කොසොල් රජු දුටු සිහින 16 ය

Posted: September 11, 2014 in සරණක් සොයා ෴

සතරවන සිහිනය

 

කොසොල් රජතුමා:

”භාග්‍යවතුන් වහන්ස,ගල් අදනා ගොනුන් පේළියේ ඉදිරි රථවල ළපටි ගොනුන් බැඳ පසු පස ගැල්වල ජවබල සම්පන්න ශක්ති සම්පන්න ගොනුන් බැඳ තිබුණා.ඉතිං ඉදිරියේ බැඳී ගොනුන්ට ගැල් ඇඳ ගන්න බැරි නිසා ගැල් ටික ඔක්කොම නතර වෙලා තිබුණා.

බුදුන් වහන්සේ:

”මහා රජතුමනි,මේ හිනයෙන් කියවෙන්නේ අනාගත පාලකයෝ අත්දැකීම් තිබෙන බුද්ධිමතුන්ට ඇමතිකම්,නිලතල ආදිය නොදී  ඔවුන්ට විරුද්ධව බාලයන්ට තනතුරු හා වගකීම් දීම නිසා පාලනය අවුල් කරගන්නා බවයි .ඔබට මෙම හිනයෙන් විපතක් වෙන්නේ නැත.මේක අනාගතයේ සිදුවෙන දෙයක්.

 

4

Leave a comment