක්‌ අත්පුඩි ගැහුවා. බලනකොට බස්‌ තුනක්‌ පාරෙ නවත්වලා. මිනිස්‌සු බැහැලා ප්ලේන් එක දිහා බලාගෙන ඉන්නවා.

ඔය කාලේ වෙනකොට මම සාමාන්‍ය පෙළ විභාගය පාස්‌ වෙලා මීගමුව මාරිස්‌ටෙලා විද්‍යාලයේ ඉගෙන ගන්නවා. ඒ ඉස්‌කෝලේ ටික දවසක්‌ ඉගෙන ගන්නකොට මට හිතුණා මට ඕන දේවල් මෙතැන උගන්වන්නේ නැහැ කියලා. එතැන කාර් හදන්න උගන්වන්නේ නැහැ. මෝටර් ගලවන්නේ නැහැ. මගේ පුංචි ඔළුවේ වැඩ කළේ ඔන්න ඔය වගේ දෙවල්. මම උසස්‌ පෙළ කළේ කලා අංශයෙන්. ඒත් ඉස්‌කෝලේ තිබුණු ප්‍රදර්ශනයකට වාෂ්ප ඇන්ජිමක්‌ හැදුවා. රට ඉඳන් ඇවිල්ල හිටපු තුන් දෙනෙක්‌ ඒ ප්‍රදර්ශනය බලන්න ඇවිත් මගේ නිර්මාණය දැකලා ගොඩක්‌ අගය කළා. ඒ විතරක්‌ නෙමෙයි මම ගැන පින්සිපල් එක්‌කත් කතා කරලා මේ වගේ දක්‍ෂතා තියෙන ළමයෙක්‌ව කලා අංශ පන්තියකට කොටු කරන්න එපා කියලත් තිබුණා. ඒ ප්‍රදර්ශනයෙන් පස්‌සේ මාව කලා අංශයෙන් විද්‍යා අංශයට මාරු කළා. මට ඒක කරගන්න අමාරු වුණා. පස්‌සේ මම ඉස්‌කෝලේ ගමන නවත්වලා කොච්චිකඩේ ඇණ මුරිච්චි හදන තැනකට වැඩට ගියා. ඒ වෙනකොට මට අවුරුදු 19 ක්‌ විතර ඇති.

ඒ වැඩපළේ අයිතිකරුත් පොඩි තැනක ඉඳලා හොදට බැට කලා දියුණු වුණු කෙනෙක්‌. එතැන මම මුලින්ම කළේ කොහුබත් දාලා පොළොව මදින එක. මාස හයක්‌ විතර මම ඒ වැඩේ කළා. මුලින්ම මට එහෙම වැඩක්‌ දීලා තියෙන්නේ දිගටම මම එතැන ඉන්නවාද කියලා බලන්න. අන්තිමේ මම අවුරුදු තුනක්‌ විතර වැඩ කරගෙන යනකොට මම ඒ වැඩපළේ ප්‍රධනියා වුණා. ඒ කාලේ අපේ පැට්‌රියේ තමයි ලංකාවෙන්ම ලියවන පට්‌ටල් වැඩ කළේ. ඒ වැඩේට අධ්‍යාපනය ඕනා. ගණන් සාස්‌තරය හොඳටම ඕනා. ඉංග්‍රීසි දැනුමත් ටිකක්‌ ඕනා. මම හොඳට වැඩ කරගෙන ගියා. වැඩපළට අවශ්‍ය නව තාක්‍ෂණය ලබාගන්න දහ දොළොස්‌ වතාවක්‌ විතර විවිධ පුහුණුවීම්වලට මාව ඉන්දියාවට යෑව්වා. ඉන්දියාවේදිත් කිසිම හැංගිමුත්තමක්‌ නැතිව මට හොඳ පුහුණුවක්‌ ලැබුණා. මාව ඉන්දියාවට යවන්නේ සති දෙකකට තුනකට. නමුත් මම දින හතර පහෙන් එනවා. මොකද මට ඕනා දේවල් ටික මම දඩ බඩ ගාලා ඉගෙන ගන්නවා. කොහොම හරි මම හොඳට වැඩපළ දියුණු කළා.

ඔය කාලේ වෙනකොට මම කසාද බැඳලා ලොකු දරුවො දෙන්නත් ඉන්නවා. ටික කාලයක්‌ යනකොට මටම කියලා දෙයක්‌ ගොඩනගා ගන්න ඕනා කියලා හිතුණා. ඊට පස්‌සේ මම එතැනින් ඉවත් වෙලා ගෙදරම පුංචි වැඩපළක්‌ පටන් ගත්තා. එහෙම වැඩ කරගෙන යන අතරතුර විවිධ ප්‍රදර්ශනවලට නිර්මාණ කරලා ඉදිරිපත් කළා. එහෙම ප්‍රදර්ශනයකදී තමයි මට රේ විඡේවර්ධන මහත්තයාව හමු වෙන්නේ. ඒ 1980 අවුරුද්දේ. ප්‍රදර්ශන භුමියේදී විඡේවර්ධන මහත්තයා මාත් එක්‌ක ගොඩක්‌ දේවල් කතා කළා. ඒ කතාවෙන් පස්‌සේ මම ගැන එතුමා ගොඩක්‌ පැහැදුණා. ටික දවසකට පස්‌සේ විඡේවර්ධන මහත්තයා අපේ ගෙදරට ආවා. විඡේවර්ධන මහත්තයා එනකොට මම ගේ පිටු පස තහඩු මඩුවේ වැඩ කරනවා. මගේ වැඩපළ දිහා බලලා විඡේවර්ධන මහත්තයා කිව්වා කාල්ස්‌ බෙන්ස්‌ මහත්තයාට තිබුණෙත් ලී මඩුවක්‌. ඒ මඩුවෙන් තමයි බෙන්ස්‌ කාර් එක එළියට ආවේ. ඔයා මේ වැඩපළ පටන් අරගෙන තියෙන විදිහ ගොඩක්‌ හොඳයි. දියුණු වෙන මිනිස්‌සු නැගිටින්නේ බිම ඉඳල තමයි. ගොඩක්‌ දේවල් ගැන කතා කරලා එතුමාගේ කාර්යාලයට එන්න කියලා දිනයක්‌ දුන්නා. උදේ 8 වෙනකොට එන්න කිව්වා. කියපු විදිහටම මමයි පුතයි උදේ පාන්දරින් ඉස්‌කූටරයෙන් විඡේවර්ධන මහත්තයාගේ කාර්යාලයට යන්න පිටත් වුණා. 8.05 ට විතර කාර්යාලයට දොරට තට්‌ටු කළා. දොර ඇරිච්ච ගමන් ‘ගුඩ් ඊවිනින්’ කිව්වා. මම ඇහුවා ඇයි සර් කියලා. ‘මම එන්න කිව්වේ උදේ 8 ට. දැන් වෙලාව 8.15 යි. ඉතිං ගුඩ් ඊවිනින් නේ.’ මම දැනගත්තා මෙයා ලේසි පහසු මනුස්‌සයෙක්‌ නෙමෙයි කියලා කට වහගෙන හිටියා.

‘හරි… වාඩි ගන්නකෝ’ කියලා මට කිව්වා මුලින්ම හරියට වෙලාවට වැඩ කරන්න ඉගෙනගන්න. එහෙම කරන්න බැරි නම් ගුවන් යානා පිළිබඳ කිසිම දෙයක්‌ කරන්න බැහැ කිව්වා. ටික වේලාවක්‌ ගියාට පස්‌සේ අපිට කිව්වා ඔතනින් බැහැලා වැඩපළට යන්න කියලා පඩි පෙළක්‌ පෙන්නුවා.

විඡේවර්ධන මහත්තයාගේ වැඩපළත් ලෑලි මඩුවක්‌. වැඩි දෙයක්‌ නැහැ. එතැන ටිකක්‌ වෙලා ඉඳලා එයාගේ කාර් එකෙන්ම අපිව රත්මලාන ගුවන් තොටුපළට අරගෙන ගියා. මම එදා තමයි පළමු වතාවට රත්මලාන ගුවන් තොටුපළට ගියේ.

විඡේවර්ධන මහත්තයා එයාගේ ප්ලේන් එක වාහනෙන් එළියට අරගෙන රේඩියෝ සිග්නල් මාර්ගයෙන් ප්ලේන් එක බිම දිගේ ඇරලා රවුමක්‌ කර කවලා උඩට නැග්ගුවා. උඩු ගුවනේ ටිකක්‌ රවුම් ගහලා ඇත්ත ප්ලේන් එකක්‌ එන්න වගේ ඇවිල්ල ඇන්ජිම නතර වුණා. ගුවන් යානා ගැන මගේ හිතේ තියෙන ආශාව වැඩිකමට ඉන්න තැනත් මට අමතක වුණා.

‘සර් මේක කියක්‌ වෙනවද’

ලබන සතියට….

තරංග රත්නවීර
ඡායාරූප – සමන් අබේසිරිවර්ධන



‘සර් මේක කීයක්‌ වෙනවද’ මම විඡේවර්ධන මහත්තයාගෙන් එහෙම ඇහුවා. එතුමා මගේ මූණ දිහා බලාගෙන ඉඳලා ‘මනුස්‌සයෙක්‌ගෙන් අහන්න ඕන ප්‍රශ්නත් තියෙනවා. නැති ප්‍රශ්නත් තියෙනවා. ඒ නිසා හොඳට හිතලා කතා කරන්න.’ කියලා ගුවන් තොටුපළේ සේවකයන් මැද්දේ මට බැන්නා.

‘වැරද්දක්‌ වුණා නම් සමාවෙන්නෘ ඔයාගෙයි මගෙයි ආශාව එකයි. එකයි මම එහෙම ප්‍රශ්නයක්‌ ඇහුවේ. මෙතැන තියෙන ගැටලුව ගුවන් යානා පිළිබඳ අත්හදා බලන්න, ගුවන් යානා සමග වැඩ කරන්න ඔයාට අවස්‌ථාව ලැබිලා තියෙනවා. ඒ වාසනාව මට ලැබිලා නැහැ. එකෙන් කොටසක්‌ අපිටත් දෙන්න’ ඒ වචන ටික තරමක්‌ වේගයෙන් කියවුණා. විඡේවර්ධන මහත්තයා හොඳට මම කියන දේ අහගෙන ඉඳලා එයාගේ ඔෆිස්‌ කාමරේට යන්න ගියා. ටික වේලාවකට පස්‌සේ අපිට එතැනට එන්න කියලා පණිවුඩයක්‌ එව්වා.

‘මගේ ළඟ තියෙන කිසිම බඩුවක්‌ විකුණන්නේ නැහැ. ඔයා කෙලින්ම කතා කරපු නිසා මම මේ ප්ලේන් එකේ ගාණ හදලා බැලුවා. රුපියල් විසි දාහක්‌ වෙනවා. ඔයාට ගන්න පුළුවන්ද? විඡේවර්ධන මහත්තයා හිනා වෙලා එහෙම ඇහුවා.

‘ඇත්ත… එච්චර මුදලක්‌ මා ළඟ නැහැ. නමුත් මම කොහොම හරි ඒ මුදල හොයාගෙන එනවා’ කියලා මම විඡේවර්ධන මහත්තයාගෙන් සමුගත්තා.

ඊට පහුවදා උදේ පාන්දරම විඡේවර්ධන මහත්තයා අපේ ගෙදර ඇවිත් මම කරන වැඩ ගැන සෝදිසි කරලා මට කිව්වා ‘ඊයේ වෙච්ච කතාව වුණේ නැහැ කියලා හිතා ගන්න. මගේ ළඟ තියෙන සෑම භාණ්‌ඩයක්‌ම ඔයාගේ කියලා හිතාගෙන වැඩ කරන්න. ඒ බඩු ඕන එකක්‌ පාවිච්චි කරන්න. ඕන දෙයක්‌ මෙහෙට ගේන්න. පරීක්‍ෂණ කරන්න. ඔයා මට ගැලපෙන පුද්ගලයෙක්‌. එදා ඉඳලා විඡේවර්ධන මහත්තයා මට ගොඩක්‌ හිතවත් වුණා. අපි එකතු වෙලා නැඟලා යන්න පුළුවන් ගුවන් යානා දහඅටක්‌ හැදුවා. ඒ අතරට හෙලිකොප්ටර් තුනක්‌ තියෙනවා. එක්‌ හෙලිකොප්ටරයක්‌ තමයි හලාවත තෝඩුවාව වෙල් යායකට වැටිලා විනාශ වුණේ. ඒ කාලේ කාකපල්ලියේ රේ විඡේවර්ධනට වත්තක්‌ තිබුණා. විඡේවර්ධන මහත්තයා ඒ වත්ත බලන්න යන්නේ සැහැල්ලු ගුවන් යානයකින්. එහෙම යන දවස්‌වලට අපි පාන්දරින්ම වාහනයක ගිහින් ඒ ගුවන් යානය ලෑන්ඩ් කරන වෙල් යායේ හුළං තත්ත්වය, පොළවේ තත්ත්වය ගැන පරීක්‍ෂා කරලා විඡේවර්ධන මහත්තයාට දැනුම් දුන්නට පස්‌සේ තමයි රත්මලාන එයාර්පෝට්‌ එකෙන් ගුවන් යානය පියාසර කරන්න ආරම්භ කරන්නේ. ඔය කියන හෙලිකොප්ටරය අනතුරට පත් වන දවසෙත් අපි උදේ පාන්දරින් ගිහින් ගුවන් යානය ලෑන්ඩ් කරන වෙල් යායේ තත්ත්වය බලලා අපි විඡේවර්ධන මහත්තයාට දැනුම් දුන්නා. අපි කියපු විදිහට විඡේවර්ධන මහත්තයත් කාකපල්ලිය වෙල් යායට ගුවන් යානය ලෑන්ඩ් කළා. ඊට පස්‌සේ අපි නැවත ගුවන් යානයට පෙට්‌රල් දාලා චෙක්‌ කරලා ආපසු පියාසර කරන්න හැකි තත්ත්වයට සූදානම් කළා. අඩි එක්‌දාහස්‌ පන්සියක පමණ උඩින් මුහුදු වෙරළ දිගේ තමයි විඡේවර්ධන මහත්තයා ගුවන් යානය පියාසර කරලා තිබුණා. ටික දුරක්‌ එනකොට ගුවන් යානයේ උඩ කරකැවෙන බෙල්ට්‌ එකක්‌ කැඩිලා ගුවන් යානයේ ප්‍රශ්නයක්‌ ඇති වෙලා තියෙනවා. ගුවන්යාන සම්පූර්ණයෙන්ම පාලනයෙන් ගිලිහිලා. කොහොමහරි විඡේවර්ධන මහත්තයා හලාවත තෝඩුවාව වෙල් යායට ගුවන් යානය ලෑන්ඩ් කරගෙන තියෙනවා. යානාව සම්පූර්ණයෙන්ම වගේ විනාශ වෙලා තිබුණා. නමුත් වාසනාවකට විඡේවර්ධන මහත්තයාට කරදරයක්‌ වුණේ නැහැ.

1995 අවුරුද්දේ අපි ප්ලේන් එකක්‌ හදනකොට කොටින්ට ගුවන් යානා හදනවා කියලා අපිව අත්අඩංගුවට ගත්තා. ඒ එක්‌කම ගුවන් තොටුපළ ප්‍රහාරයට සම්බන්ධ සැකකරු දැලේ. කියලා ඒ පුවත විදිලියක්‌ වගේ රට පුරා ගියා. ආරක්‍ෂක අංශවලට කරුණු කාරණා අවබෝධ කරලා දුන්නට පස්‌සේ අපිව නිදහස්‌ කළා. ගුවන් යානා නිර්මාණය සම්බන්ධයෙන් ඊට පසුවත් මාව කිහිප වාරයක්‌ම අත්අඩංගුවට ගත්තා. ඒත් මම වැටුණේ නැහැ. ඒ හැම දේකින්ම වුණේ මගේ නිර්මාණ දක්‍ෂතා ඉස්‌මතු වන එක විතරයි. ඒ හැම ප්‍රශ්නයක්‌ම ආවේ ත්‍රස්‌තවාදී කලබල නිසා. නැතුව සැහැල්ලු ගුවන් යානා හදන්න බැහැ කියලා මේ රටේ නීති නැහැ. කෙසේ වුවත් ත්‍රස්‌තවාදී තර්ජන නිසා සියලු නිර්මාණ කටයුතු නතර කර, ආරක්‍ෂිත ක්‍රම යටතේ මේ ගුවන් යානා තබා ගන්නට අපට සිදු වුණා. පසුව 2005 අවුරුද්දේ වත්මන් සිවිල් ගුවන් සේවා අධ්‍යක්‍ෂ ජනරාල් එච්. එම්. සී. නිමල්සිරි මහතාගේ විශේෂ නියෝගයකට අනුව දිවයිනේ සියලු ආදර්ශ ගුවන් යානා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචි කරන්න අවස්‌ථාව ලැබුණා. ඒ අතරම ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සහ රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිසි අනුමැතිය සහිතව ආදර්ශ ගුවන් යානා ශ්‍රී ලංකාව තුළ ප්‍රවාහනයටත් සංදර්ශන පැවැත්වීමටත් අවස්‌ථාව හිමි වුණා. ඒ විදිහට තමයි මේ කර්මාන්තයේ නැවත පිබිඳීමක්‌ ඇති වුණේ. පසුව කටුකුරුන්ද, රත්මලාන, කටුනායක ගුවන් තොටුපළවල ගුවන් යානා පිළිබඳ පරීක්‍ෂණ කටයුතු කරන්න ගුවන් හමුදාව මට අවසර දුන්නා. පස්‌සේ මම කතා කරලා පුත්තලම ගුවන් තොටුපළත් ලබා ගත්තා. එතකොටත් සැරට යුද්ධය යනවා.

ගුවන් යානා හදනවා කිව්වට අපි කරන්නේ ගුවන් යානයක්‌ එකලස්‌ කරන එක විතරයි. ප්ලේන් එකක සැකිල්ල පිටරටකින් ගෙන්නලා අපි තමයි එන්ජින් සෙට්‌ කරලා, තටු සවි කරලා කවර් කරලා ඉවර කරන්නේ. නමුත් අපිට ප්ලේන් එකක සැකිල්ල වුණත් හදන්න පුළුවන්. ඒත් ප්ලේන් සැකිල්ල හදනකොට යකඩ වෙල්ඩින් කරලා ස්‌කෑන් කරලා බලන්න ඕනා පිපිරුම් තියෙනවද කියලා. ඒ පරීක්‍ෂණ කරන්න ඕනා ඉතාම පරිස්‌සමට. ඒ තාක්‍ෂණය අපිට නැහැ. ඒ නිසා අපිට සැකිල්ල පිටරටකින් ගෙන්න වෙනවා. සාමාන්‍යයෙන් රුපියල් ලක්‍ෂ පනහක්‌ විතර වියදම් කරනකොට දෙන්නෙකුට විතර යන්න පුළුවන් පුංචි ගුවන් යානයක්‌ එකලස්‌ කරගන්න පුළුවන්. ඒ වගේ සැහැල්ලු ගුවන් යානයකින් අඩි පන්දහසක්‌ පමණ ඉහළ අහසේ පියාසර කරන්නත් පුළුවන්. නමුත් අඩි දහකට එක්‌දහස්‌ පන්සියක පමණ උඩින් යනකොට තමයි පරිසරයේ සුන්දරත්වය හිත පුරා විඳින්න පුළුවන් වෙන්නේ.

ඔහොම ගුවන් යානා නිර්මාණය කරමින් ඉන්නකොට රේ විඡේවර්ධන මහත්තයා මට කිව්වා මටයි පුතාටයි දෙන්නටම ගුවන් යානා පදවන්න ලයිසන් ගන්න කියලා කිව්වා. එතකොට ඔයාලටම කියලා ගුවන් යානයක්‌ තියාගන්නත් පුළුවන් කියලා කිව්වා. ඊට පස්‌සේ 1993 අවුරුද්දේ මමත්, මගේ වැඩිමහල් පුතා නීල් කොනිනුත් පුද්ගලික ගුවන් නියමු බලපත්‍රය ලබා ගත්තා. ලයිසන් එක ගත්තට පස්‌සේ මමයි පුතයි හැම සති අන්තයකම වගේ වයික්‌කාල ප්‍රදේශයේ සැහැල්ලු ගුවන් යානා සංචාරවල යෙදෙනවා. සෑම සාර්ථක ගුවන්ගත කිරීමක්‌ හා ගොඩබෑමක්‌ අවසානයේදීම මගේ හිතට පුදුම සතුටක්‌ ඇති වෙනවා. ඒක වචනවලින් කියන්න මට බැහැ. ඒ වගේම ඉහළ අහසේ ඉඳලා අපේ රට දෙස බලන කොට ඉතාමත් නිහතමානී ආඩම්බරයක්‌ මට දැනෙනවා. ඒ තරම් අපේ රට ලස්‌සනයි.

විඡේවර්ධන මහත්තයා ගුවන් යානා පිළිබඳ මට විශාල දැනුමක්‌ ලබාදුන්නා. එය එතෙක්‌ මෙතෙක්‌ කාලයකට මට ලැබුණු සුවිශේෂී අත්දැකීම් සමුදායක්‌. ඒ වගේම එතුමා ළඟ තිබුණු උපකරණ භාවිත කරන්න ඉඩදීම නිසා මට විශාල කාර්මික දැනුමක්‌ ආවා. ඒ සියලු දැනුම් සම්භාරය මට දීලා එතුමා දැනට අවුරුදු දෙකකට විතර උඩදී අපෙන් සමුගෙන ගියා.

අදටත් මම සිවිල් ගුවන් සේවා අධිකාරිය සමග එක්‌ව පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් කරනවා. මමත්, මගේ දරුවෝ දෙන්නත් ඉතාම කැමැත්තෙන් තමයි මේ දේ කරන්නේ. මගේ මතකය නිවැරදි නම් අපි මේ වන කොට රට පුරා ගුවන් සංදර්ශන දහනවයක්‌ පමණ පවත්වා තිබෙනවා. මේ ගුවන් සංදර්ශන ඉදිරිපත් කරමින් මමත්, මගේ පවුලේ උදවියත් විශාල මානසික තෘප්තියක්‌ ලබනවා. අපේ ගුවන් සංදර්ශන නරඹන පුංචි දරුවන්ගේ සතුට මට දැනෙනවා. මමත් පුංචි කාලේ ගුවන් යානයක්‌ දුටුවම මා තුළ හටගත් ආශාව, සතුට, සොම්නස තවමත් මතකයේද රැඳී තියෙනවා. පුංචි දරුවන්ට ඒ අහිංසක සතුට ලබාදීම සඳහා කරන සංදර්ශනවලට අපි රුපියලක්‌වත් අය කරන්නේ නැහැ.

අවසානයේ මෙන්න මේ ටිකත් ලියලා තියන්න… ජීවිතයේ වටිනාම දෙය තමයි තමා කරන කාර්ය සත්භාවයෙන් යුක්‌තව කරන එක. ඒ වගේම තමන්ගේම හැකියාවන්වලින් ඉදිරියට යනවා කියලා එකම අධිෂ්ඨානයකින් වැඩ කරන්න ඕනා. එහෙම හිතන කෙනාට කිසිමදාක වරදින්නේ නැහැ. දුවේ පුතේ… මම ඔබට කියන්නෙත් ඔබ තුළ මොන යම් හෝ දක්‍ෂතාවයක්‌ හැංගිලා තියෙනවා. අන්න ඒ දක්‍ෂතාවය දියුණු කරගන්න. එහෙම කළොත් ඔබට ඔබේ ජීවිතයේ යන්න පුළුවන් උපරිම දුරකට යන්න පුළුවන්.

තරංග රත්නවීර

ඡායාරූප – සමන් අබේසිරිවර්ධන


1954 ජනවාරි 10 වන දින දහවල් 01:30 යි ( ලංඩන් වේලාව ), ලංඩන් හීතෲ ගුවන් තොටුපළ.

 
Jain Wilmot සිය මව සහ සහෝදර සහෝදරයින් සමඟ, ඕස්ට්‍රේලියාවේ සිට ගෙදර පැමිණෙන සිය පියාණන් වූ Chester Wilmot මහතාව පිළිගැනීමට නොයිවසිල්ලෙන් බලා සිටියාය. Chester Wilmot, BBC ආයතනය වෙනුවෙන් සේවය කළ ඕස්ට්‍රේලියානු ජාතික මාධ්‍යවේදියෙකි. බ්‍රිතාන්‍යය රැජිනගේ ඕස්ට්‍රේලියානු සංචාරයක් ආවරණය කිරීමට ඕස්ට්‍රේලියාව බලා ගොස් නැවත නිවස කරා පැමිණීමට තිබුණේ එදිනය.
තත්පරයෙන් තත්පරය ගෙවී ගියේ දස හැවිරිදි අර්ධ ශ්‍රවණාබාධිත Jain ගේ නොයිවසිල්ල තීවෘර කරමිනි. ගුවන් යානය පැමිණීමට නියමිතව තිබූ වේලාව පසු විය. පැමිණීම් සටහන් පුවරුවල ගුවන් යානය “ප්‍රමාදයි” ලෙසින් සටහන් විය. ඇය නැවත නැවතත් පැමිණීම් සටහන් පුවරු පරික්ෂාකරමින් පසු වූවාය. හස්දිසියේම ඇයගේ හිත බියෙන් පුරවාලමින් සිය පියා පැමිණීමට නියමිතව තිබූBA781 ගුවන් යානය පුවරුවෙන් අතුරුදහන් විය. BOAC – British Overseas Airways Corporation සේවා කවුළුව වෙත ගිය ඈ ඒ ගැන විමසා සිටියාය.
” ඒක ඔයාට කියන්ඩ බෑ දරුවෝ, ගිහින් ඔයාගෙ අම්මව එක්කන් එන්න ” ඒ ඈ ලද පිළිතුරයි.
~~~~~
1954 ජනවාරි 10 වනදින උදෑසන 09:30 යි ( රෝම වේලාව ), Ciampino ගුවන් තොටුපළ, රෝමය.
සිංගප්පූරුවේ සිට පැමිණි  BA 781 යානය සිය ගමනාන්තය වූ ලංඩන් බලා යාම සඳහා ලහි ලහියේ සැකසෙමින් තිබුණි. මෙම යානය එවකට තාක්ෂණයේ සුපිරි සංකේතයක් බඳු වූ, ලොව මුල්ම මගී ජෙට් යානා කාණ්ඩයවූ බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත Comet යානා වලින් එකකි. Comet යානා එවකට ගුවනෙහි ජය කෙහෙලි නැංවූ, එවකට පැවති උපරිම තාක්ෂණයෙන් සන්නද්ධ වූ මගී ගුවන් යානා සමූහය විය. මෙම යානා අධිබලැති ජෙට් එන්ජින් හතරකින් සමන්විත වූ අතර කාර්යය මණ්ඩලයද ඇතුළුව 42 දෙනෙකුට ගමන් කිරීමේ පහසුව තිබුණි. වේගය පැයට කිලෝ මීටර 800 කි. එය ආසන්නම තරගකාරී යානයේ වේගය මෙන් දෙගුණයට ආසන්න වේගයකි. මෙම සුපිරි වේගය කාර්යක්ෂමව ලබාගැනීමට ආධාරකයක් වශයෙන්, Comet යානා මීටර 12000 ක් තරම් වූ උසකින් ධාවනය වුයේ එම මට්ටමේදී වාතය තුනී බැවිනි. එම වකවානුව වනවිට එවැනි කාර්යක්ෂම ක්‍රියාකාරිත්වයක් දක්නට වූයේ ප්‍රහාරක යානාවල පමණී. හඳුන්වාදී මාස 20කට පසුවදී යානා 17ක් සේවයේ යෙදවී තිබුණි. එයින් නවයක්ම අයත්ව තිබුණේ  BOAC හටය. BA 781 එයින් එකකි.

රෝම ගුවන් තොටුපලේදී, යානය පිටත් වීමට පෙර BOAC ඉංජිනේරු Gerry Bull ගේ සුපරික්ෂාවට යානය භාජනය විය. උදෑසන දහය වන විට Bull සිය පරික්ෂාකිරීම අවසන් කොට සෑහීමකට පත්ව සිටි බැවින් කාර්යය මණ්ඩලය යානයට ගොඩවැදුණි. යානයේ කපිතාන් වූයේ තිස් එක් හැවිරිදි Alan Gibson ය. ඔහු BOAC හී ලාබාලම කපිතාන් වරුන්ගෙන් කෙනෙකි. මේවන විට රෝම ගුවන් තොටුපළ පර්යන්තයේ මෙම යානයෙන් ලංඩන් බලා ගමන් කිරීමට නියමිතව සිටි මගීන්, පාතරාසය ගනිමින් සිටියහ. ඔවුන් අතරJain ගේ පියාණන් වූ Chestor Wilmot ද විය. පෙර සඳහන් වූ පරිදි ඔහු ඕස්ට්‍රේලියාවේ සිට ලංඩන් බලා ගමන් කරමින් සිටියේය. දහයයි පහට යානය ගමනාරම්භ කිරීමට සූදානම්. විසි නව දෙනෙක් වූ මගීන් සහ සය දෙනෙකුගෙන් සමන්විත් කාර්යය මණඩලය සිය දෛවෝපගත ගමනාන්තය බලා යාමට යානයට ගොඩවී සිටියහ. ඔවුන් අතර සිය විවාහය වෙනුවෙන් ගම රට බලා යන විදුලි ඉන්ජිනේරුවකු වූ Bernard Butler ද විය. ඔහු සිය අනාගත මනමාලියව පුදුම කරවීම උදෙසා ඇය වෙනුවෙන් ධවල වර්ණ මංගල ඇඳුමක්ද රැගෙන යමින් සිටියේය.

BA 781 එදින රෝමයේ සිට ලංඩන් බලා යාමට නියමිතව තිබූ ගුවන් යානා පහෙන් එකකි. BA 781 ගුවන් ගත වීමට විනාඩි දහයකට පෙර ලංඩන් බලා ගුවන් ගතවූ පැරණි පන්නයේ ගුවන් යානයක් වූ BOAC Argonaut යානය රෝම ගුවන් තොටින් නික්මුණි. උදෑසන දහයයි තිහට BA 781 ධාවන පථයට පිවිසියේය. ඉන් මොහොතකට පසු යානය අහස් ගැබ දෙබෑ කරවමින් ගුවනට මුසු විය. මේ දක්වා සියල්ල යහපත්.

එය හොඳින් හිරු බැබලූ දිනයකි. ගුවන් ගමනකට යෝග්‍ය කාලගුණ තත්ත්වයක් පැවතුණි. රෝමයේ සිට ලංඩන් දක්වා සම්පූර්ණ කාලය පැය දෙකකුත් විනාඩි තිස් හතක් විය. BA 781 කට කලින් රෝමයෙන් පිටත්වූ BOAC Argonaut යානයට දෙහෝරාවකට ප්‍රථම යානය ලංඩන් වෙත ළගාවීමට නියමිතව තිබුණි. එයයි එහිවූ විශේෂත්වය. එහෙත්, යානයේ සිටි කිසිවකුත් නොදැන සිටි ලොමු දැහැගන්වන රහසක් තිබුණි. ඒ, ඔවුන් කිසි දිනෙක සිය ගමනාන්තය වූ ලංඩන් වෙත ළඟා නොවන බවයි.

ඒ දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු ලොව පුරා සියලු රටවල් හිස ඔසවමින් සිටි අවධියයි. ලොව පුරා ගුවන් මඟීන් සංඛ්‍යාවෙහි පැහැදිලි වැඩිවීමක් දක්නට තිබුණි. අවශ්‍යතාවයට සරිලන ලෙස සැපයුම උදෙසා නව ගුවන් යානා වලට වූ ඉල්ලුමද ශීඝ්‍රයෙන් වැඩිවිය. Comet නිෂ්පාදකයන්වූ De Havilland ගේ මුඛ්‍ය අරමුණ වූයේ මෙම නැගී එන වෙළදපළෙහි සිය අණසක පතුරුවාලීමයි. ඒ සඳහා Comet යානා වලින් ලද සහය අති මහත්ය. ඒ වෙන කිසිවක් නිසා නොව එවකට පැවති කිසිම යානයක්, අමෙරිකාවේ නිෂ්පාදිත Boeing හෝ Douglas යානවන් පවා, Comet යානා සමඟ තරගකිරීමට අසමත්ව සිටි බැවිනි. Comet යානා සේවයට පැමිණීමේ සිට ඒ දක්වා අනතුරු දෙකක් පමණක් වාර්තාවී තිබුණි. එකක් පකිස්තානයේදී, යානයක් ගුවන් ගත කිරීමකදීය. ඊට මාස දෙකකට පමණ පසු ඉන්දියාවේදී තවත් අනතුරක් සිදුවූයේ අයහපත් කාලගුණය හේතුකොටගෙනය. මෙම අනතුරු දෙකෙන්ම මගීන් 54 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ. අනතුරු දෙකම අපහසු දායක තත්ත්වයන් යටතේ සිදුවූ බැවින්, Comet යානා වල විශ්වාසනීයත්වය ගැන ප්‍රශ්න කිරීමක් ඇති නොවුණි.

උදෑසන 10:38 යි. යානය මීටර 11000 ක උසකට ළඟාවිය. යානයේ අභ්‍යන්තර පීඩනය මිනිස් සිරුරට යෝග්‍යවන තරමට වැඩි කෙරිණි. කාර්යය මණ්ඩලය සිය සේවා සැපයීමේ යුහුසුළුව නිරතව සිටිනු දක්නා ලදී. මගීන් කාර්යය මණඩලයේ සත්කාර විඳිමින් සුවපහසු ලෙස සිය අසුන් වලට බරවී සිටියහ. මේ අතර කපිතාන් GibsonBOAC Argonaut හී කපිතාන් Johnson හා ගුවන් විදුලි පණිවුඩ මගින් සම්බන්ධව කාලගුණ තත්ත්වයන් හා අනෙකුත් විස්තර හුවමාරු කරගන්නා ලදී.

උදෑසන 10:41 යි. කපිතාන් Gibson විසින් රෝම ගුවන් තොටුපළ පාලක මධ්‍යස්ථානය අමතා විස්තර සපයා සියල්ල යහපත්ව සිදුවන බව වාර්තා කොට සිටියේය. යානය ඒවන විට ඉතාලි වයඹ වෙරළ තීරය ඔස්සේ ගමන් කරමින් සිටි අතර එල්බා දිවයින ආසන්නයේ පසු විය. වේලාව උදෑසන 10:51යි. කපිතාන් Gibson නැවත කපිතාන් Johnson ව සම්බන්ධ කරගන්නා ලදී. ගුවන් විදුලි සන්නිවේදනය අතර තුර හදිසියේම කපිතාන් Johnson ට අනෙක් පසින් ශ්‍රවණය වූයේ විශාල පිපිරුම් හඬක් සමඟ මිනිසුන්ගේ මර ළතෝනියකි. ඒ සමඟම සම්බන්ධතාව විසන්ධි විය. ඔහු, නැවත සම්බන්ධ කර ගැනීමට කිහිප වරක්ම උත්සහා කළද සාර්ථක නොවුණි. සිද්ධිය වහාම රෝම ගුවන් තොටුපලට වර්තා කෙරුණ අතර BA 781 සම්බන්ධ කරගැනීම රෝම ගුවන්තොටුපළ පාලක මධ්‍යස්ථානය දැරූ උත්සහයද අසාර්ථක විය.

සිදු වූයේ කුමක්ද ?? …………………………

රෝමයේ සිට කිලෝ මීටර් 200 ක් පමණ වයඹට වන්නට වූ එල්බා දිවයිනේ, සිය දැල් ආම්පන්න සකසමින් සිටිනා ඉතාලි ධීවර කාර්මිකයන් පිරිසකි. ඔවුන්ගේ අවධානය බිඳිමින් හදිසියේ අහස ගුගුරන්නට විය. එය මින් පෙර කිසිඳු දිනක ඔවුන් නොඇසූ විරූ ගිගිරීමකි. නිතැතින්ම ඉහළ බැලු ඔවුන්, ලෝක ගුවන් ගමන් ඉතිහාසයේ අවසනාවන්ත සිද්ධියක සාක්ෂි කරුවන් පිරිසක් වූහ. ඔවුන් දුටුවේ ගිනි ගෙන දැවෙමින් සයුරට කඩා වැටෙනා ගුවන් යානයක සුන්බුන්ය.

වහා ක්‍රියාත්මක වූ ධීවරයන් පිරිස සිය යාත්‍රා යානය කඩා වැටුණේයැයි ඔවුන් අනුමාන කළ ස්ථානය බලා යාත්‍රා කළහ. මුලින්ම ඔවුනට කිසිවක් දකින්නට නොලැබුණි. සීගල් කුරුලු රංචුවක් පියාසර කරමින් සිටි ඉසව්වක් බලා යාත්‍රා කළ ඔවුනට තමන් බලාපොරොත්තුවූ දෙය දකින්නට ලැබුණි. එය අතිශය ඛේදජනක දසුනකි. සුන්බුන් සහ මල සිරුරු දියෙහි පාවෙමින් තිබුණි. සුන්බුන් අතර පාවෙමින් සුදු පැහැති මංගල වස්ත්‍රයක්ද විය.

ඉතාලි ධීවරයන් වහ වහා මල සිරුරු දියෙන් ගොඩ ගැනීම ඇරඹූහ. අනතුරින් යානයේ සිටි තිස් පස් දෙනාම ජීවිතක්ෂයට පත්ව සිටියහ. දිවි ගලවාගත් කිසිවකුදු නොවුණි. පහළොස් දෙනෙකුගේ සිරුරු ධීවරයන් විසින් ගොඩ ගන්නා ලදී. මරණ පරීක්ෂණයෙන් පසු කුඩා දේවස්ථානයක ඔවුන් වෙනුවෙන් පැවැත්වූ දේව මෙහෙයකින් පසු එම සිරුරු එල්බා දිවයිනේ භූමදාන කෙරිණ.

මෙම අවාසනාවන්ත අනතුර ලොව පුරා පුවත්පත් වල ශීර්ෂපාඨ පිරවීමට සමත් විය. සැමගේ මුවග රැඳි ප්‍රශ්නය වූයේ ” ගුවන් ගමන් ඉතිහාසයේ මෙතරම්ම දියුණු තාක්ෂණයකින් හෙබි යානය, අහේතුකවම කඩා වැටුනේ කෙසේද ? ” යන්නයි. එය සාමාන්‍ය අනතුරක ප්‍රතිඵලයක්ද ? නැතහොත් කිසියම් දුෂ්ට ක්‍රියාවක ප්‍රතිඵලයක්ද ? රහස හෙළිකිරීමේ වගකීම විශේෂඥයනට පැවරුණි.

අනතුරින් හෝරා කිහිපයක් නික්මෙත්ම BOAC විශේෂඥයන් Comet යානා පිළිබඳ තාක්ෂණික පරීක්ෂණ ඇරඹූහ. ඔවුන් විසින් යානාවල සැලැස්මේ හෝ නිෂ්පාදන දෝෂයන් ඇත්දැයි සොයා ගත යුතු වූහ. ලෝකයේ ප්‍රමුඛම මගී ජෙට් යානා නිෂ්පාදකයා ලෙස බ්‍රිතාන්‍යයට තිබුණු තත්ත්වයෙහි අනාගතය එම පරික්ෂණ වල ප්‍රතිඵල මත රඳා පැවතුණි. එයින් ඇරඹුණු පරීක්ෂණය ලෝක ගුවන් ගමන් ඉතිහාසයේ වඩාත් සංකීර්ණම සහ වැදගත්ම පරීක්ෂණය බවට පත්විය.

~~~~~

පරීක්ෂකයන්ට මුල සිටම අති විශාල අභියෝග වලට මුහුණ දීමට සිදු විය. 1954 දී, වර්තමානයේ භාවිතා කරනා කළු පෙට්ටි නොවීය, නියමු කුටියේ හඬ පටිගත කිරීමක්වත්, යානයේ තොරතුරු වාර්තා කරගැනීමේ පහසුකම්වත් එකල නොවීය. සිදුවූයේ කුමක්දැයි නිසියාකාරව දැන ගැනීමේ හැකියාවක් කිසි ලෙසකින්වත් නොතිබුනි. ගුවන් යානා අනතුරක් පරීක්ෂණය කල යුත්තේ කෙසේදැයි ක්‍රමවේදයක්වත් ඒ වන විට සැකසී නොපැවතුණි. ඔවුනට සියල්ල මුල සිට ගොඩනගා ගැනීමේ අභියෝගයට මුහුණ දීමට සිදු වූහ. තිබුණු ප්‍රබලම සාක්ෂිය වූයේ යානයේ සුන්බුන්ය. අවාසනාවකට එයද මධ්‍යධරණි මුහුදේ සැගව ගොස්ය.

අතරවාරයේ මාධ්‍ය වල සැකය කඩාකප්පල්කාරීන් දෙසට යොමුවිය. ධනවාදය සහ සමාජවාදය ගැටෙමින් තිබූ එම අවධියේ සැකයේ හස්තය සමාජවාදී කදවුරට නිතැතින්ම එල්ල විය. නමුත් එය පැහැදිලි සාක්ෂි සහිතව ඔප්පු කළ යුතු වූ කරුණකි.

පරීක්ෂකයනට ඉතාලි ධීවරයන්ගෙන් සහ BOAC Argonaut හී කපිතාන් Johnson ගෙන් යම් යම් තොරතුරු දැන ගැනීමට හැකි වුවද ඒ කිසිවක් ඉදිරියට යාමට තරම ප්‍රමාණවත් නොවීය. මේ අතර වාරයේ ඉතාලියානු මරන පරීක්ෂක වෛද්‍ය Antonio Fornari ගේ සුපරික්ෂාවට මගීන්ගේ සිරුරු භාජනය විය. පරික්ෂාවට ලක්වූ සෑම සිරුරකම වාගේ අත පය කැඩී බිඳී හෝ තුවාල වී තිබෙනු දක්නට ලැබුණි. මේවා මරණයට පසු සිදුවූ හානි ලෙස වෛද්‍ය  ෆොනාරි හඳුනා ගත්තේය. මෙයට අමතරව ඔහුව ව්‍යාකූලත්වයට පත්කළ පොදු ලක්ෂණ කිහිපයක් සෑම සිරුරකම පාහේ දක්නට තිබුණි. එනම් බිඳී ගිය හිස් කබල් සහ පුපුරා ගිය පෙනහළුය. බොහොමයක් දෙනාගේ පෙනහළු පුපුරා ගිය බැලුන් ලෙස සුණු විසුණු වී තිබෙනු ඔහු විසින් නිරීක්ෂණය කරණ ලදී. බෝම්බ පිපිරීමක සාක්ෂි දක්නට නොවුණි. අවසානයේදී සිරුරුවල දක්නට ඇති හිසේ සහ පෙනහළු හානිවීම සිදුවූයේ කෙසේදැයි විග්‍රහ කිරීමට නොහැකිව වෛද්‍ය ෆොනාරි අසරණ විය.

ප්‍රමාණවත් නොවූ සාක්ෂි කරණ කොටගෙන පරීක්ෂණය අතර මග නවතා දමන ලදී.

නමුත්, Comet යානා වල සාර්ථකත්වය මත රඳාපැවති බ්‍රිතාන්‍ය ජාතියේ අභිමානය සහ සමෘද්ධිය ගැන සැලකිලිමත් වූ එක් පුද්ගලයෙක්ගේ අණින් නැවතත් සියල්ල සක්‍රීය විය. පරීක්ෂණය ඉදිරියට ගෙන යාමට අවැසි ප්‍රධානම සාධකය යානයේ සුන් බුන් බව අවබෝධ කොට ගත් එවකට බ්‍රිතාන්‍ය අගමැති වූ Sir Winston Churchill, කඩා වැටුණු යානය ගොඩ ගැනීමේ නියෝගය බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව වෙත නිකුත් කෙරිණ.

නාවික හමුදාවට පැවරුණු කර්තව්‍යය කිසිසේත්ම පහසු කටයුත්තක් නොවුණි. ඉන් පෙර මෙවැනි ගොඩගැනීමේ කටයුත්තක් සිදුවී නොතිබුණි. යානයේ සුන්බුන් මධ්‍යධරණි මුහුදේ මීටර් 120ක් පමණ ගැඹුරේ ගිලී ගොස්ය. කිසිවෙකුටත් ස්ථානය පිළිබඳ අදහසක් නොවුණි. නාවික යාත්‍රා වර්ග කිලෝමීටර 260ක කලාපයක් අවරණය වෙන පරිදි සිය සෙවීම් කටයුතු සිදු කළහ. යාත්‍රා හතරක් මේ සඳහා යොදා ගැනුණි. එම යාත්‍රා, ජලය යට භාවිතා කලහැකි කැමරා සහ මුහුදු අභ්‍යන්තර නිරීක්ෂණ කුටීර වැනි එවකට පැවති නවීනතම තාක්ෂණයෙන් සන්නද්ධ වී සිටියහ.

1954 පෙබරවාරි 12 වනදා, අනතුරෙන් දින තිස් තුනකට පසු නාවික හමුදාව සිය කැමරා මගින් යානයේ කුඩා කොටසක් නිරීක්ෂණය කළේය. ඊළඟ සති කිහිපය ඇතුළට වරින් වර ගොඩ ගැනුණු යානයේ කුඩා කොටස් එංගලන්තයට යැවුණි. අවසානයේදී නාවික හමුදාව විශාලම ජයග්‍රහණය ලබා ගනිමින් යානයේ පිටුපස අර්ධයෙහි විශාල කොටසක් සොයාගෙන ගොඩට ගැනීමට සමත්වූහ.

මේ අතරවාරයේ Comet යානා සියල්ල අකර්මණ්‍යව ලංඩන් වල රඳවා තැබිණි. BOAC විසින් සැලකිය යුතු ආයෝජනයක් Cometයානා වෙනුවෙන් සිදුකොට තිබූ බැවින්, යානා නැවතත් සේවයට ගැනීම උදෙසා පීඩනයක් ගොඩනැගෙමින් පැවතුණි. මාර්තු 23 වන දින, අනතුරින් සති දහයකට පසු නැග එන පීඩනය හමුවේ බ්‍රිතාන්‍ය රජය විසින් නැවතත් Comet යානා ගුවන් ගත කිරීමට අවසර ලබා දුනි. කෙසේ වෙතත් ඒ වන විටත් BA 781 යානය කඩා වැටීමට හේතුව සොයා ගෙන නොතිබුණු අතර විශේෂඥයන් ඒ වෙනුවෙන් වෙහෙසෙමින් සිටියහ. වාණිජ කරුණු ගැන පමණක් සලකා බලා ගත් මෙම තීරණය මගින් බ්‍රිතාන්‍ය රජය භයානක වරදක් සිදු කළහ. එය Comet යානා වල සහ එහි නිෂ්පාදකයාගේ අනාගතය තීරණය කරන්නාවූ තීරණයක් විය.

මධ්‍යධරණි මුහුදෙන් ගොඩ ගන්නාවූ සුන්බුන් කැබලි ක්‍රමක්‍රමයෙන් එංගලන්තය වෙත ළඟා වෙමින් තිබුණි. පර්යේෂකයන් ලී වලින් සැදූ  යානා සැකිල්ලකට ඒවා අමුණමින් යානය නැවත ප්‍රතිනිර්මාණය කොට ගැනීමට වෙහෙසෙමින් සිටියේ මෙම අවුල විසඳා ගැනීමට පොටක් පාදා ගන්නා අටියෙනි.

දැන් නැවතත් සියලුම Comet යානා සේවයේ. 1954 අප්‍රේල් 08, ගුවන් ගමන් නැවත ඇරඹීමෙන් දින දාසයකට පසු, මරුවා නැවතත් බිල්ලකට ඉව අල්ලමින් සිටියේය. සුපුරුදු පරිදිම රෝම ගුවන් තොටුපළේදී Gerry Bull අතුළු ඉංජිනේරු කණඩායමේ සුපරික්ෂණයෙන් පසු තවත් Comet යානාවක් ඊජිප්තුව බලා යාමට ගුවන් තොටු පළින් නික්මිණ. මගීන් 14ක් සහ කාර්යය මණ්ඩලයේ 07ක් යානය තුළ විය. විනාඩි 33ක් ධාවනය වීමෙන් පසු යානය මීටර් 11000 ක උස සීමාවට පැමිනුනි. නියමුවා රෝම ගුවන් තොටුපළ අමතා විස්තර වාර්තාකරමින් සිටින අතර තුර සම්බන්ධතාවය විසන්ධි විය. තවත් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත් කරමින් යානය මධ්‍යධරණි මුහුදට කඩා වැටුණි.

නැවතත් බ්‍රිතාන්‍යය නාවික හමුදාව සාක්ෂි සෙවීමෙහි උත්සුක විය. මල සිරුරු පහක් සමඟ පුද්ගලික බඩු භාණ්ඩ කිහිපයක් සොයා ගැනුණි. ලෝකය පුරාම ප්‍රවෘත්තිය වේගයෙන් පැතිරුණු අතර බ්‍රිතාන්‍ය රජය මෙම අනතුරු සඳහා හේතුව සොයා ගැනීම වෙනුවෙන් අනිවාර්යයෙන් යමක් කළ යුතුව තිබුණි. Winston Churchill, විසින් පරීක්ෂණය Royal Air Craft Establishment වෙත භාර කෙරුණි. එය එවකට බ්‍රිතාන්‍යයේ පැවති ප්‍රමුඛතම ගුවන් ගමන් පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය විය. පරීක්ෂණ කණ්ඩායමේ නායකත්වය පිළිගත් විද්‍යඥයෙක් වූ Sir Arnold Hall ට පැවරුණි. Winston Churchill, ගෙන් Arnold Hall ට පුද්ගලිකවම ලැබුණු උපදෙස වූයේ, පරීක්ෂණය සඳහා වැයවන මුදල් ගැන සැලකිලිමත් නොවන ලෙසයි. කෙටියෙන් පැවසුවහොත් පරීක්ෂණයට අවැසි ඕනෑම දෙයක් ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථා සපයා තිබුණි.

Sir Arnold Hall

දෙවෙනි ගුවන් යානය මීටර් දහස් ගණනක් ගැඹුරු මුහුදේ ගිලී ගොස් තිබූ බැවින් එය ගොඩ ගැනීම ප්‍රායෝගික කාර්යයක් නොවුණි. එකම බලාපොරොත්තුව වූයේ ප්‍රථම ගුවන් යානයේ සුන්බුන්ය. එය කැබැල්ලෙන් කැබැල්ල ඇමිණෙමින් BA 781 යානයේ දළ ආකෘතියක් නිමවමින් සිටියේය. මින් පෙර කිසිවකු මෙසේ විනාශ වී ගිය යානයක් එකලස් කොට නොතිබූ බැවින් පරීක්ෂක කණඩායමට එය සැබෑම අභියෝගයක් විය. ඔවුනට ඒ සඳහා පූර්වාදර්ශයක් නොවූ බැවින් තමන්ගේම ක්‍රමවේදයක් ගොඩනගා ගත යුතුව තිබුණි. මෙම සුන්බුන් පිළිබඳ සිදුකළ සියුම් පරික්ෂාවේදී ඔවුනට වැදගත් සාක්ෂියක් සොයා ගැනීමට හැකිවිය. එනම්, ප්‍රථමාධාර පෙට්ටියක වූ බෙහෙත් ස්වල්පයක්, කාපට් කැබලි කිහිපයක්, පුද්ගලික බඩු භාණ්ඩ කිහිපයක් ඔවුන් යානයේ අපර කොටසේ තිබී සොයා ගනු ලැබූහ. මෙමගින් එළඹි නිගමනය වූයේ යානයේ ඉදිරිපස ඇතිවූ පිපිරීමක් විසින් මෙම ද්‍රව්‍යයන් පිටුපසට විසිකිරීමක් සිදුකොට ඇති බවයි. ප්‍රශ්නය වූයේ කිනම් ස්ථානයක, කෙසේ පිපිරීම සිදුවූවාද යන්නයි !

මේ අතර දෙවන අනතුරෙන් ගොඩ ගත් මළසිරුරු හතරක් මරණ පරික්ෂකයන්ගේ නිරීක්ෂණයට භාජනය විය. ඔවුන්ව මවිතයට පත් කරවමින් පළමු අනතුරේදී දක්නට වූ ශරීර හානි එලෙසින්ම දෙවැන්නේදීද දක්නට ලැබුණි. එනම්, පැලුණු හිස් සහ පුපුරා ගිය පෙනහළුය.

දීර්ඝ පරීක්ෂණ මාලාවකට පසු Arnold Hall සහ ඔහුගේ කණ්ඩායම විය හැකියැයි අනුමාන කළ හැකි න්‍යායක් ගොඩ නැංවීය. එනම්, යානයේ මගීන්ගේ සුව පහසුව සඳහා සිදු කළ කුටීර පීඩනය අඩු වැඩි කිරීම වලදී Comet  යානයේ පිටත ඇලුමිනියම් ආවරණයෙහි දැඩි ආතතියක් ඇතිකරන්නට ඇති බවත්, කිසියම් වූ ව්‍යහාත්මක දෝෂයක් වීනම් එම ස්ථානයෙන් පිපිරීමක් ඇතිවිය හැකි බවටත් ඔවුහූ අනුමාන කළහ. මල සිරුරුවල දක්නට වූ හානිවීම් මේ මගින් පැහැදිලි කළ හැකියැයි ඔවුන් විශ්වාස කළහ.

මෙම න්‍යාය ඔප්පු කිරීම සඳහා ඔවුන් විසින් BA 781 යානයේ දහයෙන් එකක් ප්‍රමාණයේ ආකෘතියක් නිර්මාණයක කළහ. මගීන්ගේ ආකෘති කිහිපයක්ද ආසන වල අසුන්ගන්වන ලදී. ආකෘතියෙහි අභ්‍යන්තර පීඩනය යානය මීටර 12000 ක උසකදී පවත්වා ගන්නා පීඩනයට ගෙනවිත්, ආකෘතිය පුපුරුවා හරින ලදී. ප්‍රතිඵලය අධිවේගී කැමරා කාචයන්හී සටහන් විය. පරීක්ෂණයේ ප්‍රතිඵලය මල සිරුරුවල දක්නට වූ අභ්‍යන්තර හානි සිදුවන ආකාරය කදිමට පෙන්වා සිටියේය. හදිසියේ ඇතිවන පීඩනය අඩුවීම මගින් යානයේ අසුන් ගැලවී මගීන් ( ආකෘති ) සමග ඉහළට විසිවී යන අතර බොහොමයක් මගීන්ගේ ( ආකෘති වල ) හිස් යානයේ සිවිලිමෙහි වැදීම කරණකොටගෙන හානියට පත් වන ආකාරය කැමරා කාචයන්හී පැහැදිලිව සටහන් වී තිබුණි. එසේම හදිසියේ ඇතිවන අවපීඩන තත්ත්වය මගීන්ගේ පෙනහලු ක්ෂණිකව පුපුරා යාමට සලස්වන්නට ඇතැයි නිගමනය කෙරිණ. යානයෙහි මගී කුටීරය අධික පීඩනයක් යටතේ පවතින විට ඇතිවන හදිසි පුපුරා යාමක් විශේෂඥයන් සමාන කරන්නේ රාත්තල් 500 ක බෝම්බයක් ඒ තුළ පුපුරා යාමකටය.

ආකෘතිය හා පරික්ෂණයේ ප්‍රතිඵලය

මෙමගින් පරීක්ෂක කණ්ඩායම යානයෙහි ඇළුමිනියම් බඳෙහි ඇති දෝෂයක් හේතුවෙන් මෙම පුපුරා යාම වන්නට ඇතැයි නිගමනයකට එළඹුණි. එහෙත් නිෂ්පාදකයන්ගේ පරීක්ෂණ වාර්තා වල දැක්වෙන ආකාරයට බඳෙහි ආයු කාලය පියාසර වාර දසදහසකටත් වඩා වැඩිය. එය විනාශවූ යානා ද්විත්වයම ගමන් කළ වාර ගණනට වඩා බෙහෙවින්ම වැඩි වූ අගයකි. නමුත් Arnold Hall එය එලෙසින්ම පිළිගැනීමට මැලිකමක් දැක්වීය. ඔහු සම්පූර්ණ යානයක්ම පූර්ණ පරික්ෂාවකට බඳුන් කිරීමට සැලසුම් කළේය. BOAC වෙතින් ඒ සඳහා ඔහුට  G-ALYU (“Yoke Uncle”) යානය ප්‍රදානය කෙරිණ.

මෙම නව පරීක්ෂණය ඇරඹීමට පෙර Arnold Hall ඇතුළු කණ්ඩායම Comet යානා වල සැලැස්ම තියුණු පරීක්ෂාවකට ලක් කෙරෙනි. ගුවන් යානයක පිටත බඳ නිතර නිතර ඇති කරවනු ලබන පීඩන අඩු වැඩි කිරීම් වලට ඔරොත්තු දෙන සවිමත් එකක් විය යුතුය. එමෙන්ම සැහැල්ලු විය යුතුය. මෙම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා De Havilland  විසින් මිලි මීටර භාගයක ඝනකමින් යුක්ත සැහැල්ලු ඇලුමිනියම් ඇලෝයි තහඩු භාවිතා කොට තිබුණි. යානයෙහි බඳෙහි ඔරොත්තුදීමේ ශක්‍යතාවය පිරික්සීම සඳහා Arnold Hall  විසින් ඉන් පෙර සිදුකර නොතිබූ පරීක්ෂණයක් සැලසුම් කළේය. ඒ සඳහා අති විශාල ජල තටාකයක් නිර්මාණය කිරීම අවැසි විය. එය දිගින් මීටර 34ක්, පළලින් මීටර 07ක් සහ ගැඹුරින් මීටර 05 කින් යුක්ත විය. ජල තටාකය සාර්ථකව නිමවා අවසන් කිරීමට සේවකයනට නොකඩවා සති හයක් වැඩ කිරීමට සිදු වූහ. මැයි මස 29 වන දින විට එය පරීක්ෂණය සඳහා සූදානම්ව තිබුණි. එන්ජින් සහ අභ්‍යන්තර කොටස් ඉවත් කළ හිස් යානය තටාකයට ඇතුල් කෙරිණ. තටාකයෙන් දෙපසට විහිදී තිබුණ තටු, බාහිර යාන්ත්‍රණයක් මගින් මෙහෙය වුයේ  පරීක්ෂණයේදී පියාසර තත්ත්වයන් මවා පෑම උදෙසාය. ඉන්ජිනේරුවන් විසින් තටාකයට, යානය වැසී යන පරිදි ජලය පුරවනු ලැබීය. ඉන්පසු යානය පියාසර කරනා විට ඇති කරනු ලබන පීඩනයට සමාන පීඩනයක් ඇති කරනු ලැබූ අතර විනාඩි පහකට පසු නැවතත් පීඩනය අඩු කරන ලදී. මෙම සෑම පරීක්ෂණ අවස්ථාවකදීම, යානය මීටර 12000 ක උසකදී, යානයෙහි බඳ මත පීඩනය වැඩි කිරීමෙන් ඇති කරවනු ලබන තත්ත්වයම ඇති කරවන ලදී. මෙමගින් පරීක්ෂකයන් බලාපොරොත්තු වූයේ දිගින් දිගටම සිදු කෙරෙන පීඩන අඩු වැඩි කිරීම් වලට යානයෙහි ඔරොත්තුදීමේ හැකියාව පරීක්ෂා කිරීමය. පරික්ෂණය නොකඩවා දවසේ පැය 24 පුරාවටම සිදු කෙරුණ අතර බලාපොරොත්තුවන තත්ත්වයට ළඟා වීමට මාස පහක කාලයක්වත් ගතවෙනු ඇතයි අනුමාන කරනු ලැබීය.

අතර වාරයේ අනෙකුත් පරීක්ෂණ කටයුතු නොකඩවා සිදු වෙමින් පැවතිණ. මේ වන විට යානයෙන් තුනෙන් දෙකක් පමණ එකතු කරගත් සුන්බුන් ආධාරයෙන් ලී සැකිල්ල මත ගොඩ නගා තිබුණි. යානයේ පිටත තහඩු ඉරී ගොස් ඇති ආකාරය අධ්‍යනය කිරීමෙන් පරීක්ෂකයන් නිගමනය කෙරුවේ යානය පිපිරීමක් සමඟ දරුණු අවපීඩන තත්ත්වයකට භාජනය වී ඇති බවයි. වැඩිදුර අධ්‍යනයන්ගෙන් පසු පරීක්ෂණ කණ්ඩායමේ නිගමනය වූයේ මුල්ම පුපුරා යාම මගී කුටීරයත් නියමු කුටියත් අතර සිදුවී ඉන්පසු අවර සහ පිටිපස බඳ කොටස කැඩිවෙන්වී, තෙවනුව පියාපත්හී පිටුපස කොටස් සහ අග කොටස්, අවසානයට නියමු කුටිය කැඩී වෙන්වී යන්නට ඇති බවයි. නමුත්, අනතුරට මුල්වූ සැබෑ හේතුව තවමත් අභිරහසක්.

ජුනි 24 වන දින, ජල තටාක පරීක්ෂණය සංධිස්ථානයකට ළඟා විය. පරික්ෂණය ඇරඹී මසකටත් වඩා අඩු කාලයකදී, පියාසර වාර තුන්දහසකට සමාන අවස්ථාවකදී යානයේ බඳ පුපුරා ගොස් තිබුණි. මෙමගින් හෙළිවූ කරුණු සියලු දෙනාවම මවිත කරවීමට සමත් විය. තටාකයේ ජලය හිස් කළ කණ්ඩායම යානයට සිදුවී ඇති හානිය තියුණු පරික්ෂාවකට භාජනය කළහ. ඔවුනට යානයේ බඳෙහි විශාල පැලුම් දක්නට ලැබුණු අතර එම පැලුම් යානයෙහි කවුළු සහ දොරවල් ඔස්සෙ පැතිර පැවතිණි. ඔවුන් Comet යානා ව්‍යුහයේ වූ ප්‍රධානතම දුර්වලතාවය හෙළිදරවු කරගැනීමට සමත්ව තිබුණි. Comet යානා සමූහයම මෙම මාරාන්තික දෝෂයෙන් යුක්ත යැයි අනුමාන කෙරින. මෙම දෝෂයේ මූලාරම්භය Metal Fatigue ( ලෝහ ප්‍රයාසය ) යනුවෙන් හැඳින්වූ, ලෝහයක් මත දිගින් දිගටම ප්‍රතිවිරුද්ධව යොදවන තෙරපුමක් හෝ බලයක් හේතුකොටගෙන ලෝහයේ දරාගැනීමේ ශක්තිය අවම වීමෙන් හට ගන්නා දුර්වලතාවය ලෙස සලකනු ලැබීය. ( ලෝහ කැබැල්ලක් ගෙන දිගින් දිගටම ඉහළට හා පහළට නැමීමේදී, මුලින්ම නැමුම් පාරක්ද, ඉන් පසු ටිකෙන් ටික එම ස්ථානයෙන් ලෝහය කැඩී වෙන්වන ආකාරයද ඔබ අත් දැක ඇත. මෙහිදීත් සිදුවනුයේ ඒ හා සමාන ක්‍රියාවලියකි. යානයේ අභ්‍යන්තර පීඩනය වැඩි කිරීමේදී අනිවාර්යයෙන්ම බඳෙහි යම් ප්‍රාසාරණයක් සිදු වන අතර, නැවත පීඩනය අඩු කිරීමේදී යානය පෙර තිබුණු තත්ත්වයට පත්වේ. මෙහිදී ඇතිවන ප්‍රසාරණය හා හැකිලීම මගින් Metal Fatigue හෙවත් ලෝහ ප්‍රයාසය යනුවෙන් හඳුන්වන සංසිද්ධිය ඇති විය හැකි බව පරීක්ෂකයන්ගේ මතයයි. )

නමුත් මෙහිදී ඔවුන් ගැටලු දෙකකට මැදි විය. පළමුවැන්න වූයේ මේ දක්වා ගොඩ ගත් කිසිම කොටසක මෙම දෝෂය පෙන්නුම් කරන ලක්ෂණ දක්නට නොවීමයි. දෙවැන්න වූයේ Comet නිර්මාපකයන් යානා වෙළද පළට නිකුත් කිරීමට පෙර ලෝහ ප්‍රයාසය පිළිබඳ පරීක්ෂණ පවත්වා යෝග්‍යය බවට සහතිකයක් ලබා තිබීමයි. Arnold Hall ඇතුළු කණ්ඩායම තම මතය තහවුරු කිරීම උදෙසා ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කළ යුතුව තිබුණි. ඒ සඳහා ලෝහ ප්‍රයාසය පෙන්නුම් කෙරෙන යානයේ කොටසක් සොයා ගැනීම අත්‍යවශ්‍යය විය. අවාසනාවකට මෙන් මෙම සාක්ෂිය තවමත් මධ්‍යධරණි මුහුදු පතුලේ සැගව තිබුණි.

මේ අතර සිදුකළ වැඩිදුර පරීක්ෂණ වලින් හෙළි කරගනු ලැබුයේ, යානයේ අභ්‍යන්තර පීඩනය වැඩි කිරීම මගින් යානයේ බඳ මත ඇති කරනු ලබන මුළු ආතතියෙන් 70% ක් පමණ බඳෙහි දුර්වල ස්ථාන වූ කවුළු සහ දොරවල් අවට ඇති කරනු ලබන බවයි. එය ඉතා අනතුරුදායක තත්ත්වයකි. මෙම අගය යානයේ සැලසුම් කරුවන් බලාපොරොත්තු වූවාට වඩා දෙගුණයකින් පමණ වැඩි අගයකි. තව දුරටත් කළ පරීක්ෂණ වලින් සොයාගනු ලැබුයේ කවුළු වටා ඉඳි කර ඇති ආධාරකය, ඇලවීම වෙනුවට රිවට් ඇණ යොදා සවිකිරීම හා එම ඇණ විදුම් යන්ත්‍ර මගින් සිදුරු කොට සවිකිරීම වෙනුවට කාවැද්දීම හේතුකොටගෙන ඇණය අවට කලාපයේ ක්ෂුද්‍ර පිපිරුම් සිදුවී ඇති බවයි. ඉතා තදින් ආතතියට හසුවන කවුළු අවට ඇතිවූ මෙම ක්ෂුද්‍ර පිපුරුම් ඔස්සෙ, දිගින් දිගටම සිදුවූ පීඩනය අඩු වැඩි වීම කරණ කොටගෙන, ලෝහ ප්‍රයාසය සිදුවීම මගින් එම ස්ථානයකින් මුල්ම පුපුරා යාම වන්නට ඇති බව අවසන් නිගමනය විය. එහෙත් මෙම නිගමනය සනාථ කෙරෙන යානයේ කොටසක් මේ දක්වා පරීක්ෂකයන්ට සොයා ගැනීමට නොහැකිවී තිබුණි.

කටයුතු මෙසේ සිදුවෙමින් පවතින විට, අගෝස්තු 12 වන දින, ඉතාලි ධීවර යාත්‍රාවක් මගින් යානයේ තවත් විශාල කොටසක් ගොඩ ගනු ලැබීය. එය යානයේ වහලයෙහි කොටසකි. මෙහි ගුවන් විදුලි තරංග හුවමාරු කරගැනීම සඳහා භාවිතා කළ කවුළු ද්විත්වයක් විය. මෙම කොටස තියුණු පරික්ෂාවකට ලක්කළ Arnold Hall  සහ පිරිස තමන් බලාපොරොත්තුවෙන් සිටි සාක්ෂිය ක්ෂණිකවම සොයා ගන්නා ලදී. එක් කවුළුවක තිබූ රිවට් සිදුරක, ලෝහ ප්‍රයාසය නිසා සිදුවූ කුඩා පිපුරුමක් නිරීක්ෂණය කිරීමට ඔවුනට හැකි විය. යානයේ අනෙකුත් කොටස් හා මෙම කොටස එකතු කළ විට ඔවුන් විසින් නිරීක්ෂණය කෙරුණේ, සිදුව ඇති සියලු පිපුරුම් වල ආරම්භය මෙම ස්ථානය බවයි. අවසානයේදී,  Arnold Hall සහ පිරිස විසින් මෙම අභිරහස  මෙලෙස විසඳනු  ලැබූහ.

පිපිරුම ආරම්භ වූ, ගුවන් විදුලි සංඥා කවුළු.
~~~~~

Paul Withey, ගුවන් යානා ලෝහ පිළිබඳ නූතන විශේෂඥයෙකි. වසර 52 කට පසු ඔහු මේ සැරසෙන්නෙ Arnold Hall ඇතුළු පිරිස 50 දශකයේ තාක්ෂණය යොදාගන විසඳු අභිරහසෙහි නිරවද්‍යතාවය 21වන ශතවර්ෂයේ තාක්ෂණය යොදාගන නැවත පරික්ෂා කිරීමටය. එමගින් Withey විසින් Arnold Hall ගේ සොයාගැනීම් වලට වඩා වෙනස් ප්‍රතිඵලයක් ලදහොත්, ගුවන් යානා පර්යේෂණ ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීමට සිදු වනවා ඇත. Withey ට අනුව Arnold Hall ඇතුළු පිරිස අවසාන පරික්ෂා කිරීම් සිදු කරනු ලැබුවේ සාම්ප්‍රදායික අන්වීක්ෂයක් භාවිතා කරමිනි. පරීක්ෂණ කණ්ඩායම අවසාන නිගමනයට එළබීම සඳහ සිය අත්දැකීම් මත පිහිටා කටයුතු කොට තිබුණි. Withey මේ සැරසෙනුයේ එහි සැක හැර දැනගැනීමටය.

ලංඩන් නුවර Science කෞතුකාගාරයේ තබා ඇති BA 781 යානයේ සුන්බුන් වලින් ලෝහ ප්‍රයාසය දක්වන කොටස් වල අච්චු, සිලිකන් පොටි භාවිතා කර ලබා ගත් Withey , ඒවා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් මගින් විශාලනය කොට පරික්ෂා කළේය. දෙසිය වාරයක් විශාලනය කළ විට Arnold Hall විස්තර කළ ලෝහ ප්‍රයාසය මගින් ඇතිකළ පැලුම් ඔහුට දක්නට ලැබීය. අටසිය වාරයක් විශාලනය කළ විට Withey  හට දක්නට ලැබුණේ Arnold Hall විසින් කිසි කලකත් නොදුටු, නමුත් ඉතා නිවැරදිවම අනුමාන කරන ලද නිෂ්පාදන දෝෂයයි. එනම්, රිවට් ඇණ කාවැද්දීම නිසා බඳෙහි තහඩුව මත ඇතිකරනු ලබූ ක්ෂුද්‍ර පිපුරුම්ය. මෙලෙස වසර 52කට පසු, 21වන සියවසේ තාක්ෂණය යොදගන Withey  විසින් Arnold Hall සොයා ගත් කරුණු ඉතා නිවැරදි බවට නැවත සහතික කරනු ලැබීය.

~~~~~

සිදු වූයේ කුමක්ද ?? …………………………

Comet යානා බඳ අසාමාන්‍ය ලෙස තුනී ඇලුමිනියම් තහඩු උපයෝගී කරගෙන නිපදවා තිබුණි. එයට අමතරව කවුළු සහ දොරවල් අවට ආධාරක රාමු රිවට් ඇණ කාවැද්දීම මගින් සවි කිරීම හේතුකොටගෙන යානයෙහි තහඩු මත නිෂ්පාදකයන්ද නොදන්නා ක්ෂුද්‍ර පිපිරුම් ඇතිවී තිබුණි. සෑම පියාසර වාරයකදීම ඇති කරවනු ලබන අභ්‍යන්තර පීඩනය, යානයෙහි බඳ මත අති විශාල ආතතියක් ඇති කරනු ලැබූ අතර විශේෂයෙන්ම කවුළු සහ දොරවල් අවට කලාපයන්හී මෙම ආතතිය අති විශාල විය. මෙසේ සෑම පියාසර වාරයකදීම නැවත නැවතත් සිදුවූ පීඩනය වැඩි කිරීම නිසා පෙර සඳහන් ක්ෂුද්‍ර නිෂ්පාදන දෝෂය ක්‍රමක්‍රමයෙන් ලෝහ ප්‍රයාස පිපුරුම් බවට පරිවර්තනය වී සෑම පියාසර වාරයකදීම එය මදින් මද විශාල විය. 1954 ජනවාරි මස 10 වන දින, ඒ අවාසනාවන්ත මොහොතේදී, යානයෙහි වහලය මත වූ ගුවන් විදුලි තරංග සම්ප්‍රේෂණ කවුළුවකින් ඇරඹී, ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබූ ඒ පැළුම, මිනිස් ජීවිත තිස් පහකට වග කියමින් යානය විනාශ කොට දැමීය.

යානය කැඩී ගිය ආකාරය පෙන්වන සටහනක්. රතු – 1  /  කහ – 2  / දම් – 3  / කොල – 4  / දුඹුරු – 5
Arnold Hall  ඇතුළු කණ්ඩායම මගින් කළ සොයාගැනීම් නිසා එයින් පසු ඇරඹි අනාගත ගුවන් ගමනේ හැඩ රුව බෙහෙවින්ම වෙනස් විය. එම පරීක්ෂණයේ ප්‍රතිඵල මත, යානාවල ආරක්ෂාව වෙනුවෙන් බොහොමයක් වූ ක්‍රියාමාර්ග ගනු ලැබීය.

එල්බා දිවයිනේ, මිය ගිය තිස් පස් දෙනා වෙනුවෙන් ඉදිවී ඇති සිහිවටන ස්මාරකය, වසර පනහකටත් වැඩි කාලයක් තිස්සේ නිහඩව කියාපන්නේ, ඔවුන් විසින් සිය ජීවිත පරිත්‍යාග කිරීම මගින් නොදැනුවත්ව හෝ අනාගත මගී ගුවන් යානා වල ආරක්ෂාව වෙනුවෙන් සිදු කළ ඒ අගනා මෙහෙයයි. ඔබ අද ආරක්ෂිතව ගුවනේ ගමන් කරයිද, ඒ සෑම ගුවන් වාරයක් පාසා ඔබගේ ජීවිතය ඔවුනට ණය ගැතිය.


ඇමරිකාවේ නාසා ආයතනය මේ දිනවල ‘කොන්කෝඞ් පැටියා’ නමින් හැඳින්වෙන ශබ්දයේ වේගය ඉක්මවා යන සුපර්සොනික් යානයක් පරීක්ෂාවට ලක් කරමින් සිටිනවා.

මෙම සුපර්සොනික් යානය සැලසුම් කර ඇත්තේ ඇමරිකාවේ සුප‍්‍රකට බෝයිං සමාගමයි. මෙය නිර්මාණය කෙරුණේ 2003 නොවැම්බර්යේ දී පියසැරියෙන් ඉවත් වූ කොන්කෝඞ් (Concorde) යානයෙන් ඇති වූ අඩුව පුරවන්නයි.

දැනට වානිජ සුපර්සොනික් ගුවන් යානාවලට ගුවනේ සැරිසරන්නට අවසර නැත. ඒ, එම යානා පියාසර කරද්දී ජනිත වන සුපර්සොනික් හෙවත් අතිධ්වනික ශබ්දය නිසයි.

බොයිං සමාගම විසින් සුපර්සොනික් ගුවන්යානා සංකල්පයට අනුව තනන ලද, එහි සියයට 1.79 ප‍්‍රමාණයේ අනුරුව හෙවත් ‘කොන්කෝඞ් පැටියා’ ඔහියෝහි පිහිටි නාසා ආයතනයේ ග්ලෙන් පර්යේෂණ මධ්‍යස්ථානයට අයත් සුපර්සොනික් සුළං උමඟ තුළ පරීක්ෂාවට ලක් කෙරුණු අයුරු එහි කවුළුවකින් පෙනුනු හැටි.

නව සුපර්සොනික් යානය තනා නිම වූ පසු පෙනෙන හැටි සිත්තරකුගේ ඇසින්.

මේ යානය ඇමරිකාවේ ඔහියෝ ප‍්‍රාන්තයේ පිහිටි නාසා ආයතනයට අයත් ග්ලෙන් පර්යේෂණ මධ්‍යස්ථානයේ දී දැන් පරීක්ෂාවට ලක් කරමින් තියෙනවා. එහි දී පරීක්ෂා කරන්නේ මෙම නව සුපර්සොනික් ජෙට් යානය පියාසර කරද්දී නැෙඟන අතිධ්වනික ශබ්දය අහිතකර තත්වයෙන් තිබේ ද ඇත්නම් තවත් එය අඩු කළ හැකිද කියා විමසා බලන්නයි.

මෙහි ඇති ඡායාරූපය ගෙන ඇත්තේ නාසා ආයතනයේ ක්ලීව්ලන්ඞ්වල ග්ලෙන් පර්යේෂණාගාරයට අයත් සුපර්සොනික් සුළං උමඟ තුළ නව යානයේ කුඩා ප‍්‍රමාණයේ අනුරුව පරීක්ෂාවලට ලක් කෙරෙද්දීයි. එම යානයේ සැබෑ ප‍්‍රමාණයෙන් සියයට 1.79ක් වූ මේ කුඩා අනුරුව ඔබ මෙසේ දකින්නේ එම උමෙඟහි පැත්තක ඇති කවුළුවක් තුළිනුයි.

මේ යානය සම්බන්ධව දැනට බෝයිං ආයතනය විස්තර කිසිවක් කියන්නේ නැහැ.

මේ කුඩා සුපර්සොනික් අනුරුවේ ඉහළ ඇති වා සිදුරු කි‍්‍රයා කරන අන්දම මේ පර්යේෂකයන් විසින් මෙහි දී පරීක්ෂා කර බලනවා. ඒ, අතිධ්වනික වේගයෙන් යන විට ඒවායින් ගලන වායු ධාරා ජෙට් යානයේ කි‍්‍රයාකාරීත්වයට, වායු විමෝචනය හා ශබ්දය ඇති කරන මට්ටම්වලට යම් බලපෑමක් සිදු කරනවා ද කියා සොයන්නයි.

පර්යේෂකයන් මේ පරීක්ෂණ සිදු කරන්නේ වා සිදුරුවලින් ගලන වායු ධාරාවන් දුරස්ථ පාලක උපකරණයකින් පාලනය කරමින් තමයි. එය කරන්නේ යානයේ දකුණේ නියමුවාගේ පැත්තේ ඇති වා සිදුරට ඉහළින් සවි කර ඇති පාලක උපාංගයක් දුරස්ථව පාලනය කිරීමෙනුයි.

මේ පරීක්ෂණ පවත්වන්නේ නාසා ආයතනයේ ගගන විද්‍යා පර්යේෂණ මෙහෙයුම් අධිකාරියේ නිරන්තරව සිදු කෙරෙන ගුවන් ගමන් පිළිබඳ අත්හදා බැලීම්වල කොටසක් හැටියටයි.

මෙම අංශයේ අරමුණ ශබ්ද දූෂණයෙන් හා පරිසරයට එයින් වන හානිවලින් තොරව අනාගත සුපර්සොනික් ගුවන් ගමන් අහසේ පහතින් සිදු කළ හැකි ආකාරය ගැන සෙවීමයි. හරිත ගුවන් ගමන් ක‍්‍රමයක් ලොව පුරා ඇති කිරීමට අවශ්‍ය පියවර ගැනීමට උපදෙස් දීම මේ අධිකාරියේ එක් කාර්යයක්. ඉන්ධන භාවිතය හා අහිතකර වායු විමෝචනය අවම කර ගැනීමට යෙදිය යුතු පිළියම් සෙවීම ද මේ කි‍්‍රයාවලියේ පදනම වී තියෙනවා.

මේ හා සමාන පරීක්ෂණ වර්ජිනියා ප‍්‍රාන්තයේ පිහිටුවා ඇති නාසා ආයතනයට අයත් ලෑන්ලි පර්යේෂණ ආයතනයෙදිත් සිදු කෙරෙනවා.

එෆ්-100 වර්ගයේ ජෙට් ප‍්‍රචාලන පද්ධති ඇතුළත් සුපර්සොනික් තාක්ෂණය රැගත් නව ගුවන් යානා අනුරූ, තියුණු වේගයෙන් වායු ධාරා නිකුත් කෙරෙන ප‍්‍රචාලන ක‍්‍රම, විවිධ හැඩ යානා වල්ගා සහිතව එහිදී අත්හදා බලනවා. පරිසරයට හානි නො වන සේ අවම ශබ්ද තරංග නිකුත් කරන පද්ධති හඳුනා ගැනීමයි, මෙහි දී සිදු කෙරෙන්නේ.

මේ පරීක්ෂණ සාර්ථක වුවහොත් කොන්කෝඞ්වලින් පසු ගුවන්ගමන් සඳහා යළිත් සුපර්සොනික් මගී යානා බිහි වනු ඇති.

කොන්කෝඞ් මංගල මගී ගමන සිදු වූයේ 1976 ජනවාරි 21 වැනිදායි. එය එදා සිට ලන්ඩන් හීත්රෝ ගුවන්තොටුපොළේ සිට පැරීසියේ චාල්ස් ඩි ගෝල් ගුවන්තොටුපොළ දක්වාත්, එතැනින් ඇමරිකාවේ නිව්යෝක් හා වොෂින්ටන් නගර දක්වාත් නිරන්තර සේවයේ යෙදුණා.

කොන්කෝඞ් යානයේ ප‍්‍රථම මගී ප‍්‍රවාහන ගමන සිදු වුණේ 1976දියි. 2003 දී අවසන් ගමන් යන තෙක් එය ලන්ඩනයත්, නිව්යෝක් නගරයත් අතර නිතිපතා එහා මෙහා ගියා.

ලන්ඩනයත්, නිව්යෝක් නගරයත් අතර යන එක් ගමනකට පැය තුනහමාරක් ගත වුණා. සාමාන්‍ය උපධ්වනික ජෙට් යානයකට මේ ගමන යන්නට පැය අටක් පමණ ගත වෙනවා.

1986 දී කොන්කෝඞ් යානය ලෝකය වටා සැතැපුම් 28,238ක දුරක් පැය 29කුත් මිනිත්තු 59ක් ඇතුළත පියාසර කිරීමට සමත් වුණා.

2000 ජූලි 25 වැනිදා කොන්කෝඞ් යානයක් ප‍්‍රංශයේ ගොනස් (Gonesse) හී හෝටලයකට කඩා වැටී එහි සිටි සිවු දෙනකු හා යානයේ සියල්ලන් ම මිය ගියා. එය කොන්කෝඞ් යානයක් මුළු කාලයටම මුහුණ දුන් එකම මාරක අනතුරයි. ඉන් වසර තුනකට පසු එය මුළුමනින් ම නවතා දැමුණා. එහි අවසාන මගී ප‍්‍රවාහන පියසැරිය සිදු වූයේ 2003 ඔක්තෝබර් 24 වැනිදා නිව්යෝක්හි සිට ලන්ඩන් දක්වායි.

කොන්කෝඞ් ඉලක්කම් වාර්තා

1976 – මුල්ම මංගල මගී ගමන. 1969 සිට කොන්කෝඞ් පරීක්ෂණ ගමන්වල යෙදුණා.

පැ.සැ. 250 – කොන්කෝඞ්හී ආරම්භක වේගය.

මිලියන 2.5 – කොන්කෝඞ් යානයෙන් ගෙන ගිය මගීන් සංඛ්‍යාව.

අඩි 204 – කොන්කෝඞ් යානයෙහි දිග.

4 – කොන්කෝඞ් යානයේ එන්ජින් ගණන.

28,238 – 1986 නොවැම්බරයේ දී කොන්කෝඞ් යානය ලොව වටා ගමන් අරඹද්දී පියාසර කළ මුළු සැතැපුම් ගණන. මේ එක් ගමනක් සඳහා පැය 29කුත් මිනිත්තු 59ක් ගත වුණා.

Read more: http://www.malkakulu.com


ඇමරිකන් ගුවන් හමුදාව සංවර්ධනය කරල තියෙනවා, මිනිසුන් රහිත නව ඩ්‍රෝන යානා විශේෂයක්. ඒවා අනාගත යුද ගුවන් තලය මහා පෙරළියකට ලක් කරනවා සිකුරුයි.

දෙබරුන් රංචු මෙන් අහසට මුදා හැරිය හැකි ඒවාට ගුවනේ පියාසර කරමින් එක තැන රැඳී ඉන්නත්, මකුළුවන් මෙන් බඩ ගාන්නත්, රහසින් ඕනෑම පුංචි ඉඩකින් රිංගා සතුරා සොයා ගොස් මාරක ප‍්‍රහාරයක් එල්ල කර සතුරා සැණෙකින් විනාශ කරන්නත් පුළුවන්.

ඇමරිකන් ගුවන් හමුදාවේ ගුවන් වාහන පර්යේෂණ අංශය ඔවුන්ගේ මේ නව නිපැයුමේ අනාගත ප‍්‍රවණතා පැහැදිලි කිරීමට පරිගණකයෙන් සජීවීකරණය කළ වීඩියෝවක් නිකුත් කරල තියෙනවා. දුරස්ථව තරංග මගින් පාලනය කළ හැකි මේ පුංචි ස්වයංකී‍්‍රය ගුවන්යානා ඔවුන් විසින් හඳුන්වා ඇත්තේ මයික්‍රො එයාර් වෙහිකල්ස් (MAVs) හෙවත් ක්ෂුද්‍ර ගුවන් යානා කියායි.


‘මේ ක්ෂුද්‍ර ගුවන් යානාවලට අනාගතයේ යුද පිටියේ සුවිශේෂ තැනක් හිමි වේවි. ඒ විතරක් නොවෙයි අනාගත යුද පිටිය තුළ විශාල පෙරළියක් කරාවි.’ එහි කථනයෙන් කියැවෙනවා.

‘නිශ්ශබ්දව, අහසින් රහසින් යමින් මාරක ප‍්‍රහාර එල්ල කරන්න මේ ක්ෂුද්‍ර ගුවන් යානාවලට පුළුවන්. මේවා අනාගත යුද පෙරමුණ ශක්තිමත් කරනු නිසැකයි.’

මිනිසුන් රහිත ඔත්තු පරීක්ෂක ඩ්‍රෝන යානාවල අනාගතය සැදෙන්නේ මේ ක්ෂුද්‍ර ගුවන් යානාවලින්. අහසේ රහසින් පියාසර කළ හැකි, එක තැන රැඳී සිටිය හැකි රෑ සමනළයකුට සමාන ක්ෂුද්‍ර ගුවන් යානයක් ඇමරිකන් ගුවන් හමුදාව දැන් නිපදවා තියෙනවා. මේ ඒ සම්බන්ධව තැනූ වීඩියෝවෙන්.

 

ඇමරිකන් ගුවන් හමුදාව නිකුත් කළ එම වීඩියෝවේ පරවියකු මෙන් ක්ෂුද්‍ර ගුවන් යානයක් විදුලි රැහැනක් මත වසා සිටිමින් ඉන් විදුලි බල ශක්තිය ලබා ගන්නා අතර අවට දසුන් කැමරාවට නඟන අයුරු.

 

මේ ක්ෂුද්‍ර ගුවන් යානයට පාද ඇති නිසා කෘමියකුට මෙන් කුඩා ඉඩකින් ඕනෑම තැනකට බඩගා යා හැකිය.

මෙම නව නිෂ්පාදන ව්‍යාපෘතිය කි‍්‍රයාවට නැංවෙන්නේ ඔහියෝවල ඬේටෝන්හී රයිට්-පැටර්සන් ගුවන් හමුදා කඳවුරේදියි. මේ තොරතුරු හෙළිදරවු වුණේ ‘නැෂනල් ජ්‍යොග‍්‍රෆික්’ සඟරාවේ පළ වූ ලිපියකින්.

ගුවන් හමුදාව කියනවා, ඔවුන් දැනටමත් මේ යානාවක කි‍්‍රයා කරන ආකෘතියක් තනා ඇති බව. දැනට ඒ සඳහා විශාල විදුලි බලයක් වැය වන නිසා එය කි‍්‍රයාත්මක කළ හැක්කේ මිනිත්තු කීපයක් පමණයි. එහි පර්යේෂකයන් කියන්නේ මේ ආකෘතිය හොඳින් වැඩි වේලාවක් ගුවනේ කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය බැටරි තාක්ෂණය දියුණු කිරීම සඳහා තවත් වසර කීපයක් ගත විය හැකි බවයි.

මේ වැඩසටහන ඉක්මනින් මල්ඵල ගැන්වීමට හැකි වෙතැයි ගුවන් හමුදාව බලාපොරොත්තු වෙනවා.

ඔවුන්ගේ ප‍්‍රචාරක වීඩියෝව ආරම්භ වන්නේ මේ කුඩා ඩ්‍රෝන යානා පොකුරක් අහස් යානයකින් මුදා හරින අයුරු පෙන්වමින්.

ඒ කුඩා ඩ්‍රෝන රංචුව ඉහළ අහසේ එකට පෙළ ගැසෙමින් එහි ඇති කැමරා යොදා ගෙන පහළ ඇති යුදපිටියේ සමස්ත රූපය තනි විශාල පින්තුරයක් ලෙස පහළ ඇති පාලක මැදිරියකට ලබා දෙනවා.

‘මේ දත්ත එම යානාවලින් එසැණ ලබා දෙන නිසා සමස්ත පින්තූරය දෙස බලා පාලක මැදිරියේ ඉන්නා අයට අවශ්‍ය තීරණ ගැනීමට මග සලසා දෙනවා පමණක් නොව යුද බිමේ වෙනත් තැනක ඉන්නා අයකුට ද සතුරාට මුහුණදීමට හොඳින් සූදානම් වීමට මග පෙන්වා දෙනවා.’ ගුවන් හමුදාව කියනවා.

ඒ වීඩියෝවෙන් දැක්වෙනවා, ඒ ක්ෂුද්‍ර යානයක් නො සිතූ ඉලක්කයක් සොයා ගොස් එහි සිටි අයකුට රහසින් මාරක පහරක් එල්ල කර වෙඩික්කාරයකු මරා දමන අයුරු.

 

මේ ඩ්‍රෝන යානා මගින් රසායනික අවි, පුපුරන හෝ ගිනි ගන්නා ද්‍රව්‍ය අවශ්‍ය ඕනෑම ඉලක්කයකට නිවැරදිව යවා මරු පහරක් සතුරාට එල්ල කළ හැකියි.

ගුවන්යානයකින් අහසේ දී මේ ක්ෂුද්‍ර ඩ්‍රෝන යානා මුදා හළ විට ඒවාට කෘමීන් මෙන් තටු සලා පියාසර කළ හැකියි. ගුවන් යානයක් සේ පියාසර නො කර මෙසේ තටු සැලීම නිසා ඒවා තටු සලමින් එක තැන රැඳී ඉන්නත් පුළුවන්.

අහසේ රහසින් පියාසර කළ හැකි, එක තැන රැඳී සිටිය හැකි රෑ සමනළයකුට සමාන ක්ෂුද්‍ර ගුවන් යානයක් ඇමරිකන් ගුවන් හමුදාව දැන් නිපදවා තියෙනවා. ‘නැෂනල් ජ්‍යොග‍්‍රෆික් සඟරාව කියන විදියට එයට තත්පරයකට 30ක වේගයකින් තටු සලන්න පුළුවන්. ඒත් තවමත් වැඩි වේලාවක් පාවිච්චි කළ හැකි බැටරියක් තනා නැති නිසා මිනිත්තු කීපයක් විතරයි, දැනට අහසේ රැඳී සිටන්නට පුළුවන් කම ඇත්තේ.

පරවියකු මෙන් තැනු ක්ෂුද්‍ර ඩ්‍රෝන යානයක් විදුලි රැහැනක් මත හිඳ සිය කැමරාවෙන් අවට ඡායාරූප ගන්නා අයුරු වීඩියෝවෙන් දැක් වුණා.

ගුවන් හමුදා දැන් තාක්ෂණික ක‍්‍රමවේදයන් සකසමින් යනවා, මගතොට ඇති විදුලි රැහැන්වලින් විදුලි බලය ලබා ගනිමින් දින ගණන් සති ගණන් කි‍්‍රයාත්මක විය හැකි ඒවා තනන්නට.

ගුවන් හමුදාවේ වීඩියෝවෙන් පෙන්වනවා, ක්ෂුද්‍ර ඩ්‍රෝන යානයක් අධික ජනගහනයක් ඇති නගරයකට ඉහළ අහසේ සිට ඉලක්කයකට යනවා.

මෙහි ඇති අති දියුණු සංවේදක මගින් මාර්ගය හඳුනා ගෙන ලබා දෙන දර්ශනය අනුව, දුරස්ථව මෙවා හසුරුවන නියමුවන්ට ඒවා බාධක ඇති තැනකින් වුවත් යාමට සැලැස්විය හැකියි. ගොඩනැගිලි තුළට හා ආවරණය වුණු තැන්වලට යන්නට චන්ද්‍රිකා තාක්ෂණයෙන් බැහැ.

අහස් යානයකින් මේ ආකාරයට යුද පිටියකට ඉහළ අහසේ ක්ෂුද්‍ර ඩ්‍රෝන යානා පෙළක් මුදා හැරිය හැකියි. ඒවා අහසේ දී එකට පෙළ ගැසී සමස්ත යුද පිටියේ විශාල පින්තූරයක් පහළ පාලක මැදිරියට ලබා දිය හැකියි.

මේ ක්ෂුද්‍ර ඩ්‍රෝන යානාවලට වැඩි දියුණු කළ මෘදුකාංගයක් යොදා තියෙනවා. ඒ නිසා චන්ද්‍රිකා තාක්ෂණය යොදා නොගෙන තමන්ට ‘පෙනෙන’ අයුරින් මාර්ගය සොයා ගෙන යා හැකියි. මේවා වෙනත් තාක්ෂණික ක‍්‍රමලින් අවුල් කරන්න බැහැ.

විඩියෝවේ දැක්වෙනවා, මෙවැනි යානා තුනක් ගොඩනැගිල්ලක් තුළට යනවා. ඒවා තටු සලමින් රහසින් අහසින් යනු දැකිය හැකියි.

සම්ප‍්‍රදායික ක‍්‍රමවලින් යා නො හැකි ඕනෑම තැනකට මේ නව ක‍්‍රමයෙන් යා හැකියි. එසේ යන එක යානයක් විවෘත ව තිබූ දොරක් ඇතුළෙන් ගොසින් ස්නයිපර් රයිපලයකින් ඉලක්කයක් ගනිමින් සිටි අයකු පෙන්වනවා.

‘අවශ්‍ය විටෙක මේ යානා වෙන වෙනම යොදා ගෙන ඍජු ප‍්‍රහාරයක් එල්ල කරන්නත් පුළුවන්. නැතිනම් මේ මගින් විනාශකාරී රසායන ද්‍රව්‍යයක් සතුරා වෙත යවා මුදා හැර විනාශයක් කළ හැකියි. පුපුරන ද්‍රව්‍ය යවා ඉලක්කයක් පුපුරුවා හැරිය හැකියි.’ වීඩියෝවෙන් කියැවෙනවා.

එහි රූප රාමුවක දැක්වෙනවා, ඒ කුඩා ඩ්‍රෝන යානයක් මිනිසකුට නොදැනෙන්න ඔහු පසුපසින් බලා හිඳ ඔහු ඉලක්කය ගනිද්දීම වෙඩි තබා ඔහු විනාශ කරන හැටි.

මේ මාරක කුඩා ඩ්‍රෝන යානා කි‍්‍රයාත්මක වන හැටි වීඩියෝවෙන් බලන්න.

මේ ක්ෂුද්‍ර ඩ්‍රෝන යානාවලට වැඩි දියුණු කළ මෘදුකාංගයක් යොදා තියෙනවා. ඒ නිසා චන්ද්‍රිකා තාක්ෂණය යොදා නොගෙන තමන්ට ‘පෙනෙන’ අයුරින් මාර්ගය සොයා ගෙන යා හැකියි. මේවා වෙනත් තාක්ෂණික ක‍්‍රමලින් අවුල් කරන්න බැහැ.

Read more: http://www.malkakulu.com


ලෝක ප්‍රකට රථවාහන නිෂ්පාදන සමාගමක් වන හොන්ඩා සමාගම හොන්ඩා ජෙට් යානයක් ලබන වසරේ වෙළෙඳ‍පොළට නිකුත් කිරීමට සූදානම්ව සිටියි.

මෙම ගුවන් යානය සඳහා සහතිකපත් ලබා ගැනීම සඳහා පසුගිය සතියේ ඇමෙරිකාවේ උතුරු කැරොලිනාහි පිහිටි ග්‍රීන්ස් බොරෝහි ජාත්‍යන්තර හොන්ඩා ගුවන් යානා මූලස්ථානයේ දී ගුවන් යානයක් ගුවන්ගත කර ඇත.මෙම ප්‍රථම ගුවන්ගතවීමත් සමග අප ගුවන් යානා වෙළෙඳාම සඳහා සූදානම් බව පවසා ඇත්තේ හොන්ඩා ගුවන් යානා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මිචිමාසා ෆුජිනොයි ය. මෙම ක්‍රියාවලියට අපගේ ඉංජිනේරු තාක්ෂණය සහ නිෂ්පාදන කටයුතු හේතුවෙන් ජාත්‍යන්තරයට අධිතාක්ෂණයෙන් යුතු ජෙට් යානාවක් ඉදිරිපත් කිරීමට හැකි වූ බව පවසා ඇත.

මේ වන විට උතුරු ඇමෙරිකාව සහ යුරෝපීය රටවල් සඳහා මෙම යානා සැපයීම හොන්ඩා වෙළෙඳ ව්‍යාපෘතිය මගින් සිදු කිරීමට කටයුතු සලසා ඇත.මගීන් පස්දෙනකු හට ගමන් කළ හැකි මෙම යානය කිලෝමීටර් 777ක වේගයක් සහිත වන අතර එය මීටර් 13,106ක් ඉහළින් පියාසර කිරීමට හැකියාවක් ඇත.ඩොලර් මිලියන 4.5ක් වන මෙම යානය සඳහා මේ වන විටත් යානා සියයකට ඉල්ලුම් ලැබි ඇති බව වාර්තා වේ


Part 02 CONTRAILS

 

 

උත්සර්ජල වලා  (DISTRAILS)

ගුවන් යානයක් තුනී වලාකුළක් තුලින් ඈදි යන විටක මෙතෙක් විස්තර කළ සංසිද්ධියේ ප්‍රතිවිරුද්ධය සිඳු විය හැකිය.එනම් එන්ජිමෙ උෂ්ණත්වය හෙතුවෙන් වලාකුළෙහි අඩංගු ජල බ්ඳිති නැවත ජල වාෂ්ප බවට පත් විය හැකිය.එහි දි යානය වලාකුළ තුලින් ගිය මාර්ගයේ වලාකුළෙන් තොර උමඟක් වැනි ව්‍යුහයක් නිර්මාණය වේ.Dissipation Trails යන අරුත ඇතිව Distrails යන්නව්‍යවහාරයට එක් වි ඇත.

123

 

වාෂ්පවලාවල කාළගුණික බලපෑම්

ගුවන් යානයක් ගමන් කිරීම හෙතුවෙන් හටගන්නා වාෂ්ප වලා තත්පර කිපයක කාලයක පටන් පැය ගනනක් දිගු කාලයක් දක්වා වුව අහසේ නොමැකි පැවතිමට පුලුවන.රඳා පවතින කාලය තීරනය වන්නෙ වායුගෝලීය තෙතමනය සහ සුළං තත්වය අනුව ය.වායුගොලය තෙතමනයෙන් සංතෘප්ත වීමට ආසන්න නම් මෙවැනි වාෂ්ප වලා දිගු කාලයක් නොමැකි පැවතිය හැකි ය.අනෙක් අතට වායුගෝලය වියලි නම් වාෂ්ප වලාව අවට වායුගෝලයෙන් ඉක්මණිම් ම වියැකි යයි. ගුවන් ගමන් බහුල අහසක දිගු කාලයක් පුරා මෙවැනි වාෂ්ප වලා ගනනාවක් පවතින විට ඒවා එක් ව පුළුල් වලා ආවරණයක් ලෙස හැසිරෙයි.වායුගෝලයේ උෂ්නත්වය ඉහල නැංවිමට මේ වලාකුළු ආවරණය ද්‍රායක වන බව සොයගෙන තිබේ.  එය සිඳුවන්නෙ පොළොවෙන් අභ්‍යාවකාශයට විකිරණය කරනු ලබන දිඟු තරංග මෙකි වෂ්ප වලා වලින් උරාගෙන රඳවා තබා ගන්නා බැවිනි.එසෙ රඳවාගන්නා වේගය මේකි වාෂ්ප වලා මත පතිත වන සූර්ය කිරණ පරාවර්ථනය කරන වේගයට වඩා අධ්ක ය.එබැවින් එහි අවසන් ප්‍රතිඵලය වන්නෙ වායුගෝලයෙ උෂ්නත්වය ඉහල යෑමය.අනෙක් අතට මෙකි වලාකුළු සමාන්‍ය වලාකුළු එක් රැස් විමක් ද සමග (ඊට අමතරව) සකස් විණී නම් හිරු රැස් පොළොවට වැටීම වැළකී භූමියේ උණුසුම පහළ යෑමට ද ඉඩ ඇත.

345

 

මෙසේ උෂ්ණත්වය ඉහල නැංවිමකට වැඩි ම ද්‍රායකත්වයක් සපයන්නේ රාත්‍රී කාලයේ ගමන් කරන ගුවන් යානා මගින් නිකුත් වන වාෂ්ප වලා වලින් බව ද අනාවරණය වී තිබේ.එනම් දිවා කාලයේ අද්‍රළ ද්‍රයකත්වය සියයට 25ක් වන කල රාත්‍රී කාලයේ ද්‍රයකත්වය සියයට 60-80 වෑනි අගයකි.

 

 

AIRFIELD PROCEDURE

Posted: September 10, 2014 in ෴ගගන දැණුම෴

UNIT-01

GROUND HANDLING AND SAFETY 

02 TOWING AIRCRAFT

TY-TB-FTD

MOVEMENT OF LARGE AIRCRAFT IS ACCOMPLISHES BY TOWING WITH A TOW TRACTOR CALLED A MULE OR TUG. SMALL AIR-CRAFT MOVING IS ACCOMPLISHED BY HAND PUSHING ON CERTAIN AREAS OF THE AIRCRAFT SURFACE.WHEN TOWING AIRCRAFT PROPER TOW BAR MUST BE USED.

WHEN TOWING LARGE AIRCRAFT ,TOWING BAR DESIGNED FOR THE PURPOSE IS ATTACHED TO THE AIRCRAFT,AND THE OPERATOR OF THE TOWING VEHICLE MUST BE IN CONSTANT COMMUNICATION WITH OPERATOR OF THE AIRCRAFT IN THE COCK-PIT.

ALL PERSONAL INVOLVED IN TOWING OPERATION MUST BE ALERT.WHEN AIRCRAFT IS STOPPED.THE MAN IN THE COCK-PIT SHOULD COORDINATE THE USE OF AIRCRAFT BRAKES WITH THOSE OF TOWING VEHICLE.

DURING TOWING OF AIRCRAFT,MAKE SURE FOLLOWING PRECAUTION ARE FOLLOWED.

TBL 600x-thumb-448x336-104585

(i) When a SMALL AIRCRAFT  is being moved manually,care must be taken to apply HAND PRESSURE to the Aircraft on those areas.that have structural strength sufficient to with-stand the pressure without damage.

(ii) The towing vehicle is responsible for operating his vehicle in a safe manner and obeying emergency stop instruction given by any team member.

(iii) The person in charge should assign team personnel as wing walkers,.A wing walker should be stationed at each wingtip in such a position,that he can ensure adequate clearance of any obstruction in the path of the aircraft.A tail walker should be assigned,when sharp turns are to made.or when the aircraft is to be backed into position.

(iv) A qualified person should occupy the pilot’s seat of the towed aircraft to observe and operate the brake as required,when necessary ,another qualified person is stationed to watch and maintain aircraft hydraulic system pressure.

(v) The person in charge of the towing operation should verify that,on aircraft with a steerable nose wheel,the locking scissors are set to full swivel for towing.the locking device must be reset after the tow bar has been removed from the aircraft.persons stationed in the aircraft should not attempt to steer or turn the nose wheel,when the tow bar is attached to the aircraft.

(vi) under no circumstances,should anyone be permitted to walk or ride between the nose wheel of an aircraft and the towing vehicle,nor ride on the outside of a moving aircraft or on the towing vehicle.in the interest of safety,no attempt to board or leave a moving aircraft or towing vehicle should be permitted.

(vii) The towing speed of the aircraft should not exceed that of the walking team members.The aircraft engines usually aren’t operate when the aircraft is being towed into position.

(viii) The aircraft brake system should be charged before each towing operation.Aircraft with faulty brakes should be towed into position,only for repair of brake system and then only with personal standing -by,ready with chocks for emergency use.chocks must be immediately available in case of an emergency throughout any towing operating.

(ix) To avoid possible personal injury and aircraft damage during towing operations,entrance doors should be closed,ladders retracted,and gear down locks installed.

(x) prior to towing any aircraft,check all tires and landing gear struts for proper inflation.

(xi) when moving aircraft,do not start and stop suddenly.For added safety,aircraft brakes must never be applied during towing,except in emergencies,and then only upon command by one of the tow team members.

t3

 

 

AIRFIELD PROCEDURE

Posted: September 10, 2014 in ෴ගගන දැණුම෴

UNIT-01

GROUND HANDLING AND SAFETY 

For specific operation,applicable to a particular Aircraft,refer appropriate service manual

SAFETY PRECAUTION

 

a.GENERAL

(01)  USE PROPER EYE AND EAR PROTECTION,ALSO PROPER DRESS,FOR THE JOB BEING PERFORMED

(02) TECHNICIAN SHOULD ONLY OPERATE EQUIPMENT WITH WHICH THEY ARE FAMILIAR AND CAN OPERATE SAFELY.

(03) HAND TOOLS SHOULD BE KEPT IN PROPER WORKING ORDER.

(04) TECHNICIAN SHOULD KNOW THE LOCATION OF FIRST AID AND EMERGENCY EQUIPMENT.

(05) HIGHEST STANDARD OF ORDERLY WORK ARRANGEMENTS AND CLEANLINESS SHOULD BE OBSERVED,WHILE MAINTAINING AN AIRCRAFT.

(06) GOOD HOUSE KEEPING IN HANGERS.SHOPS,AND ON THE FLIGHT LINE IS ESSENTIAL.

(07) POWER CORD AND AIR HOSES SHOULD BE STRAIGHTENED,COILED AND PROPERLY STORED.WHEN NOT IN USE.

(08) OIL,GREASE AND OTHER SUBSTANCES SPILLED ON THE HANGER OR SHOP FLOORS SHOULD BE IMMEDIATELY CLEANED OR COVERED WITH AN ABSORBENT MATERIAL,TO PREVENT FIRE OR PERSONAL INJURY.

(09) DRIP TRAYS SHOULD BE PLACED BENEATH ENGINES AND ENGINE PARTS, WHENEVER DRIPPING EXISTS.

 

UNDER NO CIRCUMSTANCE SHOULD OIL OR CLEANING FLUID BE EMPTIED IN TO FLOOR DRAINS. 

(10) WELDING SHOULD ONLY BE PERFORMED IN DESIGNED AREAS UNDER A CONTROLLED ENVIRONMENT.

b. COMPRESSED-GAS SAFETY  

COMPRESSED GASES ARE USED IN THE MAINTENANCE AND SERVICING OF AIRCRAFT.

(01) HANDLE COMPRESSED GASES CYLINDERS CAREFULLY

(02) ALWAYS USE SAFETY GLASSES,WHEN HANDLING AND USING COMPRESSED GASES.

(03) NEVER USE ,A CYLINDER THAT CANNOT BE POSITIVELY IDENTIFIED.

(04) WHEN STORING OR MOVING A CYLINDER,HAVE THE CAP SECURELY IN PLACE TO PROTECT THAT VALVE STEM.

(05) WHEN LARGE CYLINDERS ARE MOVED,STRAP THEM TO A PROPERLY DESIGNED WHEEL CART TO ENSURE STABILITY.

(06) USE APPROPRIATE REGULATOR.

(07)  NEVER DIRECT COMPRESSED GAS OR AIR AT A PERSON.

C.FLIGHT-LINE SAFETY

AIRCRAFT SERVICE PERSONAL SHOULD DEVELOP THE FOLLOWING SAFETY HABITS.

(01) TREAT ALL PROPELLERS AS THOUGH THE IGNITION SWITCH ARE ”ON”

(02) CHOCK AIR PLANE WHEELS,BEFORE WORKING AROUND THE AIRCRAFT.

(03) USE WHEEL CHOCKS AND PARKING BRAKES,BEFORE STARTING ENGINES.

(04) ATTACH PULL ROPES TO PULL CHOCKS FROM WHEELS,CLOSE TO ROTATING PROPELLERS OR ROTOR BLADES.

(05) BEFORE MOVING A PROPELLER, OR CONNECTING AN EXTERNAL POWER SOURCE TO AN AIRCRAFT,BE SURE THAT THE AIRCRAFT IS *CHOCKED * MIXTURE IS IN IDLE CUT-OFF POSITION AND ALL EQUIPMENT AND PERSONAL ARE CLEAR OF THE PROPELLER OR ROTOR.

(06) WHEN REMOVING AN EXTERNAL POWER SOURCE FROM AN AIRCRAFT,KEEP THE EQUIPMENT AND YOUR-SELF CLEAR OF THE PROPELLER OR ROTOR.

(07) ALWAYS STAY CLEAR OF THE PROPELLER BLADE PATH OR ROTOR,WHEN MOVING THE PROPELLER OR WHEN THE ENGINES ARE WARM.

(08) CARE SHOULD BE TAKEN TO ENSURE,THAT THE RUN-UP AREA IS CLEAR OF ALL ITEMS,SUCH AS NUTS,BOLTS ROCKS,RAGS OR OTHER LOOSE DEBRIS

 

fig_11_17

To be continue


In 1947 first commercial jet transport started 

The jet engine which was in it’s infancy at the end of the war was the main factor for the vary rapid development of aviation.To put it simply it took 40 years form getting off the ground to the advent of the jet engine,and then 15 years later to take man in to space,and in another 10 years to put on  the moon.Days of the magnificent man in there flying machine unfortunately gone.It is unfortunate because flying then was an adventure.It was fun,it was dangerous ,and those that flew were looked upon either as rich fools,or brave man.To fly those airplanes.one had to be a ‘born pilot’ – one with a high aptitude to flying.He had to rely on his feelings ,on his ability to react quickly and to make decisions.He had to do all this by himself.He had to assistance,he had to decision making information.All he had was speed indicator and two or three other very basic instruments.

Today’s aircraft are highly complicated,computer controlled monsters that can carry over 500 passengers over half way across the world in a single day with probably one step.It will require only two pilots to fly this aircraft,compared to flight crew of 4-6 person a few years back.

Height is another important factor.Earlier piston engine aircraft like the supper constellation that flew from Landon to Australia via Colombo,flew at low heights.As you know the pressure drops with altitude and above 10,000 feet passenger need oxygen,and amount of air is insufficient for the engines.To overcome this,the cabin was pressurized  and the engines supercharged.But the today’s aircraft fly at 30,000 feet and attempts are being made to go higher.

Weather is very important factor in aviation.Forecasting weather was perfected during world war II when it become very important to have good weather for certain operation.For instance the dam Busters could not do there job unless they had good weather.In civil aviation,one can not delay passenger flights until you had good weather pilots had to fly in all weather and especially had to land in bad weather.To overcome weather related problems we got good instrumentation ,navigation equipment,and later automatic landing systems were introduce.

with the number of  aircraft fly in world today. especially in developed locations in Europe and USA and Asia,the chance of the collision is very great. To overcome an Air traffic control system ,and airways have been established no longer can aircraft be flown as pilots want to.They are controlled by Air traffic and they are asked to fly along airways – very similar to the highways.

Air traffic control is very much part of aviation and their duty.like police man on the road,to guide and control aircraft in the air.They should separate aircraft by height as much as cars our separate by distance apart .they should arrange to get aircraft descent,whilst other aircraft are climbing.They may have to  stack aircraft over airports and get them down one by one.They are also require to help pilots in difficulties in navigation or having technical troubles.Today all air traffic message are tape recorded so that it can be replayed in case of accident on complaint.

Engineers play vital role in aviation.It is they that designed the aircraft.they consider what it roles should be,how many passengers,how much cargo and what distance should it go .They then design the aircraft using the lightest materials with the required strength .Even proud saved is a proud earning revenue every day.They must select the best,economical engines,which are also designed and built by engineers.It is the skill of the engineers that will make an aircraft profitable or not.

Other than the design engineers,Who manufacture the aircraft ,Aviation needs the services of regular and this process should continue until death.It is very necessary that all those who wish to make aviation their career should undergo proper training,the proper acquisition of the aviation knowledge and practice.

AVIATION IS THE ONE OF FASTEST GROWING,AND THE MOST PROMISING OF PROFESSION TO TODAY.THERE IS A WORLDWIDE SHORTAGE OF PILOTS AND ENGINEERS,AND THESE POSTS ARE VERY HIGHLY PAID.YOU CAN ACHIEVE THESE HIGH STANDARDS ONLY BY HARD WORK AND PERSEVERANCE  


කළු පෙට්ටිය(පියාසර දත්ත ගබඩා උපකරණය) Part 02

ශබ්ද පටිගත වන ආකාරය 

බොහෝ චූම්බකිත පටිගත කිරීමේ  උපකරණ වල සැම විටම අවසන් පැය භාගයක් තුල නිකුත් වූ ශබ්ද ගබඩා වි ඇත.එනම් සැම පැය භාගයකට වරක් එහි ඇති දත්ත අලුත් දත්ත මගින් විස්ථාපනය වීම ඇරබේ.ඩිජිටල් උපකරණ වල මෙය සිදුවන්නේ පැය 2කට වරක් බැගිනි.

අනතුරකින් පසුවත් විනාශ නොවන කොටස්

ගුවන් යානයක් කඩා වැටීමෙන් පසු කළු පෙට්ටි ද්විත්වයෙන් මුලුමනිම්ම අලාභහානි නොවී ඉතුරු වන්නේ (ඒවායේ පත්තලට සවිකර ඇති විශාල සවිමත් සිලින්ඩරය හේතුවෙනි) එතුල රුවා ඇති මතක පුවරු පමණි.සෙසු අභ්‍යන්තර හා සියලු භාහිර කොටස් බොහෝවිට කැඩී බිදී යයි.සිලින්ඩරාකාර කොටස අධි තාපයට (ගිනිගැනීම්),ප්‍රභල ඝට්ටනවලට ,ටොන් ගණනක පීඩනයට ඔරොත්තු දෙන පරිදි තනා ඇත.

මේ සඳහා අදාල ආවරණය ස්තර 3කින් යුතුව නිමවා තිබේ.ඇතුළතින්ම ඇත්තේ මතක පුවරුවලට  ආවරණය සපයන තුනී ඇලුමිනියම් වැස්මකි.ඊට පිටතින් ඇත්තේ අඟලක් ඝනකම සිලිකන් වැස්ම මගින් තාප පරිවරණය සලසයි.ඊටත් පිටතින් ඇත්තේ පිඩනයට හා ඝට්ටනයට  ඔරොත්තු දෙන අඟල් කාලක පමණ ඝණකම ඇති වානේ හෝ ටයිටේනියම් අවරනයකි.

ගුවන් යානයක කළු පෙට්ටිය ස්ථාන ගත කර ඇත්තේ කොහි ද ?? 

ගුවන් යානයේ පසුපස කොටසේහිය,(යානයක පසුපස කේතු ආකාර කොටසෙහි) ස්ථානගත කර තිබේ.මෙයට හේතුව ,ගුවන් යානා අනතුරකදී යානයේ පසුපස කොටසට සිදුවන අලාභ හානිය සාපේක්ෂව අඩු බැවිනි.

ඇත්තටම කළුද??

 

flight_recorder_0701

 

air-france-black-box

 

 

 

 

 

 

 

 

 

 

 

 නුතන ගුවන් යානාවල කළු පෙට්ටි දීප්තිමත් තැඹ්ලි පැහැයෙන් වර්ණ ගැන්වා ඇති අතර කහ පැහැති පටි කිපයක්ද එහි මතුපිට දක්නට ලැබේ.ඒ පහසුවෙන් හදුනාගත හැකි වනු පිණිසය.මේවාට ඒකල කළු පෙට්ටිය යන නම භාවිත වුයේ කළු පැහැයෙන් වර්ණ ගන්වා තිබු නිසා හෝ යානයක් ගින්නෙන් දැවුණු පසු ඉතිරි වන අගුරු කළු පැහැය  සංකේතවත් කරන්නට යැයි මතයක් පවතී.මිට අමතරව මිනිස් කනට නෑසෙන උපකරණයකින් පමණක් ග්‍රහණය කරගත  හැකි අධි ධ්වනි ස්පන්ද නිකුත් කරන කුඩා සිලින්ඩරාකාර උපකරණයක්ද මෙහි සවිකර තිබේ.ඒ අසල ඇති සංවේදකයක් හා ජලය ස්පර්ශ වු විට මේ උපකරණය ධ්වනි ස්පන්ද නිකුත් කිරීම අරඹයි.මෙය සයුරු හෝ ජලාශ හෝ තුලට යානයක් කඩා වැටුණු පසු කළු පෙට්ටිය සොයා ගැනීමට උපකාරී වේ.

ඉදිරි කළු පෙට්ටිය ටිකක් වෙනස් ලුනේ

මුලිම්ම මේ පිළිබද ලොවට හෙලිකරේ Malaysian MH-370 ගුවන් යානය අතුරුදහන් වීමෙන් පසුව එහි වූ කළු පෙටිය සහ එම ගුවන් යානය පිලිබදව නිශ්චිත තොරතුරක් අද වන තුරුත් නොලබියමත් සමගයි.ගුවන් යානයක් විනාශ වීමට නම් (කඩා වැටීමට),හේතුසාදක ලෙස පිළිගන්න දත්තයන් හා මේවනතුරු සියලු අනතුරු පිලිබදව සලකා බලා මෙම නව කළු පෙට්ටිය නිර්මාණය කරන බව Boeing ගුවන් සමගම ලොවට හෙළිදරවු කෙරනු  ලැබූ අතර මේ පිළිබද ඉදිරි පරික්ෂණ කටයුතු NASA ආයතනයට හා ඇමෙරිකානු විශ්වවිද්‍යාල කීපයකටම පැවරීමට නියමිතව පවතී.

මේ පිළිබද කරුණු කීපයක් ලෝකයට හෙළි කර  තිබේ.එනම් මෙතෙක් පැවති පාරම් පාරික කළු පෙට්ටිය නව ලොව භාවිත කරනු ලබන අංග ඔපාංග එකතු කිරීමටත්,දත්ත ගබඩා කල හැකි පරාමිති ප්‍රමාණය තවත් ඉහල නැංවීමට හා  එම පරමිතිවල ප්‍රමිතිය තව තවතවත් ඉහල නැංවීමට අරමුනයි.

තවද ඔව්න් තව දුරටත් කියා තිබුනේ අනතුරක් අදුනා ගත් විගස,ඒ හා සම්බන්ද සියලු දත්ත ගබඩා කර ගත් පසු කළු පෙට්ටි දෙක අහසට විසිවී යාමට ක්‍රමවේදයක් අත්හදා බලන බවයි.එනම් Jet යානයක නියමුවා තම ආසනය යානයෙන්(අනතුරකදී) වෙන්වෙන අයුරටමය.

http://www.cbsnews.com/news/better-technology-to-track-planes-exists-so-why-dont-more-airlines-use-it/